• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

shiromie-fernando

සොඳුරු ගාන්ධාර්වයා – 02 කොටස

April 17, 2021 by shamilka
Prabath Rajasooriya, shiromie Fernando

අපේ අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා – 02 කොටස

අදින් දශක හතරකට ආසන්න යුගයක අතීතයේ උදැසනකට පියමං කරමු

මේ එක්‌දාස්‌ නමසිය හැත්තෑනවය වසරයි

ශ්‍රී ලාංකික සාමාන්‍ය ශ්‍රාවක රසික දනන් හට තිබෙන එකම විනෝද මාධ්‍යයයි විද්යුත් මාධ්‍යය වූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මකයි

නිවේදක තැනගේ හඩ සවන කර ලංවෙයි මෙසේ

වේලාව උදැසන නවය පසුවි විනාඩි තිහයි

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සිංහල දෙවැනි සේවයයි

මෙතැන් සිට කණ්‌ඩායම් ගී තීරයක්‌

ආරම්භ කරමින් ධර්මරත්න සහෝදරයෝ ගායක කණ්‌ඩායම ගැයූ ගීතයක්‌

එකී විනාඩි පහළොවක තරම් කෙටි කාලයකට සිමා වූ වැඩසටහන එසේ ගුවන් ගත වන තුරු ළමා ශ්‍රාවක අප නොඉවසිල්ලෙන් බලා සිටින්නට හේතුව එයින් ඇසුණු තරමක වෙනස්‌ ආකාරයක සංගීත නාද රටා ඔස්‌සේ හැඩ වැඩ ගැන්වුණු ගීත අසන්නටය

හඩවල් කිහිපයක සම්මිශ්‍රණය
වෙනත් ගුවන් විදුලි සරළ ගීයේ දී නොඇසෙන වාද්‍ය භාන්ඩ
එවයේ දක්‌නට නොමැති රිද්මය

ඒවා කෙරෙහි අප ආකර්ෂනය කරවූ හේතු යෑයි අනුමන කරමි

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ධර්මරත්න බ්‍රදර්ස්‌ නම් එකී කෝකිලයන් කන්ඩායමේ සාමාජිකයන් වූයේ එකම පවුලේ අයියා – මලෝ සහොදරයන් හතරදෙනෙකි

Dharmaratne Brothers

මේ කණ්‌ඩායම එදා ගැයූ ගීතයන්හි පද රචකයා තනු නිර්මාපකයා සංගීත සංයෝජකයා බොහෝ අවස්‌ථාවන්හිදී පාහේ එකම අයෙකු විය

ඔහු මේ සංවාදයේ ද එකී කණ්‌ඩායමේද නියමුවාණෝ වූ එදා රසික දන තුඩග රැව්දුන් මෙල්රෝයි ධර්මරත්න ප්‍රවිණ සංගීතවේදියාණන්ය

මෙතැන් සිට පිළිවෙලින් දිගහැරෙන්නේ ඔහුගේ කථාවයි

අයුබෝවන්

ප්‍රථමයෙන් අපේ මව පිළිබඳව මුලින්ම සඳහන් කළ යුතුය

ස්‌ටෙලා ධර්මරත්න නම් වූ ඇය මෙල්රෝයි ධර්මරත්න නම් ගායකයා සිංහල ගීත ක්‍ෂේත්‍රයට බිහිකරන්නට උරදුන් මහා බලවේගය ඇය බව ගෞරව පූර්වකව පළමුව සඳහන් කරමි

මාගේ ළමාවිය ගතවුයේ අප එකල දිවිගෙවු කොළඹ නගරයේම කොටසක්‌ වූ කොටහේන ප්‍රදේශයේය

අපේ පවුලේ සහෝදර සහෝදරියන් සයදෙනෙකු වූ අතර දෙටු සොයුරියන් දෙදෙනෙකුද දෙටු සොයුරන් තිදෙනෙකුට පසුව පවුලට එකතුවුනු අවසන් සාමාජිකයා වුයේ මා ය

Melroy Dharmaratne

අප පවුලේ වැඩිමහල් සමාජිකයා ක්‍රිස්‌ටි ය ඔහු හා මා අතර වයස්‌ පරතරය වසර නවයක්‌ පමණය දෙවැන්නිය දැන් අප අතර නැති ස්‌විටීය

අපේ කණ්‌ඩායමට සම්බන්ධ ළමා ගායිකාව ශිරෝමි ප්‍රනාන්දු ඇයගේ එකම දියණියයි

Shiromie Fernando
Shiromie Fernando

තෙවැන්නා මැක්‌ස්‌වෙල් ය ඔබට අතරින් පතර ඇසෙන අපේ කන්ඩායමේ ඒකල ගී හඩ ඔහුගේය තවද අපගේ නිර්මාණ අතර හමුවන වැහිදාක ගගණෝදරේ මතුවූ රිදී ඉරේ නමින් ඇරඹෙන එකම තනි ගීතයේ හඩ මුසුව ඔහු විසිනි අපේ සතරවැන්නිය වූ ෂර්ලි අප්‍රසිද්ධය ඇය කන්ඩායමේ උපතට ත් පෙර සමනල් වියේදී දෙව් මව් තුරුලේ සැතපුනේ 1964 තරම් ඈත කාලයකදීය මට ආසන්න වයසේ පස්‌වැනි සාමාජිකයා වැඩිමහඵ සහෝදර රොනල්ඩ් ද අප හැර ගොසිනි

ස්‌විටි අක්‌කා සහ ඇගේ සැමියා ජා ඇළ ප්‍රදේශයේ වෙසෙද්දී දියණිය වූ පෙර පාසල් වියේ ශිරෝමි හැදුනේ වැඩුනේ ද විසුවේ ද කොටහේනේ අපේ නිවසේය

මා හා රොනල්ඩ් අයියා ද අපේ මව ද සමග ඇය ද හරි හරියට ගීත ගයන්නට පුරුදුව සිටියේය

මා ඇතුඵ පිරිමි සාමාජිකයන් අකුරු කලේ අපේ නිවසට යාබදව පිහිටා තිබුනු කොටහේන ශාන්ත බෙනඩික්‌ට්‌ විදුහලේය

එහිදී මගේ කලා කටයුතුවලට ලැබුනේ අපරිමිත සහයකි කළඑළියකි

සිංහල සිනමාවේ අමරණිය රංගනශිල්පී නැසිගිය විජය කුමාරණතුංගයන් අපේ පංතියේය එමෙන්ම රවින්ද්‍ර රන්දෙණිය රොබින් ප්‍රනාන්දු යන මේ දෙදෙනා මට වසරකින් දෙකකින් ඉහල පංතිවල අකුරු කළහ

Vijaya Kumaranatunga
Ravindra Randeniya
Robin Fernando

අදට වඩා එකල නිතර සංගීත උළෙලවල් සැඳැ සාද දක්‌නට තිබුණු බව කිවයුතුයි සංගීතයට ගීයට මහත් සේ පෙම්කළ ඈ නිවසේ තිබුනු හාර්මෝනියම් වාද්‍ය භාන්ඩය වාදනය කරමින් නිතර ගායනයේ යෙදුනු අතර පවුලේ බඩපිස්‌සා වු මාද රොනල්ඩ් අයියා ද පවුලේ හා අසල්වැසි සාදයන් ගී ගැයිමට ද ඊට අමතරව පාසලේ නිතර පැවති සියඵ කලා කටයුතු වලටද යොමුකරවන ලද්දේ ඇයගේ මැදිහත්වීමෙනි

පාසලේ පහළ පංති වලදී ජම් රිව්ස්‌ හා වෙනත් බටහිර ගායකයන්ගේ ජනප්‍රිය ගීතයන්ට සිංහල වදන් පුරුද්දා ඒවා ගායනා කිරීම එවකට මගේ ප්‍රියතම විනෝදාංශයන් අතරින් එකකි

මුලින් අරුත්සුන් බවකින් යුතුවුවද පසුව කාලයාගේ ඇවෑමෙන් කිසියම් අදහසක්‌ ඇතිවන ලෙසින් ඒවායේ පද රචනා දියුණු තියුණු කරගන්නට සමත් විනි

ක්‍රමයෙන් ඉහල පංතිවලට පිවිසීමේදී මගේ ලේඛණ කලාවද ක්‍රමයෙන් දියුණු වූ අතර පුවත්පත් සගරා ආදියට ලිපි ලිවිමේ නොනිත් ආශවෙන් පෙළෙන්නට වූයෙන් එය කෙසේ කරගනිම්දැයි විමසිල්ලෙන් පසුවිය

ඊට පිවිසීමේ දොරටු විවර කරගැනිමට යතුරු අපේ පවුල තුලින්ම සොයාගන්නට හැකිවුයේ මගේ දෙටු සොයුරියට පින් සිදුවන්නටය

ඇය ඒ අවධියේ සේවය කරනු ලැබුවේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පිහිටා තිබුණු ගුණසේන ආයතනයේය ඔවුන් එවකට දිවයිනේ ප්‍රමුඛතම පුවත්පත් ගණනාවක ප්‍රකාශකයන් ද විය

ඇයගේ නිර්දේශය හා දැන හැඳිනගැනීමෙන් ඵල ප්‍රයෝජන ලබාගත් මා එයින් පළකෙරුණු සවස පුවත්පතේ කර්තෘධූරය දැරු වෙ වි අබයගුණවර්ධන මහතා ගේ අනුදැනුම මත ඊට ලිපි සපයන්නට පටන් ගත් අතර ඒවා බොහොමයක්‌ විදේශ සඟරාවන්ගෙන් උපුටාගෙන මා විසින්ම සිංහලට පරිවර්තනය කරගත් ඒවාය

එහිම පළකෙරුණු විසිතුර සිනමාකලා සගරාවේ කර්තෘත්වය දැරු ආතර් යු අමරසේනයන් ගේ අණුදැනුම මත එහිද මගේ ලිපි පළකරන ලදී

නමුත් මෙහිද සඳහන් කළයුතුම කරුණක්‌ වන්නේ මගේ පුවත් පත් කලා චාරිකාවට අත්පොත් තැබු මුල්ම ලිපිය පළකරවාදුන් නැසිගිය ප්‍රවිණ පුවත්පත් කලාවේදී ආරියරත්න කහවිටයන් පිළිබඳව මතකයයි

ඔහු එවකට කේ ගුණරත්නම් නම් දැවැන්ත සිනමා ව්‍යාපාරිකයාගේ රැ නිෂ්පාදකයා යටතේ පාලනය වූ සිනමාස්‌ සමාගම විසින් පළ කෙරුණු කලා සඟරාවේ කර්තෘ ධූරය හොබවමින් සිටියේය

Arthur U.Amarasena
Arthur U.Amarasena
Ariyaratne Kahawita
Ariyaratne Kahawita

ඔහු පිළිබඳව වැඩිමනත් හැඳින්වීමක්‌ කරනු රිසියෙමි එවකට මහත් සේ ජනප්‍රිය ගායිකාවක්‌ ලෙස කටයුතු කල මල්ලිකා කහවිට ශිල්පිණිය ගේ සැමියාණන් ලෙසද එතරම්ම ජනප්‍රසාදයට ලක්‌ව සිටි සිනමා නිළි ස්‌වර්ණා කහවිට ගේ වැඩිමහල් සොයුරාණන් ලෙසද ඔහුව ඔබට හඳුන්වා දෙන්නෙමි

1964 -65 ලෙස මගේ මතකය විසින් දැනුම් දෙන මේ කාලය සිංහල සිනමා – ගීත – නාට්‍ය – සාහිත්‍ය කලාවන්හී ප්‍රබෝධයක්‌ ඇතිවෙමින් තිබුනු අවධියයි

මේ අතරවාරයේ මා කුඩා අවධියේ සිටම පුරුදු පුහුණුකරගත් තනුවට වචන දැමිමේ ශිල්පය වඩාත් හොඳින් ප්‍රගුණකරවාගෙන තිබිණි

එවක 1960 දශකයේ මුල් භාගයේ ජනප්‍රිය පොප් ගායිකා ජොඅන් රීගන් (Joan Regan) ගේ papa he love mama ගීයට සරළ සිංහල පදවැලක්‌ මුසුකරවා ළමා ගීයක්‌ සකසාගෙන තිබු අතර එය පෙර පාසල් වියේ කුඩා ශිරෝමිට පුහුණුකරවමින් තිබිනි

listen well while I tell you a story…  පොඩිකලේ දගකෙරුවාම
of a boy and the girl in the spring…..
at the first flower burst in the glory…..
and i heard every bird start to sing……


papa he love mama…
mama she loves papa….

පොඩිකලේ දගකෙරුවාම
අඩමින් කරදර කෙරුවාම
ඔබ දෑතට අරගෙන මාව
නළවා දොයි දොයි කිව්වා
අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා

නම් ඒ පදවැළ ඇය නිවසේ එහා මෙහා යමින් සුරතල් හඩින් නිතර ගැයුවාය

ඔබට ස්‌තුතියි
ඉතිරි කොටසින් යළි හමුවෙමු…………………(The end of part 02)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

සොඳුරු ගාන්ධර්වයා – 01

April 4, 2021 by shamilka
Prabath Rajasooriya, shiromie Fernando

හෙළයේ මෑත අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා – 01 කොටස

මේ කථාංගයේ ඇරඹුමට අප කොළම් තොට එදත් අදත් ජනාකීර්ණ කලාව – වෙළඳ – අධ්‍යපනික – ආගමික මෙකි සෑම අංශයකින්ම ඉතිහාසයට ගැවී පවතින කොටහේනට පැමිණෙමු

ඒ මෙතැනින් දශක 05 ක එපිටින් යුගයයි කවදත් කොතැනත් දක්‌නට ලැබුනු සාමාන්‍ය පවුලක සාමාජිකයන් සංඛ්‍යාත්මකව අදට වඩා ඉහළ අගයක්‌ ගත් යුගයයි

මේ කථාවට සම්බන්ධ පවුලේ සාමාජිකාවකි එසේම  ඇයට වයසින් බාල වැඩිමහඵ සාමාජිකයන් සතර දෙනෙකු සිටියහ

අප ඔවුන්
ක්‍රිස්‌ටි  –   මැක්‌ස්‌වෙල් –  රොනල්ඩ්  – මෙල්රෝයි නමින් හඳුනාගනිමු

Dharmaratne Brothers

මවුත් ඕගනයේ සිට ඕනෑම වාද්‍ය භාන්ඩයක්‌ වැයීමේ සහජ දක්‍ෂතාවයකින් සපිරි ඔවුහු නිරතුරු ඒ කටයුත්තේ නිරතව සිටියහ

මේ 1967 වසරයි

බටහිර පොප් ගායක කන්ඩායම් අනුකරණය කරමින් මෙහිද වාදක-ගායක කන්ඩායම් බිහිවෙමින් පැවතුණු අතර ඒ වනවිටත් නෙවිල් ප්‍රනාන්දු ගේ ලොස්‌ කැබැයියරෝස්‌ (වෙනත් ලිපියක සඳහන් ව ඇත) ද නොයෙල් බ්‍රයන් රණසිංහ ගේ ලා සිලොනියන්ස්‌ ද කරළියට පැමිණ තිබිනි

Los Caballeros
Los Caballeros
La Ceyloniyans

අප කථා නායකයාණන් ද තම සොයුරන් හා එක්‌ව ගායක කන්ඩායමක්‌ බිහිකරවාගැනීමේ නොනිත් ආශාවකින් පෙඵනි

ඉහත කී කන්ඩායම් හි සාමාජිකයන් එකිනෙකාට ආගන්තුකයන් වූ නමුදු මෙs කන්ඩායම එකම පවුලේ  සොයුරන් වීම විශේෂත්වයකි

ඒ අනුව ශ්‍රී ලංකාවේ පුරෝගාමි පවුලේ ගායක- සංගීත කන්ඩායම වූ ධර්මරත්න සහෝදරයෝ හි උපත සිදුවුයේ මේ ලිපියට මුල්වන ප්‍රවිණ ගායක – ගී පද රචක – සංගීතවේදී – සංගීත සංයෝජක මෙල්රෝයි ධර්මරත්නයන් ගේ මැදිහත් වීමෙනි

ඔහුවූ සිංහල ගීත කලාවේ එක්‌තර පැතිකඩක්‌ ඒ රටාවේ ගීත රසවිඳි රසික කැලක්‌ කලෙක වර්ණවත් කරනු ලැබුවේ එහි නායකයා ලෙස කටයුතු කල මෙල්රෝයි ධර්මරත්න සංගීතවේදියාගේ ම අපූර්ව සරල පදවැල් හා නාදරටා ගැබ්වුනු ගීතාවලියකිනි

රසිකයා වෙතට සමිපවන්නට තිබුනු එකම විදු මාධ්‍යය වූ ද ගීත කලා ශිල්පීන් හා එහි ශ්‍රවකයන් අතර වැජඹුණු  සර්ව බලධාරියා වූද රජයේ ගුවන් විදුලියේ සිංහල සේවාවන් මගින් ඔවුන්ගේ ගායන රටාව වූ කන්ඩායම් ගීත කලාවට ලැබුනු අනුග්‍රහය අවම වූ සමයකදී එහි ඉංග්‍රිසි සේවයේ ප්‍රවිණ නිවේදක විජය කොරයා ගේ කාරුණික අනුග්‍රහය යටතේ එහිදී ඔවුන්ගේ ඇතැම් නිර්මාණ ශ්‍රාවකයා වෙතට ගෙන යන්නට සමත්විය

Vijaya Corea

එයින් පසුව ඊට තිබුනු එකම විකල්පය වූ 45 වේග යේ වෙළඳ ගී තැටි කලාවේ පුරෝගාමි පැට්‍රික්‌ කොරේරා රසවතා රැ ව්‍යාපාරිකයා ගේ මෙහෙයවිම යටතේ ගෞරී කෝපරේෂ්න් ආයතනයේ පිලිප්ස්‌ වෙළඳ ලේබලයෙන්  තම නිර්මාණ එළි දැක්‌වූහ

රාජ කුමාරි මල්සර දෝණි…….
අව්ව පායලා……
ප්‍රියංගිකා මගේ…….
වැස්‌ස වහිනවා….
අපි සහෝදරයෝ හතරදෙනා….
රොමියෝ මමයි……
වාසිටි කොල්ලෝ…..
කලකට පෙර මේ බෙත්ලෙහෙමේ (නත්තල් බැති ගීය)
මෙන්න අපේ සුහද පැතුම් (උපන්දින සුබ පැතුම් ගීය)

කඳුකරේ පෙම් කථන්දරේ…….

ඉන් මතකයෙන් නොගිළිහෙන නිර්මාණයන්ය

70 දශකයේදී සිංහල පොප් ශෛලියේ හිනිපෙත්තේ ක්‌ලැරන්ස්‌ ඇතුඵ කන්ඩායම හා කරට කර සිටිමින් දිවයිනේ සංගීත සංදර්ශණයන්ට සහභාගි වෙමින් තම රසිකයා ගීයෙන් වසග කල ඔවුහු

කන්ඩායම් සංගීතයේ අවරගිර හමුවේ 80 දශකයේ දී ක්‍රමයෙන් විසිර ගියද අප කථානයකයන්ගේ ගී යාත්‍රාව හැල්මේ නිසොල්මනේ පැදවිණි

තම දෙටු සොයුරියගේ කුඩා දියණියගේ ගායන හැකියාවන් ඔප්නංවාලු මෙල්රෝයි ඇය වෙනුවෙන් විශේෂ කර්ත්‍යයක්‌ ඉටු කරනු ලැබ සිංහල ගීතාවලියේ මෑත ඉතිහාසයේ ප්‍රථම පොප් ළමා ගායිකාව බිහිවිය

ඇය 70 දශකයේ ගී රසික ඔබ අප හොඳින්ම හඳුනන ශීරෝමි ය

ශිරෝමි ප්‍රනාන්දුය

Shiromie Fernando

එකොළොස්‌ හැවිරිදි වියේ දී පටන් සුරතල් ළෙලවන හඩකින් තම වයස්‌ කාන්ඩයේ සිට ඉහළට සෑම තරාතිරමක රසිකයන් නැළවු ඇය ගැයු ගීතයන්හි එකක්‌ දෙකක්‌ හැර සියඵම පද රචනාවන්ද තනුරටා ද සංගීත සංයෝජනයන් රැ අධ්‍යක්‍ෂණයන්ය මෙල්රෝයිගේය

ඒවා අතිශය සරළ පදරචනාය ළමා මනස ළමා සිතුවිලි ඔස්‌සේ ගැඹුරට කිමිදී ඔවුන්ගේ ලෝකයේ විචිත්‍රත්වය ඔවුන්ගේ හඩින් කියා පෑ ගී පදවැල්ය

එදාමෙදා තුර දසදහස්‌ සංඛ්‍යාත ළමා සේනාවන් පිනවූ
පොඩිකාලේ දගකෙරුවාම / කොන්ද නමාගෙන

බළල් හාමිනේ (පුඵන් කොට්‌ට අත්දෙක තබලා)

සකල බුජං කොට කලිසම්

රුවට රුවක්‌ නැත

හඳහාමි සුදු හඳහාමී

ජේසුබබා (උඳුවප් මාසේ සීතල දවසක)

බොරුවට අඩ අඩ (මෙල්රෝයි ධර්මරත්න සමග)

සීයා (කරුංකා ගෙඩියක්‌)

මං දුකින් තමයි ඉන්නේ කවුද

යන මේ ගීත යුග යුග ළමා මුවේ රැව් පිළිරැව් දෙනු ඇත

මීට අමතරව ඇය සිංහල සිනමා ගීතාවලියට දායක වුයේ එහි ගීත දෙකක්‌ ගායනා කරමිනි

ඒ

ආකාසේ රැස්‌විහිදා ඉරපායා එන්නේ (ආදරේ හිතෙනවා දැක්‌කම – 1972- නීල් රූපසිංහ) – පද රචනය  – කරුණාරත්න අබේසේකර

සංගීත නිර්මාණය – පී එල් ඒ සෝමපාල

හිම කන්දේ (සිකුරුලියා – 1975 – එඩ් ඩී ප්‍රේමරත්න)  – ධර්මසිරි ගමගේ – ක්‌ලැරන්ස්‌ විජේවර්ධන

ඇයගේ ඉහත කී මුල් ගීතපෙළින් පසු තරමක විරාමයකින් පසු 1978 වසරේදි පමණ (Silverline)ලේබලයේ නිකුත්වුණු වෙළඳ තැටියක අඩංගුවූ එයුගයේ ආන්දෝලනාත්මක එහෙත් අපූර්ව ගීතයක පසුබිම් කථාව මෙල්රෝයි ධර්මරත්නයන්ගේ හෙළිකළ අයුරුයි මේ

70 දශකයේ අග භාගයේ එක්‌තරා දවසක කෙනත් පෙරේරා (එවක එනම් 70 දශකයේ සිල්වර්ලයින් නම් ජනප්‍රිය තැටි ලේබලයේ අයිතිකරු)මහත්තයා මගෙන් ඉල්ලා සිටියා ඔහුගේ ආයතනයෙන් නිකුත් කරන්නට නියමිත තැටියකට නිර්මාණකරනයෙන් දායක වන ලෙසට

ඒ අනුව එකි තැටියට (45 වේග ඊ පී තැටියක පැත්තක 02 බැගින් මුඵ ගීත සංඛ්‍යාව 04 කි) අජන්තා රණසිංහයන්ගේ ගීත 02 ක්‌ මා විසින් තනු නිර්මාණය කර සංගීත අධ්‍යක්‍ෂණය කරන්නට නියමිතව සිටියා ඒවා ගැයුවේ මිල්ටන් මල්ලවාරච්චි

01 මේ මැයි ගහ යට

02 රන්මුදු රන්මුදු

ඒ ගීත යුගලයයි

මෙහි දෙවැනි පැත්තේ ගීත 02 ලියුවේ මා විසින් ඒ සඳහා මා ගීත ගායනයෙන් තරමක්‌ ඈත් වී සිටි ශිරෝමිව යොදාගන්නට සිතුවේ ඇයගේ හැකියාවන් මොට නොවී තබාගැනුමටයි ඒ අනුව

01 මං සමණළයෙක්‌ වෙලා

02 අඩන්නෙපා

යුගළය ලියා සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලැබ නිකුත් කරා

මෙහි අඩන්නෙපා ගීතය විශේෂයි ? එහි පදවැළ ?

ඔව් එහි කියෑවෙන්නේ පිළිකාවකින් මියයමින් සිටින කුඩා ළදැරියක්‌ තමාව ජීවත් කරවන්නට නොහැකි බව වටහගෙන ඇගේ ආදරණිය මැණියන් අමතා කරන ආයචනයක්‌

මෙය නිකුත් වූ විගස මහත් සේ ජනප්‍රිය වුනා ඒ වගේම විශාල කැළඹිමක්‌ හට ගත්තා කටකථා පැතිරුනා

ශිරෝමි ඇත්ත වශයෙන්ම රෝගි වීම නිසා එසේ ගීත ගායනයෙන් ඇත් වී සිට දැන් අසාධ්‍යව ඒ ගීතය ගැයුවා යෑයි කථාවක්‌ පැතරෙමින් තිබුනා

පසුව මේ කථාව නිවැරදි කරන්නට ඉදිරිපත් වුනේ ප්‍රවණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහත්තයා

එයා ඒ අවධියේ සේවය කලේ ලංකාදීප පුවත්පතට සම්බන්ධව මා විමසනු ලැබ ඡයාරූප ශිල්පියෙකු ද සමගින් ඔශු ශිරෝමිලාගේ නිවසට පැමිණ ඇය නිරෝගිව වෙසෙන බවත් එය හුදු නිර්මාණයක්‌ පමණක්‌ බවත් දන්වා පුවත්පතේ එකි ඡායාරූපය සමගින් ප්‍රවෘත්තියක්‌ මුල් පිටුවේම පළකරනු ලැබුවා එය රසවත් අත්දැකිමක්‌ ඇත්තෙන්ම

මෙය සත්‍ය සිදුවිමක්‌ පාදක කරගෙන ලියන ලද්දක්‌ වන්නට ඇති ?

නැහැ නැහැ මෙය මාගේ ප්‍රබන්ධයක්‌ පමණයි මේ කාලයේදි මා විසින් තොම්සන් වැන්දබෝනා නම් නවකථාකරුවාණන්ගේ කෘතියක්‌ කියවමින් සිටියා එහි නම

සදා සමරමු සුදු

පිළිකා රෝගයෙන් පිඩා විඳි කුඩා දැරියකගේ අවසන් කාලය පිළිබඳව ගෙතුණු සංවේදී නවකථාවක්‌ වූ එය මගේ සිත කැළඹවනු ලැබුවා

එය ඉහත කී නිර්මාණයේ පසුබිම් කථාවයි

ස්‌තුති පුර්වක ප්‍රණාමය – ප්‍රවිණ සංගීතඥ / ගායන ශිල්පී / ගත් කතුවර / ගී පද රචක මෙල්රෝයි ධර්මරත්න (නායක  – ධර්මරත්න සහෝදරයේ හාර්මනි සංගීත කණ්‌ඩායම)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

බොරුවට අඬ අඬ – ශිරෝමි ප්‍රනාන්දු – මෙල්රෝයි ධර්මරත්න

April 30, 2020 by shamilka
melroy dharmaratne, Prabath Rajasooriya, shiromie Fernando

සිංහල ගීතාවලියේ 70 දශකයේ වෙළඳ තැටි යුගය නියෝජනය කළ අමයුරු ළමා ගී රස කළස – ළමා ගායිකා ශීරෝමි ප්‍රනාන්දු සමග ප්‍රවිණ සංගීතවේදී ශිල්පී මෙල්රෝයි ධර්මරත්න

ගී පද / තනුව / සංගීතය / ගායනය

මෙල්රෝයි ධර්මරත්න – (ධර්මරත්න සහෝදරයෝ ගායක කන්ඩායම – 1966-1974)

————(මුල් පිටපත – 1972)——-

බොරුවට අඩ අඩ – අමිමිට වද දෙන

පුංචි මගේ සුදු දු කුමාරි –

හැමතැන දුව පැන ගේ හැඩි කරවන මගේ සුරතල් සුදු දඟකාරී

වැඩපොළ කර දෙන නෑ බෑ නොකියන – අමිමිගේ තාත්තිගේ දූ කුමරී

මල්ලි හැඩුවම විගහට නළවන – අමිමිගේ තාත්තිගේ දූ කුමරී

————————————

ක්‍රිකටි ක්‍රීඩාවේදී තුන් ඉරියව්වෙන් දස්‌කමි පානා ක්‍රීඩකයන් පිළිබඳව කියැවෙයි ඔවුන් ඒ කන්ඩායමට මෙන්ම ඒ ක්‍රිඩාවටද සමිපතකි

ඒ අයුරින් සංගීත ක්‍ෂේත්‍රයේ තුන් ඉරියවිවෙන් දස්‌කමි පාන්නෝ කවරහූද ?
එවැන්නෝ එකී ක්‍ෂේත්‍රයේ විරළ නොවේද ?

ග්‍රැමෆොaන් ගී යුගයේදී පවා එවැන්නෝ පිළිබඳව සඳහන් නොවන තරමිය
ඔවුහූ පිළිබඳව රසිකයා නිසි ලෙස දැනුවත් වී සිටීද ?

සිංහල සළ රූ ඉතිහාසයේ මුල් යුගයේ හියුගෝ මාස්‌ටර් නමින් හැඳින්වෙන මීගමුවේ හියුගෝ ප්‍රනාන්දු ශිල්පීයා එවන් අනුපමේය දස්‌කමි දැක්‌වූවෙකි

ඔහුට හිමි නිසි ගෞරව බුහුමන නොලබාම කිසිවකු දැනුවත් නොවීම ඔවූශූ ක්‍ෂේත්‍රයට තම දායකත්වය උපරිම අයුරින් දක්‌වා නිහඩවම සමුගෙන ගියේය

60 දශකයට එළඹෙද්දී පසුව එවැන්නෝ යුගළක්‌ ප්‍රකටව හඳුනාගන්නේ හෙළ ගීයේ බටහිර සංගීතය නියෝජනය කළ අපූර්ව මිනිසුන් දෙදෙනෙකි මුල් පුද්ගලයා ක්‌ලැරන්ස්‌ විජේවර්ධනයන්ය
අනික්‌ ශිල්පියා කවරහූද ?

ඔහු එදා මෙන්ම අදද නිහඩ දිවි පෙවෙතක්‌ ගතකරන මෙල්රෝයි ධර්මරත්නයන්ය
තමා විසින් ම ගේය පද පෙළගස්‌වා ඊට ඇවැසි තනු නිර්මාණයෙන් හැඩ ගන්වා ඉන්ද නොනැවති වාද්‍ය භාන්ඩ තෝරා සංගීත සංයෝජනය කරවා යළිත් ස්‌වකීය නිසඟ හැකියාව මොනවට ප්‍රදර්ශනය කරවමින් ඊට තමාගේම හඩ මුසුකරනු ලබයි

ඔවූහු එකී ක්‍ෂෙත්‍රයේ අසිරිමත් මිනිසුන් නොවේ යෑයි කිව හැකි නොවේමය
ඔහුගේ පද රචනා සරළය මටසිලුටුය තනු නිර්මාණ ළගන්නා සුඵය එපමණක්‌ නොව සිංහල ගීය සුමට ලෙස විද්‍යුත්කරණය කරන්නට තරමි සුක්‍ෂමය
——————–

හෙළ සංස්‌කෘතියේ මව – පුතු අවියෝජනීය බැඳීම මෙන්ම පිය – දියණි බන්ධනය අළලා කරනු ලැබු ගී නිර්මාණ අතළොස්‌ස අතරින් එතරමිම ප්‍රකට නොවි වර්තමානයේ සැඟව ගිය නිර්මාණයකි
මෙහි රසිකයන් අතර ළපටි දියණියන්ගේ පියවරුන් ගේ හද කිතිකවා දියණි සෙනෙහස තියුණු කරවන්නට මෙම නිර්මාණය සමත් වනු ඇත

“Stream Original Shiromie songs”

album-art

Konda Namaagena

By Shiromie Fernando, ශිරෝමි ප්‍රනාන්දු, ஷிரோமி பெர்னாண்டோ
Release date: 03-Mar-1971
album-art

Shiromi Does It Again

By Shiromie Fernando, ශිරෝමි ප්‍රනාන්දු, ஷிரோமி பெர்னாண்டோ
Release date: 16-Oct-1971

එදා ඇසුණු ගී – 2018 නොවැම්බර්

~සටහන් පෙළගැස්ම‍~
Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved