• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

prabath-rajasooriya

සරත් දසනායක ගී මධු කුසලානය – 02

July 24, 2022 by shamilka
Prabath Rajasooriya, Sarath Dasanayake

භාරත සලරූ ගී උන්මාදයෙන් ලක් රසිකයන් මුදවා ගැනීමේ පෙළහර පෑ මියැසි වෙදදුරාණෝ – සංගීතවේදී නැසිගිය සරත් දසනායක – (1942-1999)  – 02 වන දිගහැරුම

ආදරණිය ’සරත් අයියා…. මුඵ සිරුරම තනිකරම සංගීතයක්, ඔහු එතරම්ම දක්‍ෂ නිර්මාණකරුවෙකු බව නොපැකිළිව හැමවිටම එක සිතින් මුඵ හදින් කියා සිටිමි.

මා ඇතුඵ අපේ කන්ඩායම වෙළඳ තැටි වෙනුවෙන් ගැයු ගීත ගණනාවකට මෙන්ම ගුවන් විදුලියේදී ගැයු ගීත වෙනුවෙන් ඔහු තැනු තනුවල ද ඒවාට මුසුකලේ සංගීතයෙන්ද නැගුනු මිහිර යුග ගණනාවක් පවතිනවා නිසැකයි.

හොඳ හදවතක් තිබුනු කලාකරුවෙක්. උතුම් ගුණ ඇති විරළ හැකියාවක් තිබු මිනිසෙක්.

’ත‍්‍රී සිස්ටර්ස්’ නායිකා ගායන ශීල්පිනී ඉන්ද‍්‍රානි පෙරේරා මහත්මිය ඔහු පිළීබඳව පැවසු වදන් රැසක් පිඬුකොට පෙර සටහන පිළීයෙළ කරන ලදී.

ඔහු ගේ ස්වාධීන මෝහනීය ගී තනු නිර්මාණ අතර මතුවු සුවිශේෂී ගීතයක් ගයන්නට ශීල්පිනි සුජාතා අත්තනායක වරම් ලද්දීය. සරණබන්ධනයක උත්සවයේ නිමාව සනිටුහන් කරන්නා වු ’මනාලිය’ සිය ආදරණිය දෙමව්පියන් හැරදා ආගන්තුකයෙකු සමග නව දිවි ගමනකට නික්ම යන මොහොතේ ඇයගේ හදතුල නැගෙන සිතුවිලි දහරාව ගී පද වදන් බවට හැරවුයේ අජන්තා රණසිංහ නම් ශූර ගී පද රචකයා විසිනි. එදවස විවහමංගල්‍යඋත්සවයන්හිදී මේ ගීතයේ අනුවාදනය වැයුනු වාර ගණන අතිමහත් විය හැකිය. බොදුනුවන් පෝරුමස්තක විමේ චාරිත‍්‍රයේදී ගැයෙන ආශිර්වාදාත්මක පාලි ස්තෝත‍්‍ර පාඨයන් වූ ’ජයමංගල ගාථා’ නාදමාලාව සියුම්ව කැටිකොට ගත් මෙහි, භාවප‍්‍රකම්පනය ප‍්‍රබලත්වය වඩාත් තිව්ර කරනට ඊට යොදා ඇති වදන් මාලාව හේතුවෙයි. සාම්ප‍්‍රදායික පරිසරයක හැදි වැඩුනු යුවතියකගේ ජීවන රටාව චිත‍්‍රනය කරන එය, එකී උද්වේගකර අවස්ථාවට මුහුණ දෙන ඔ්නෑම ළඳකගේ ළමා – නවයොවුන් වියට අදේශ කල හැකිය. ඒ අනුව ඔවූහූ ඒ මොහොතේ එයින් වඩ වඩාත් සංවේදී වෙද්දී එය ශ‍්‍රවණය කරන ’පියාණන්ගේ’ හැගුම්බර බව ඉන් වඩාත් තිව්ර කරයි.

——

ඉන්ද්රානි පෙරේරා
——-

පුංචි දවස්වල නින්දට යද්දී….

පීතු පාදං නමාමහං කියලා …

වැන්ද දෙපා යළි අදත් වඳින්නම්…

මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි…..

මල් බෝනික්කන් පූසි පැටව් ටික………

පාට ගවුම් පොඩි අද තනි වෙනවා ………..

පියාණෙනී ඔබේ ආසිරි ඉඹ ඉඹ ……

ඉරණම් ගමනක් යන්නට යනවා ………….

පියාණෙනි ඔබේ පුංචි කුමාරිය …

පුංචි මනාලිය වි යන දවසේ …

එපා අඬන්නට එපා අඬන්නට ..

පුංචි ’මුණුපුරෙක්’ කැන්දන් එන්නම්..

මා හෙට දවසේ …………….

දෙසවන පිනායන සරපුවරු වාදන, විද්යුත් ගීටාර් නාදරටා, මෙන්ම සැක්ස්ෆෝන් හඬ සංකලනයන් ඔහුගේ සිනමා සහ වෙළඳ තැටි සහ කැසට් මියැසිය සමන්විතය. එහෙත්, ගුවන් විදුලි ගීතයේදී, සිතාරයේ සහ වයලීන හඬට ඔහු වැඩි ඉඩකඩක් වෙන්කර දෙයි.

ඉන්ද‍්‍රානි පෙරේරා ශිල්පිනිය ඇතුඵ සොයුරියන් විසින් දයානන්ද ජයවර්ධනගේ ’සමන්මලී’ උදෙසා ගැයුනු ’මන්දහාසේ මන්දහාසිනී………’ (ධර්මසිරි ගමගේ)  ද, වෙළඳ තැටියක් උදෙසා ගැයුනු ’ආරධනා පුංචි පුංචි තාරකා’ (උපාලි ධනවල විතාන)  වාද්‍ය සංකලනය ඔවුන් ගුවන් විදුලියේ දී ගැයූ ’කුරුල්ලනේ නුඹලගේ සංතෝසය (කරුණාරත්න අබේසේකර) ගීතයේදී වඩාත් පෙරදිග සංගීත භාවිතාවයට නැඹුරු වෙයි. ’ගුවන් විදුලි වාද්‍ය වෘන්දය’ උදෙසා බාහිර බටහිර වාද්‍ය රසය මුසුකරගනු වස්, ඉන් පරිබාහිර ශීල්පීන් යොදාගැනීමෙන් වැළකි සිටි ඔහු ඒ කටයුත්ත ’ගුවන් විදුලි නිත්‍ය වාද්‍ය වෘන්දය’ ලවාම සිදුකරගැනීමට රිසි වුවා වැන්න. නමුත් එයින් ඔහුගේ නිර්මාණයන්හී රසපූර්ණබවෙහි කිසියම්ම හෝ අඩුවිමක් නැත්තේය.

——-
ත‍්‍රී සිස්ටර්ස් ගායිකාවෝ – 1970 – 1978
———-

1977 වසරේ  සිදුවූ දේශපාලන පෙරළියෙන්, නව අග‍්‍රමාත්‍ය ධූරය හොබවන්නට කලා හිතැති ’ආර් පේ‍්‍රමදාස’ සහෘද ජනනායකයා සමත් වු අතර, ඔහු ලංකා ගුවන් විදුලිය ඔස්සේ ’එල් පී’ ගණයේ ගී තැටියක් නිකුත්කරවා ගන්නට ද උත්සුක විය. එහි ගී නිර්මාණ ගණනාවක් සඳහා ’සරත් දසනායකයන්’ ඇරයුම් ලබන්නේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයෙකු වු ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න’ හා සමගිනි.  තැටියේ පැහැදිලිව එහි ඇතුළත් සියඵ ගී පද රචනා ’ආර් පේ‍්‍රමදාස’ ගේ ලෙස සඳහන්ය. එය නිකුත් වු වහාම, ලංකා ගුවන් විදුලිය තමන් ගේ උදා ගී විකාශනයන් උදෙසා නිතිපතා එහි අඩංගු වු ගී වාදනය කරන්නට තෝරා ගනු ලැබූහ.

01 මිනිසා මිනිසට එරෙහිව එන්නේ ……  සිතුවිලි නපුරට හැරෙන නිසයි …..(පන්ඩිත් අමරදේව)

02 සමණළ මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි …. (ජෝති)

03 පෙරදිග අහසේ පෙරමුණ අරගෙන සිතුවිලි නවහිරු කිරණ නැගේ ….(ජෝති)

04 අහසේ ඇවිද කවදෝ හෝ විඵඹ ගෙවී …. (දයාරත්න රණතුංග)

එහිදී ඔහුගේ තනු නිර්මාණයෙන් හැඩගැන්විනි.

ඔහු එදවස ඔවුන්ට හිතැතිව සමීපව කටයුතු කළේය

ආර් පේ‍්‍රමදාස ශූරීන්ගේ නවකථාවන් වු ’ජීවන කදුඵ’, ’රන්මිණිමුතු’ පසුව සිනමා නිර්මාණ ලෙසින් දොරට වඩිද්දී, ඔහු ඒවා උදෙසා සිය ඉන්ද‍්‍රජාලික තනු මංජුසාව විවර කර, එයින් සිරුවෙන් තෝරාබෙරා ගත් රසපුර්ණත්වයෙන් අනූන ’ගී’ තනු යොදාගත්තේය. පහත සටහන් කර ඇත්තේ “සිතුවිලි” ගී තැටියෙන් මතුව, ගුවන් විදුලි උදා ගීතාවලිය රසගන්වන්නට නිරන්තරයෙන් යොදා ගත් “ජෝති” දෑ අභිමන් ගීයකි.

පෙරදිග අහසේ පෙරමුණ අරගෙන …………….

සිතුවිලි නවහිරු කිරණ නැගේ ….

පෙර රජ දරුවන් ගිය මග යන්නට ….

සැරසෙව් පෙරමග ලකුණු දිගේ …………….

මගේ රට සුරකින ජීවන දහමයි…

වැවයි දාගැබයි ඔබයි මමයි…

රන්කෙත පින්කෙත අතරින් මතුවුන…

ඉසුරු සුගන්ධය දසත හමයි……

1978 දී ශ‍්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයේ සිදුවු පෙරනොවු විරූ පෙරළිය එනම් ’කැසට්’ සංගීතයේ අගමනයෙන් ද පසුව ඔහු විසින් තැනු මහා ගී තනු මන්දිරයේ ඔපය දිනෙන් දින ප‍්‍රබාතයෙන් බැබළීය. ඒ යුගයේ සිට 80 දශකයේ අවසාන යුගය තෙක් බිහිවු දහස් ගනන් කැසට් පට කංචුකයන්හි ’සරත් දසනායක’ නාමය ලියැවි තිබුනු වාර ගණනද සුඵපටු නොවේ.

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ – විජය කුමාරණතුංග (අජන්තා රණසිංහ)

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ – විජය කුමාරණතුංග (අජන්තා රණසිංහ)

නිල්ලතා පුරා – නන්දා මාලිනි (කුලරත්න ආරියවංශ)

චූටි නංගියේ අදින් පසුව අක්කා – නීලා වික‍්‍රමසිංහ (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

සංසාර සාගරේ ජිවිතේ යාත‍්‍රාව – නන්දා මාලිනී – (සුනිල් ආරියරත්න)

දිසාපාමොක් ඇදුරුතුමනී  – ටී එම් ජයරත්න (උපාලි ධනවල විතාන)

ඔරුව වසා වැලි පුරවා එගොඩ ගොඩේ – ටී එම් ජයරත්න (උපාලි ධනවලවිතාන)

හැඩකාරයි මං පොඩිකාලේ – චන්ද‍්‍රානි ගුණවර්ධන (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

රෑ දුරුරට දී හිම වරුසා  – පන්ඩිත් අමරදේව (අජන්තා රණසිංහ)

බොල් වී අහුරු – පන්ඩිත් අමරදේව (අජන්තා රණසිංහ)

උඩවැඩියා මලක් වගේ – සුජාතා අත්තනායක   (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

රන් කුරහන් හේන උඩින්  – නිරංජලා සරෝජිනී (උපාලි ධනවල විතාන)

සරත් දසනායක ස්වාධීන අමයුරු ගී සළකුණ දැරූ අනන්‍යතාවය කිනම් වේද?

හින්දි ගී තනු බිහිවුයේ උත්තර භාරතීය ජන සංගීතයේ ආභාෂය ලබමිනි. ඒවාට පසුව බටහිර සංගීත ශීල්පීය න්‍යයානුකුලව ’හර්මනි’, ’කවුන්ටර් මෙලඩි’ අනුගත කර ’ජනප‍්‍රිය පොප් ගී’ බිහිකරගනු ලැබිය. ලාංකීය ’ආර් ඩී බර්මන්’ ’ලක්‍ෂ්මීකාන්ත් – ප්‍යොරේලාල්’ වූ ’සරත් දසනායක’ යන් සිංහල ජන සංගීතයෙන් සිය නිර්මාණපෙළ පෝෂනය කරගන්නට යෙදුනි.

උක්ත ගී පෙළ අතර සටහන් වූ

’නිල් වන ලන්දේ මල් මකරන්දෙ’් – ’පාට පොදක් තිලකලා’ – ’මුව මදහාසේ සීපද රාවේ’ – ’නිල්ල නගන ස්වර්ණ කිකිණි’ – එවන් නිර්මාණයන් ය.

ඉංග‍්‍රිසි ගී ගයමින් රසික සමාජයේ එක්තරා කොටසකට පමණක් ගී රසය බෙදාදුන් අසමසම ගී හඬකින් පරිපෝෂිත ’ඩැල්රින් ආනෝල්ඩා සූබි’ නම් වූ බර්ගර් ජාතික ගායිකාව සිංහල ශ‍්‍රාවක රසියන් වෙත හඳුන්වාදීමේ ගෞරවය ක්ලැරන්ස් විජේවර්ධනයන් හට හිමිවේ. ඒ 70 දශකයේ මැද භාගයේදීය නමුදු 80 දශකයේ උදාවේදී ඇය සිංහල සංගීතය වෙත පියවර ගණනාවකින් වඩාත් සමීප වී , ජන ගී ආර මතුකල නිර්මාණයන් උදෙසා සිය හඬ මුසුකරද්දී එහි සියඵ ගෞරව බුහුමන හිමිකරදියයුත්තේ සංගීතවේදී සරත් දසානයකයන් හටය.

Sarath Dasanayake
Sarath Dasanayake

’ඔළිඳ කෙළිය’ නාද රටාව සිහිගන්වන මෙහි ඇයගේ බටහිර ආරට හුරු ගී හඬින් එක්කල අපුර්වත්වය කොතරම් වේද?

බාල ගැටිස්සි කැන්දන් යන්න හදනවා……………

තරිකිට………….

දොන්ත බබක්කට ලැජ්ජයි …

දෙන්න දෙයක් නෑ …………….

——————

නිෂ්පාදනය – සිල්වර්ලයින් රේකෝඩ් බාර් 

නිෂ්පාදක – කෙනත් පෙරේරා

ගී පද – අජන්තා රණසිංහ

වසර – 1977 පමන

————————-

70 දශකයේ ගී නිර්මාණකරණයේදී සමකාලීන ගුවන් විදුලි ශිල්පීන් අනුගත වි තිබුනු නව ප‍්‍රවණතාවය වුයේ ’ජන ගී’ ආභාෂය ලබන්නට රිසි විමයි. අදාල විෂය ක්‍ෂේත‍්‍රය පිළිබඳව මනාසේ හදාරා නිර්මාණකරණයේ යෙදුනු සරත් දසනායකයන්ද ඒ අනුව කටයුතු කලා විය හැකියැයි අනුමාන කළ හැකිය. ’පාරු කවි, නෙඵම් කවි, ජසයා ලෙන්චිනා නාඩගම, රබන් ගී ඇතුලත් වෙළඳ තැටියක් උදෙසාද ඔහුගේ දායකත්වය ලැබ තිබුනි. (ලෝටස් එල් පී තැටිය – ෆෝක් සෝන්ග්ස් ඇන්ඩ් රිදම්ස් ඔෆ් ශ‍්‍රී ලංකා)

’ජන ගී ආර’ ප‍්‍රචලිත කරන්නට යෙදී, දේශිය ජන සංගීතය ප‍්‍රවර්ධනය කිරීමේ මෙහෙවරක යෙදුනු ’70 දශකයේ’ ගුවන් විදුලියේ ඒ වෙනුවෙන් විශේෂ සංගීතමය විචිත‍්‍රාංග කිහිපයක් දියත් කර තිබුනි. සී ද එස් කුලතිලකයන්ගේ අර්ථපතීත්වයෙන් දියත් කෙරුණු ’ජන සංගීත පර්යේෂණ ඒකකය’ උදෙසා ’සරත් දසනායක’ ද, දායකත්වය ලබා දුන්නේ එවකට ආධුනික ශීල්පියෙකු වූ ’අබේවර්ධන බාලසූරිය’ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර දීමෙනි. එය පසුව ගී පද රචනා කලාවේ ප‍්‍රවිණත්වය ලද ’කුලරත්න ආරියවංශ’ ගේ කුඵඳුල් ගී සංකල්පනාව විය. ඔහුගේ මෙම අපුර්ව නිර්මාණය පසුව ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සිය ශ‍්‍රාවකයන් වෙත නිකුත් කළ ’සැළලිහිණියෝ’ එල් පී තැටියේ (1976) ඇතුළත් කරන්නට තෝරා ගන්නා ලද්දේය.

’ආදරයෙන් මා හද වට එතෙන ලතා………………….’

’ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා …………………’

’දිගින් දිගට නිල් වරළස මුදන්නියා…………’

’නෙතින් නෙතට ඔමරි බැලුම් හෙළන්නියා………….’

’රුවින් රුවට දිළි නෙත් සිත් බඳින්නියා…..’

’දුරින් දුරට මා සිතගෙන මටත් හොර ඇදෙන්නියා…..’

’පාන්දරින් මල් පිපුනා බඹරු දනී ….’

’සිහින් තුසර පිනි වැටුනා අහස දනී…’

’සෙමෙන් විහග ගී නැගුනා පවන දනී..’

’නුඹට බැඳුනු සිත හන්දා මා විඳි දුක කවුරු දනී….’

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

July 3, 2022 by shamilka
Chitra Somapala, PLA Somapala, Prabath Rajasooriya

යුගයක් සිහිළෙන් තෙත් කළ ගී මල් වරුසා  – 1921-1991 – පේරගස්වත්ත ලියනාරච්චිගේ සෝමපාල 

මින් සත් දශකයකට ද ඉහත යුගයකදී ’ආනන්ද සමරකෝන්’ වාද්‍ය වෘන්දයේ සිතාරය හැඞවු ඔහු ව හොඳින් හැඳිනගත්තේ සංගීත කලාවට රුචි වු වත්මන් වැඩිහිටි පරම්පරාවයි. ඔහු ’පේරගස්වත්ත ලියනආරච්චි ගේ සෝමපාල’ ය. 60-70 දශකයන්හි සිනමා සහ සංගීත ලෝලීන් ගේ හිතවතා වූ ’පී එල් ඒ සෝමපාල’ 50 දශකය එළඹෙද්දී මහ සංගීතවේදී සුනිල් සාන්තයන් ගේ මුල්කාලීන නිර්මාණයක් වූ ’බෝවිටියා දං පලුකං වාරේ….’ ගයන්නට සහය ගායනයෙන් එක්වු දැරිවිය  ’චිත‍්‍රා’ හෙවත් ’මේරි මාග‍්‍රට් පෙරේරා’  තම ජීවන සහකාරිය බවට පත් කරගැනීමෙන් නොනැවතී ඇය සිය සංගීත දිවියේ ගායන තාරකාවිය බවට පත් කලේය.

සිය උපදේශකයා ද පර්මාදර්ශි චරිතයද වූ ආනන්ද සමරකෝන් සංගීත අර අනුව යමින් ලාංකීය ගැමි සුවඳ රැුඳි නැවුම් ගීතාවලියක් නිර්මාණය කරගන්නට ඔහු  නැණ ගුණ දැනුම යොදවුයේ ද 50 දශකයේ මුල් යුගයේදීය.

එතැන් සිට එකී යොවුන් හා ළමා පරම්පරාවන් අතර නිතර මුවග රැව් පිළීරැව් දුන් ’චිත‍්‍රා සෝමපාල ගී’ ඉක්බිති අඩසියවසක අමරණීය රස උල්පත් මවමින් අදද යෙහෙන් වැජඹෙයි.

Chithra Somapala
Chithra Somapala

’පියසේන කොස්තා’ සහ ’ආටිගල සරත්චන්ද‍්‍ර’ ’ආතර් අල්විස්’ නම් වූ 50 දශකයේ ප‍්‍රවිණ ගීත ප‍්‍රබන්ධකයන්ගේ පෑන් තුඩින් ලියැවුනු චිත‍්‍රා  – පී එල් එ් ගීත විසින් ද අගයන්නේ ලාංකීය සොබාඅසිරිය, මව්ගුණය, පුරාවිදු ස්මාරක වැනි දෑ මිස පේ‍්‍රමසල්ලාප නොවේ. ’ළමා – වැඩිහිටි’ සියල්ලන් ගීත රසයෙන් සනහා ලන්නට ඔවුන් දෙදෙනා සමත්වුයේ ඒ නිසාය.

 

යමුනා යමුනා සෝබන ගංගා…………(ආතර් ඇම් ද අල්විස්)

නුවර අලංකාරේ ……………………. (පියසේන කොස්තා)

දඹුඵගලේ රංගිරි දඹුඵ ගලේ …………..(පියසේන කොස්තා)

දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ සිරි ……………..(පියසේන කොස්තා)

උකුළේ කළේ හොවාලා පිරි සිසිල් අමා ජලේ …………….(ආතර් ඇම් ද අල්විස්)

කුරුඵ කුමාරියගේ මගුල ……………(ලලිත් එස් මෛත‍්‍රීපාල)

ලලිත කලා ඔපකරනා සිගිරි ළඳුනේ …………………..(පියසේන කොස්තා)

දුන්හිඳ හැළෙනා……..(ආටිගල සරත්චන්ද‍්‍ර)

ඉසුරුමුණි හි පැතලි ගලක …………(පියසේන කොස්තා)

උඩරට කඳුකර සිරියා පරදන ………(ආටිගල සරත්චන්ද‍්‍ර)

පෙම්බර මාතා මා වැඩු මාතා ………. (ආටිගල සරත්චන්ද‍්‍ර)

එකී අමරණිය ගුවන් විදුලි ගීතපෙළ අතර වෙයි.

ඒවා දොරට වැඩිමෙන් විසිපස්වැනි සංවත්සරය යෙදුනු 1978 වසරේදී අසිමිත ශ‍්‍රාවක ප‍්‍රතිචාරය හමුවේ නව බටහිර ඉලෙක්ටි‍්‍රකරණිත වාද්‍ය සංගීතය අනුව ප‍්‍රතිනිර්මාණය කරන්නට යෙදුනේ එදවස කන්ඩායම් පොප් ගීත ආරේ විශිෂ්ඨතමයා ද ගායන තරුව ද වූ ’ක්ලැරන්ස් විජේවර්ධන’ සහ ෆෝචූන්ස් වාදකයන් ගේ නායක ’ස්ටැන්ලි පීරිස්’ ගේද සහභාගීත්වයෙනි.

60 දශකයේ ගායන ශීල්පීන් ගේ බලපෑමෙන්දෝ සංගීතඥ ’පී එල් ඒ සෝමපාල’ සිය නිර්මාණ කෞෂළ්‍යය මොට කරගනිමින් ’හින්දී ඇතුඵ වෙනත් විදෙස්’ ගී නිර්මාණ තනු උපුටා ඒ වෙනුවෙන් සංගීත රටා මෙහෙයවමින් සිංහල ගීත නිර්මාණයේ යෙදුනු අතර එකී ක‍්‍රමවේදය ’සිංහල සිනමා ගීත කලාව’ වෙතද පතුරුවා හරින්නට සමත්විය. එහෙත් ඒවා අතිශය මධූර මනෝහර ගී තනු විය.

පුවත් සංනිවේදන මාධ්‍යයන් ඉතා ප‍්‍රාථමික තත්වයේ පැවති යුගයේ අති බහුතර ශ‍්‍රාවකයන් රසිකයන් ඒවා ස්වාධින නිර්මාණ යැයි සිතන්නට ඇත.

පෙම්බර මධු මගේ ………..

මා නැතෙයි ඔබෙන් මිදුනේ ……..

සුරූපි දේහ විළාසේ ….

මැවෙයි මැවෙයි …

නයනේ ……..

පෙම්බර මධු මගේ ………

ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී …

ඇසක් හොරෙන් හැංගීලා මගේ දුකත් නොපෙනී …

අරන් යමි ඔබ සනසා ළදල්ලකින් පැමිනි …

———————————-

(වික්ටර් රත්නායක – ’පෙම්බර මධු’ – 1977) – උර්දු තනුවකි
ගී පද   – කරුණාරත්න අබේසේකර

එයින් වඩාත්ම රසාලිප්ත එසේම අප‍්‍රකට නිදසුනකි.

1958 වසරේදී තිරගත වු ඇල් ඇස් රාමචන්ද‍්‍රන් ගේ ’දෙයියන්ගේ රටේ’ එනමින් වූ ’ඩබ්ලිව් ඒ සිල්වා’ ගේ තිරයට නැගුනු දෙවන වඩාත්ම සුපතළ නවකථාවයි. එයින් සංගීත නිර්මාණය ට යොමුවුනු ’පී එල් ඒ’ එවකට ගුවන් විදුලි වාදක මන්ඩලයේ ප‍්‍රධානියා වි සිටින්නට ඇත.

සීත සුනිල් දිය දහරා ලා නිල් කඳු මනහාරා – ජෝති

හිම බිම පාලන සුරිඳේ  – බෙග්

සිරිපාද හිමේ දෙයියන්ගේ රටේ – බෙග්

රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි – ජී එස් බී රාණි සමග බෙග්

මොකටද කාසි බාගේ හොයා තියා – බෙග් ඇතුඵ පිරිස

 

නම් වු අතිශය ජනප‍්‍රිය ගීතාවලිය කළ එළි දුටුවේ එයිනි. එතැන් සිට

 

මේ මෝසම් මද සුළග හමා (ජෝති – ඇන්ජලීන්) – දීපශිඛා – 1963

පේ‍්‍රමේ දිපශීකා හෝ කාන්ති නගා (ජෝති – ඇන්ජලීන්) – දිපශිඛා – 1963

මං මුළා වෙලා අඳුරෙහි යන්නේ කොහේ (ධර්මදාස වල්පොළ) – දිපශිඛා

මාතා මාතා ශ‍්‍රී ධරිත භාග්‍ය වූ මාතා – (ලතා වල්පොළ) – හතර මහ නිධානය – 1965

උම්බෑ කිය කියා මරණ භයේ – (මිල්ටන් පෙරේරා) – හතර මහ නිධානය

හොඳ සිරියාවයි ආකාසේ (ජෝති – ඇන්ජලීන්) – ස්වීප් ටිකට් – 1966

ආවා පෙම්වතා යන්නේ (ජෝති – සුජාතා අත්තනායක) – ස්විප් ටිකට්

මෙලෝකේ සියල්ලෝ මුළා වෙන්නේ (ජෝති) – ස්වීප් ටිකට්

තරුණ නෙත් ජයමංගලේ පරම සුව දෙයි (ජෝති) – ඇතුල්විම තහනම් – 1966

මල් සුගන්දේ දම් සුගන්දේ (බෙග් – සුජාතා) – කිංකිණී පාද – 1966 (ශ‍්‍රී නිහාල් ජයසිංහ ගී පද)

ගලනා සීත ජලේ දිළෙනා නිලට නිලේ (ලතා වල්පොල ඇතුඵ පිරිස) – අක්ක නගෝ – 1968

සොමිබරේ සඳ රාජිනී (ලතා වල්පොළ) – අක්ක නගෝ

හොඳ හොඳ ළමයින් අපි වාගේ (ඉන්ද‍්‍රානී විජයබන්ඩාර) – ප‍්‍රවේසම්වන්න – 1969

පැතුම් මල්ලකි මේ ජිවිතේ (ලතා වල්පොළ) – හතර දෙනාම සූරයෝ – 1971

කොඩිගහ යට මම උපන්නේ (ජෝති – ඇන්ජලීන් එම් එස්) – හතර දෙනාම සූරයෝ

මේ දෑස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි (ජෝති) – හතර දෙනාම සූරයෝ

සුසුදු රැල්ල වැල්ලේ පෙරළි ගීත ගයයි (ජෝති ඇන්ජලීන්) – අභිරහස – 1971

රෑ දවල් ම රැුගුම් ඉගි පානා (ජෝති – ඇන්ජලීන්) – ආදරේ හිතෙනව දැක්කම – 1972

මුතු මිටක් පිරි ඇත්තේ මල් ගොඩක් (මොරිස් දහනායක) – ආදරෙේ හිතෙනවා දැක්කම

ආදරවන්ති ලස්සන ආදරවන්ති (එම් එස් ප‍්‍රනාන්දු) – ආදරේ හිතෙනවා දැක්කම

මිදුම් ගලා කන්දේ … ඉවසන්න බැහැ සිතේ (ජෝති – ඇන්ජලීන්) – තුෂාරා – 1973 (ශ‍්‍රී නිහාල් ජයසිංහ)

කලක් තිස්සේ හිතක් පත්ලේ (ජෝති – ඇන්ජලීන්) – තුෂාරා (ශ‍්‍රී නිහාල් ජයසිංහ)

ජීවනයේ් මීවනයේ (ජෝති – ඇන්ජලීන්) – තුෂාරා (ශ‍්‍රී නිහාල්*

රත්තරන් සඳක් පායන්නයි රත්තරන් ඉරක් (ජෝති) – දාහකින් එකෙක් – 1973 (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

මාමේ මේ බකමුණා (ෆ්‍රෙඩී සිල්වා – ජෝති) – සුරේඛා – 1974 (පේ‍්‍රමකීර්ති)

පුතුනේ මේ අහගන්න පුතුනේ (සූජාතා අත්තනායක) – කල්යානි ගංගා – 1974 (ධර්මසිරි ගමගේ)

කවුද ඔබ කවුරුන්දේ මලක පෙති (ජෝති) – ශාන්තී – 1974 (පේ‍්‍රමකීර්ති)

මේ ජීවනයේ මුඵ සංසාරේ (ජෝති) – ඔන්න බබෝ බිල්ලෝ එනවා- 1974

අතීත දිවියේ අනන්ත අඳුරේ (ජෝති) – රත්තරං අම්මා – 1974

සිනහවෙන් හෝ කථාවෙන් බැහැ (බෙග්) – දමයන්ති – 1975

මල් මල් හැගුමින් පැතුම් පිරී (ඉන්ද‍්‍රානි පෙරේරා – අනිල් භාරතී) – දමයන්ති

කවුදෝ මිනිසාගේ දෛවේ පෙරළන්නේ (මිල්ටන් මල්ලවාරච්චි) – සරදියෙල්ගේ පුතා – 1975 (ජොර්ජ් ලෙස්ලි රණසිංහ)

දේදුනු රන් ඔ්විල්ලේ නැළවෙන මල් නැළවිල්ලේ (මිල්ටන් මල්ලවාරච්චි) – ලස්සන දවසක් – 1975 (කරුණාරත්න අබේසේකර)

රන් පාට රන්වන් වලා යා වි මේ පාවේලා (ලතා – ධර්මදාස) – නයනා – 1976 (ධර්මසිරි ගමගේ*

ඔබකල පාපේ දිළිඳුකමයි (බෙග්) – ගැහැණියක් – 1979

සෙනෙබර කුරුඵ රංචු පියාසලා (ශ‍්‍රිමතී තිලකරත්න) – රෝස මල් තුනක් – 1979 (උපාලි ධනවල විතාන)

ඔංචිල්ලා තරු රෑනෙන් වැල් වැල් (ඇන්ජලීන් ගුණතිලක) – සවුදන් ජෙමා – 1979 (අජන්තා රණසිංහ)

අදද ගුවන් විදුලි ශ‍්‍රාවකයන් සහ සිනමා ලෝලීන් හට කිසිසේත් ආගන්තුක නොවූ ලාංකිය සිනමා ගී ඉතිහාසයේ අති සුමධුර ගීතාවලියකින් බිඳක් ’පී එල් ඒ සෝමපාල සංගීත අධ්‍යක්‍ෂණය’ නම් වු උද්ධෘතය යටතේ එසේ ඉහත ලැයිස්තු කර කරද්දී එසේම ඒවා සියල්ල අනුකාරක විදේශිය ගී තනු බව හෙළිදරවු වුවද එකී සිනමා නිර්මාණයන් ගේ වානිජමය සාර්ථකත්වය උදෙසා ලැබු පිටිවහල අතිමහත්ය.

අඩසියවසකට පසුව ද අඛන්ඩව අදද ලංකා ගුවන් විදුලියේ දිනපතා උදා ’චිත‍්‍රපට ගී’ (වත්මනෙහි ’සළරූ සේයා’* මෙන්ම වෙනත් මාධ්‍යයන්හීද මෑත කාලීනව පැතිර යමින් පවතින සමාජ මාධ්‍යයන්හීද මතුනොව රියැලිටි තරු වැඩසටහන් හි දීද ඉහත ගී මතු වි නැගී එයි.

මුලින් කී ලෙසම ’පී එල් ඒ’ අතිශය මධූර තනු උපුටාගන්නට රුසියෙකි. ශූරයෙකි. එයින් සිය සේවාදායකයන්ගේ වානිජ සිනමා කෘතින් හි ජනප‍්‍රසාදය රඳවා තබා ගන්නට ඔහුගෙන් ලද උපකාරය ද සුඵ පටු නොවේමය.

’ස්වත‍්‍රන්ත‍්‍ර ගීත තනා ගන්නට’ හැමවිටම පැකිඵනු ඔහු 70 දශකයේදී සිය පියඹ වෙත ලැබුනු ’සරළ ගී’ වැඩසටහනකට ස්වාධීන නිර්මාණකරණයේ යෙදෙන්නට ’ආචාර්ය වික්ටර් රත්නායක’ ට ඉඩ කඩ ලබා දුන්නේය.

01 සිගිරියේ කැටපත් පවූ කස්සප නර නින්දා ………………
මා පිළිරුව පැහැයෙන් සරසා පෙර දවසක ඇන්දා ………………
දහසක් වනමල් ඔබ එන පෙරමග සරසනවා………………

—————————————–
නිෂ්පාදනය – ලංකා ගුවන් විදුලිය
———————————-

02 පුංචි පුංචි තරුකට මැද දිළෙසෙන සඳ වත……………….
තරු මොකටද සඳු මොකටද මට මගේ දුව ඇත ………………

පේ‍්‍රමකිර්ති පද සංකල්පනයෙන් එසේ ගුවනින් ඇසුණු ගීත යුග්මයකි. ’පී එල් ඒ සෝමපාල’ ඊට දායක වු බවක් වාර්තා නොවන අතර තත්කාලිනව ගුවන් විදුලි ගී නිර්මාණය උදෙසා මහත් සේ දායක වූ ’වික්ටර් රත්නායක’ සංගීතවේදියා ගායකයා ඒවයේ තනු ද සංගීත සංයෝජනයන්ද සකස් කර දුන් බව කියැවේ.

රූපවාහිනී ආගමනය හා සමගින් 80 දශකයේ දී සිය ජනප‍්‍රියතම පැරණි ගීතාවලිය එයින් යළි යළි ගැයූ ඔවුන් ගේ 80 දශකයේ නිර්මාණයන්ය ඉතා සිමිතය.

චීත‍්‍රා – පී එල් ඒ ගී චාරිකාවේ 25 වන සංවත්සරය වෙනුවෙන් 1978 වසරේදී ’චිත‍්‍රා’ එදවස අතිශය ජනප‍්‍රිය යොවුන් පොප් ගායන ශීල්පී ’ක්ලැරන්ස් විජේවර්ධන’ සමගින් ඇයගේ ගී ප‍්‍රතිනිර්මාණය කළාය. මේ ගීතයේ ’පී එල් ඒ’ සෝමපාලයන්ගේ අදිකාලීන විශිෂ්ඨතම එමෙන්ම පුර්ණ ස්වත‍්‍රන්ත‍්‍ර ගී එකතුව ට ඇතුළත්ය. 70 – 80 දශකයන්හිදී ගීත ලෝලීන් සිය එදිනෙදා පෞද්ගලික සංගීතමය රස ප‍්‍රණිතාංගයන්හිදී නිතර ගැයු ගීයකි.

උඩරට කඳුකර සිරියා පරදන …………..

රූබර මුහුණ ඔබේ …………

අතැගිලි දිගුකර මදහස නංවන ………

තේ දඵ නෙළන ළඳේ ……………….

——————————
ගී පද සැකැස්ම – නැසිගිය පියසේන කොස්තා

ගැයුම – චිත‍්‍රා සෝමපාල සමග පී එල් ඒ

නව සංගීතය – ක්ලැරන්ස් විජේවර්ධන

වසර – මුල් ගීතය -1952 ?
නව ගීතය – 1978

——————————-

ඉසුරුමුණී හි පැතලි ගලක ඒ ……………..

ආලය ලිලය පෑ ……………

විස්මිත ගල්වඩුවාණෙනි ඔබ හට ………….

අප ණයගැති නොවේදෝ ……….

තුරුළට ළංවී පෙම්රස උරනා ….

පෙමටම කැපවුනු පෙම් යුවළකි ඒ …

සිගිරි රජ දවසේ …………..
——————————
ගී පද සැකැස්ම – නැසිගිය පියසේන කොස්තා

ගැයුම – චිත‍්‍රා සෝමපාල සමග පී එල් ඒ

වසර – 1951 ?

1921 සැප්තැම්බර් 13 දාතමින් කොළොම්පුරවරයේ ’මාලිගාකන්දේ’ දී මව් කුසය හැරපියා පැමිණි ළදරුවා ඉන් පස්වසක විරාමයෙන් යාබද ’ලෝරන්ස්’ විදුහල වෙත අකුරු කරවීම සඳහා යොමුකරවන ලදී. මව් ආරයෙන් සත්සර නාදමිහිර වින්දිත ඔහු 40 දශකයේදී ’ආනන්ද සමරකෝන්’ වද්‍ය වෘන්දයේ ’සිතාරය’ හැඞවීය. ’මියුසියස් බාලිකාවන්’ ලක්මාතාව නිදහස් සුවයෙන් ඇළලි ගිය පළමු දිනයේදී ’උත්සවාකාරයෙන් දෑ ගීය ගයද්දී ද හැඞවුනේ ඔහුගේ සිතාරයයි.

තිස්එක්හැවිරිදි වියේ දී ’චිත‍්‍රා’ හා සරණ බන්ධනයෙන් පුතුන් තිදෙනෙකුගේ හා දියණියකගේ පීතෘත්වය ලබනට වරම් ලදී.

ගුවන් විදුලියේ කලක් සේවය කරමින් සිටි ඔහු 1978 වසරේදී එහි ’උප සංගීත පාලක’ ධුරයේ රැුඳී ලැගුම් ගත්තේය. එයින් විශ‍්‍රාම ලබා ළදරු ’ස්වාධීන රූපවාහිනි’ සේවයේ සංගීත අංශයේ මූලිකයා ව සිටිද්දී රාජ්‍ය අනුග‍්‍රහය සහ අශිර්වාදය ලබමින් 1987 වසරේදී සිය සංගීත කලා දිවියේ 45 වන වසර උත්සවශ‍්‍රීයෙන් සැමරුවේය.

P.L.A. & Chithra Somapala

1991 වසරේ කැලැන්ඩරයේ මැදින් මස 29 දින එළඹ තිබියදී සසර චාරිකාවේ එක් අවධියක් නිම කරමින් සිය මිනිස් ලොව සිරුරෙන් සමුගෙන නික්ම ගියේය. ඉන් තෙවසරක කෙටි කාලාන්තරයක හුදකලා දිවියක් ගත කල ’චිත‍්‍රා’ ද සිය ඉරණම් ගමනේ යෙදුනාය.

අඩසියවසකටත් එපිට යුගයක් කරා වත්මනෙහි සිට පිවිසෙන රසවතුන්හට උක්ත යුගයේ ගී නිර්මාණය හා සම්බන්ධ පසුබිම් කථා නිර්ණායක යන මේවා වත්මන් තත්වය හා සසඳමින් විවේචනයේ යෙදීම අර්ථ විරහිත නිසරු ක‍්‍රියාවක් විය හැකිය.

වානිජත්වයට ලක් වූ ලක්දිවෙහි එවක අති ප‍්‍රබල රූප මාධ්‍යය වූ ’සිනමාව’ තුලට පිවිස එහි තිරව රැුඳි සිට සරුඵල නෙළා ගන්නට නම් බහුතරයක් වූ ප‍්‍රබුද්ධ නොවූ පේ‍්‍රක්‍ෂක සමූහයා පිනවා තබා ගත යුතු විය. ඔවුන් ගිළිහි යා නොදී සිය නිර්මාණයේ රඳවා ගත යුතුවිය. ඊට ඇවැසි ’වට්ටෝරුව’ ට අනුගතව සිටිය යුතු විය.

’උපහාසය’, ’විරහව’, ’ත‍්‍රාසය’, ’කුතුහලය’, ’ගැටුම්’, ’නර්තනය සහ වේගරිද්ම සංගීතය’ ’කථා රසය’ හා මද පමණට මුසු කරමින් ඒ කටයුත්තේ යෙදෙමින් සිනමා කලාවේ ජය කෙහෙළි නැංවු නිෂ්පාදන – අධ්‍යක්‍ෂවරු එමට සිටියහ.

ශ‍්‍රාවකයන්හට ආගන්තුක වූ ’නව තනු’ නිර්මාණය කරන්නට උත්සහ දරා, එයින් අවදානමක් කරා යොමුවී ආදායම් අහිමිකර ගැනිමේ අනතුර අවම කරගැන්මේ ක‍්‍රමවේදය එදවස ’හින්දි සහ ද‍්‍රවිඩ’ සිනමාවේ ජනකාන්ත පරසිඳු ගී තනු අනුකරණය කිරිම් කලාව බව ’පී එල් එ්’ අවබෝධ කරගත්තා විය හැකිය. එය එසේ බවට සාක්‍ෂි ඔහු සිනමා සහ සංගීත ක්‍ෂේත‍්‍රයේ සමකාලීනයන් හා සිදුකරන ලද සංවාද සහ ඒ මත ලියැවුනු ලිපිමාලා මගින් ද ගෙනහැර දැක්විය නොහැක්කේ නොවේ.

ආගන්තුක ගී තනු එසේ ණයට ගත්තද ඒවා වාද්‍ය භාන්ඩ රැසක සංකලනයෙන් රසාලිප්ත අන්තර් වාද්‍ය ඛන්ඩ රුවා කර්ණ රසායන බවින් වඩාත් ඉහල තලයන් වෙත රැගෙන යන්නට ’පී එල් ඒ’ හෙවත් ’පාල’ අයියා සමත්විය.

ඔහු එය මනාව ජයගත්තේය. සිනමාව ලක් දිවයිනේදී කර්මාන්තයක් බවට හරවමින් මුදල් නෝට්ටු උල්පත් පාදා දෙන යන්ත‍්‍රයේ අතවශ්‍ය උපාංගය ’පි එල් ඒ’ විය.

70 දශකයෙන් පසුවද ගීත ලෝලී මතකයෙන් වියැකි නොගොස් හදවත් සනසා නළවාලූ පහත ගී යුග්මය විමසා බලනු වටී.

මල් මල් හැගුමින් පැතුම් පිරී ……………..

සඳෙහී රන්වන් කැඵම් දිදී ………………

ආදර නැකතට සියල් සිරි …………

සැරදේ පතමී දිගාසිරි ………………

පාලා කරුණා දයා ගුණේ …………

හැමදා සැමටම බෙදා සෙනේ ………

යුතුකම් ඉටුකොට මෙලෝ තලේ …………

ජයමුතු මාලා දමා ගෙලේ ………………….

———————————-

සිනමා කෘතිය – දමයන්ති

වසර – 1975

ගී පද බැඳුම – නැසිගිය කරුණාරත්න අබේසේකර ශූරීන් ගෙනි

සංගීත සංකලනය – පී එල් ඒ සෝමපාල

වාදක මන්ඩලය මෙහෙයවීම සහ වාදන සහය – ප්රවීන සංගීතඥ නැසිගිය පැට්රික් දෙණිපිටිය ඇතුඵ පිරිස

ගැයුම – ඉන්ද‍්‍රානි පෙරේරා සහ අනිල් භාරතී

මුල් ගීතය – ඉංග‍්‍රීසී ගීතයකි

මුල් ගීතය – A song I’d like to sing

මුල් ගීතයේ ගැයුම – Kris Kristofferson & Rita Coolidge

මුල් ගීතය ගැයුනු වසර – 1973

————————————–

ගීතය උපුටාගැනීම – නිකුත් වූ ඊ පී තැටියෙනි. එහි ගුවන් විදුලිය උදෙසා පිරිනමා තිබු තැටියේ ’අන්තර් වාදන’ කෙටිකර තිබුනේ එහි ගීත ධාවන කාලය වෙත පැනවි තිබු සිමා බන්ධන නිසා වන්නට ඇත.

උක්ත ගීතයේදීද එය ශ‍්‍රාවකයන් අතරට වාහනය කරන්නට සිනමා කෘතිය තිරගත වන යුගයේ බාල – තරුණ – මහඵ ගීත රසිකයන් අතර උන්මාදයක් බවට පත් වී තිබු ’කන්ඩායම් ගී කලාවේ ජනප‍්‍රියතම ශිල්පීන් යුවළ වූ ’ත‍්‍රී සිස්ටර්ස්’ හි නායිකා ’ඉන්ද‍්‍රානී පෙරේරා’ ද ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ හි ’අනිල් භාරතී’ ද තෝරා ගන්නා ලද්දේ එයින් උපරිම වානිජමය වාසිය අත්කර ගන්නට විය හැකිය.

’නීල් රූපසිංහ’ සිනමාකරුවා ගේ ’ආදරේ හිතෙනවා දැක්කම’ නම් වු වානිජමය සංගීතමය සිනමා පටය දොරට වැඩි 1972 වසරේදී භාරතීය සිනමා නිර්මාණ ද මෙහි සිංහල සිනමා කෘති හා කරට කර තරග කරමින් තිරගත කෙරිනි. ඊට වසග වු පේ‍්‍රක්‍ෂක සමූහයා හා තරග වැදී ඔවුන් ඩැහැ ගැන්මේ අතිශය අභියෝගාත්මක කර්තව්‍යය උදෙසා ’පී එල් ඒ’ ගේ ක‍්‍රමවේදය ඔහු නොපැකිළිව ක‍්‍රියාත්මක කරමින් පැවතුනි.

වසරකට පෙර භාරත රිදී තිරයේ සමණළ වර්ණයෙන් ඇඳි ’අන්දාස්’ – හි තනු නිර්මාණය උදෙසා විශිෂ්ඨ සංගීතඥ යුග්මය ’ෂංකර් – ජයිකිශන්’ දායක වු අතර ඔවුන් භාරත සිනමාවේ රිදී සිණුව ’මොහොමඩ් රාෆි’ උදෙසා තැනු ගීයක තනුවට සුඵ සුඵ පිරිද්දීමෙන් සහ අඵත්වැඩියා කිරීම් කරන්නට ’පී එල් ඒ’ යුහුසුඵ විය. ඒ සිය කර මත වැටුනු භාරදුර වගකිම වු ගීත 12 ක් ඇතුළත් ’ආදරේ හිතෙනවා දැක්කම’ වෙළඳ පොල ග‍්‍රහනයෙන් ගීළිහි යා නොදි පවත්වා ගැන්මටය.

ආකාසේ රැස් විහිදා ඉර පායා එන්නේ ………………

හඳහාමි රන් තැටියේ කිරි පැනී දෙන්නේ ………………

අපි වාගේ පුංචි ළමුන්ටයි ……………….

අපි වාගේ පුංචි ළමුන්ටයි…………..

…………………………………………………….

ගී පද – නැසිගිය කරුණාරත්න අබේසේකර ශූරීන් විසිනි

සංගීත සංයෝජනය – පී එල් ඒ සෝමපාල

සිනමා නිමැයුම – ආදරේ හිතෙනවා දැක්කම

නිෂ්පාදනය – නීල් රූපසිංහ

වසර – 1972

ගැයුම – ළමා ගායිකා ශීරෝමි ප‍්‍රනාන්දු

මුල් ගීතයේ තනුව – ශංකර් – ජයිකිශන්

සිනමා පටය – අන්දාස්

ගැයුම – මොහොමඩ් රාෆි

වසර – 1971

උක්ත ගී ද්විත්වයට හොඳින් සවන්දී ඒවයේ මුල් ගීත හා සංසදනය කරන ගීත ලෝලියෙකු හට ’පී එල් ඒ’ ඒ කර්තව්‍යය කොතරම් සූක්‍ෂම ලෙස සිදුකර ඇද්දැයි වටහ ගනු ලබනවා ඇත. ’70’ දශකයේ මාධ්‍ය සාක්‍ෂරතාවය සහ ඒවා වෙත වත්මනෙහි මෙන් ක්ෂණිකව ප‍්‍රවිශ්ෂ වි අධ්‍යයනය කිරීමේ ඉඩ ප‍්‍රස්ථා ඉතාමත්ම දුර්ලභ සහ දැඩිව සිමා වී තිබු සමයක ඒවායේ අගමුල සොය යන්නෙකු නොපමාව අධෛර්යට පත් වෙනවා ඇත. ඒ කෙසේ නමුදු පෙරකී ’පෙම්බර මධු’ ගීතය ඇතුඵ ඒ ගී ’සිංහල අපේ’ යැයි නොපැකිළිව සළකන්නට ද ඒවා ආදරයෙන් වැළඳගන්නටද රසිකයන් එක හඞින් ඉදිරිපත් වූහ.

මේ කරුණු කාරණ සැකිල්ලට බඳුන් කිරීමේදී පී එල් එ් සෝමපාල ස්වත‍්‍රන්ත‍්‍ර සිනමා ගී තනු පවතින්නේදැයි යන කුකුස මෙයින් පසුකාලීන සංගීත ලෝලීන් අතර නිබඳව හටගනියි. එය වැඩිදුර කරුණු හදරා විමසා බැලිය යුතුය.

ංංංංංංංංං ස මා ප් ත යි ංංංංංංංං

විශේෂ ස්තුතිය –
ප‍්‍රවිණ සංගීතඥ ගීත රචක ගායන ශීල්පී ධර්මරත්න බ‍්‍රදර්ස් නායක මෙල්රෝයි ධර්මරත්න මහතා සහ ප‍්‍රවිණ ගායිකා ත‍්‍රී සිස්ටර්ස් නායිකා ඉන්ද‍්‍රානි පෙරේරා මහත්මිය වෙත.

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

June 18, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

එම් කේ රොක්සාමි තැනූ  – වැයූ අම මී ගි බිඳු – 04 වන  දිගහැරුම

අකාස්මිකව මතුදිනක වෙන්නට නියමිත කිසියම් විපතක් උපවිඥානයෙන් පැන නැංවීදෝ ’වෙන්කට්’ මෙවදන් ඉන්ද‍්‍රජාලික ’වදන් මැවිසුරු’ කරුණාරත්න අබේසේකරයන්ගෙන් ලියවා ගනු ලැබ ’බෙග්’ ලවා ගයනා කරවා සිය නිර්මාණය සැරසිය.

ඔහු ගැයු අනෙක් ගීය ’ශ‍්‍රී නිහාල් ජයසිංහ’ නම් වූ කලාකරුවාගේ පබඳිනු ලැබු අතර මෙකී ගීත ද්විත්වයම දශක ගණනක ඇවෑමෙන් ’බෙග්’ ගැයූ විශීෂ්ඨතම බොදුබැති ගී පෙළ සමග රැඳෙන්නේය

සකල සතම බොදු බැතියෙන්…..

නමදින සුරහැර හැම වේලේ ……………….

සුගත තථාගත ලෝක සිවංකර ……………..

සම්බුදු සිරිපාදේ ……………………

50 දශකයේ සිට ඔබ්බට ’රොක් මාස්ටර්’ වු ඔහු තරම් කාර්ය බහුල වූ සංගීතඥයෙක් නොසිටින්න ඇතැයි හැගී යන්නේ ඔහු එදවස ’සැක්සෆෝනයෙන්’ හා පසුව ’වයලීනයෙන්’  සහභාගී නොවු ගුවන් විදුලි ගීත පටිගකරීමක්, සිනමා ගී පටිගතකිරීමක් හෝ වෙළඳ තැටි – කැසට් ගත කිරීමක්, ඒක  පුද්ගල සංගීත ප‍්‍රසංගයක් නොතිබුු තරම් නිසාය. 70 දශකයේ ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹි ගුවන් විදුලි ගායක ගායිකාවන් විමසද්දී බොහෝ විට ඔවුන් ගේ වාද්‍ය වෘන්දයේ ’රොක්සාමි’ වාදනය කරනවා දක්නා ලදැයි හෙළිරවු කරති.

අතිශය නිහතමානී උදාර මානව ගුණාංගයන්ගෙන් පිරිපුන් ඔහු ගේ ශ‍්‍රම දායකත්වය වෙනුවෙන් තමන්ට ලැබිය යුතුව තිබුනු ගෙවිම් අනුග‍්‍රහකයන් විසින් පැහැර හැර තිබුනද, අමතක කර දමා තිබුනද ඔහු ඒවා පසුපස හඹා යන්නට වෙර නොදැරූ බව ඔහුගේ හිතවතුන් කියා සිටියි. තමන් නිරතවන කාර්ය භාරය තමන්ගේ වගකීම නොපිරිහෙලා නොපැකිළිව ඉටු කර දෙන්නට හැමවිටම උත්සහ දැරූ ඔහු එය ඉතා හොඳින් අඩුලුහුඬකම් වලින් තොරව සිදුකර දෙන්නට වගබලා ගත්තේය. ඒ ’දිමනාව’ ඔහු කිසිසේත් ප‍්‍රමුඛ කොට නොසැළකු නිසාය.

1978 වසරේ ’සිරිපතුල’ සිනමා නිර්මාණය තිරගත වෙද්දී දිවයින පුර බොදුනුවන්ගේ ප‍්‍රබෝධයක් ඇතිවෙමින් තිබිනි. දිවයිනේ මුල්වරට ඉන්දිය රජයේ අනුග‍්‍රහයෙන් ’කපිලවස්තුපුර සර්වඥධාතු’  ලක් දිවයිනට වැඩමවා උත්සවාකාරයෙන් දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ප‍්‍රදර්ශනය කරමින් තිබු සමයයි ඒ. රොක්සාමි හැදු ’සකල සතම’ එදා දොරින් දොර නගරයෙන් නගරය ගමක් ගමක් පාසා රැව් පිළිරැව් දුන්නේ බෙග් මාස්ටර් ගේ ජනප‍්‍රියතම බොදු ගීතය වු ’බුද්ධං සරණං ගච්ඡුාමි’ කරට කර සිටිමිනි.

එහෙත් එතැන් හි සිට පස්වසක් ඉක්ම ගිය කල්හී මෑත ලක් ඉතිහාසයේ එදාමෙදාතුර රගදැක්වූ අතිශය අමානුෂික කෘරතර ජවනිකා පෙළ අගනුවර විදී වේදිකා කරගනිමින් පෙළගැසෙමින් පැවතියේ ’ඇසළ මහේ’ අවසන් සතිය ගෙවියද්දීය. බටහිර ගොපඵ සිනමාවද පරදාළු ගත ළොමුදැහැගෙන්වෙන් ත‍්‍රාසජනක රූපරාමු ලොව සතර දිග්භාගයේ රූප මධ්‍යයෙන් දිගැහැරෙනු ලැබීය.

එකී සියවසේ දැවැන්තම ’අග්නි බිලි පූජාව’ ලක් පින් බිමේ පැවැත්වෙද්දී මැදියම් ? අහස සිසාර හත්පස ඒකාලෝක කරමින් අග්නිජාලා පැතිර ගියේය. අපිරිමිත සෑදෑ ගුණයෙන් සහ පෙරනොවූ විරූ දෑ අබිමනින් දෝ ඔවුහු යුහුසුඵව ’ප‍්‍රාණය ඉල්ලා හඞා වැටෙන මානවයන් ’ අග්නි දෙවියන්හට පුදදෙන්නට විය.

මාර්ගයේ ඔබමොබ දිවයන රථ පදවන්නන් විරුද්ධ පිළේ සාමාජිකයන් වී නම් ඔවුන්ගේ ආගමික ශුද්ධ ග‍්‍රන්ථයක් වූ ’රාමායණයේ’ කියැවෙන ලෙසින්  ’සීතාවන් ගේ පතිවත කිරාමැන බැලිමේ’ ප‍්‍රායෝගික පරික්‍ෂණයට එහිදී සජීවි ලෙස රග දැක්වෙමින් තිබුනි. මේ වාරයේ ඊට ’සිතාවරුන්’ මෙන්ම ’රාමා – ලක්‍ෂමන්’ වරුද බුරුතු පිටින් ගොදුරු කෙරිනි.

එසේ තැන්හි තැන්හි ’කිහිරි අගුරු’ බවට පත් වූ සිරුරු වගතුග පසුවිපරමේදී දැන හැඳින ගැන්මට ලැබුනු අනුවේදනීය පුවත් බොහෝ වන්නට ඇත. එදා ’සිරිපතුල’ කථා පුවත ගෙනහැරපාමින් බොදුණුවන් සැදැහ වඩවූ ඔහු ’කේ වෙන්කටසාලවන්’ මෙදා එසේ ඔවුන් අතර සිටි අල්පයක් වූ ’පවිටු මැරයන්’ හමුවේ ඛේදනීය ලෙස සිය අවසන් හුස්ම කඵ දුම්රොටු අතරට මුසුකර දී තිබිනි.

තිස්හයවසක අයූකාලයක් යෙහෙන් වැජඹෙමින් පැවතී ’ලක් සළ රූ’ කලාවේ ප‍්‍රාණනාළිය බඳු ’චිත‍්‍රාගාර’ ’අමිල අගයකින් යුතු සිනමා සළ රූ සේයා පටල’ ’සැකසුම් උපාංග’ ’සිනමාශාලා’  අඵදුහුලී රැගත් දුම්වළාපටල අඳූරු අහස් කුස වඩාත් අඳුරු කරමින් වසා පැතිර ගියේ එතැන් සිට මතු එළඹෙන හෙළ සිනමාවේ අඳුරු යුගයේ සේයා රූ මවමිනි.

දශක දෙකකට අධික කාලයකදී මතු සඳහන් කළ රසපූර්ණ සත්සර නාද රටා මවමින් ගීත ලොළීන් සිත් රංජනය කළාවු මෝහනීය  නාදමාලා වැයූනු ඒ මාහැගි වයලීනයේ තත් රැහැන් සිඳි ගැලවී ගොස් තිබුනි. ’උදේ හවා දශක ගණනාවක් සිය ස්වාමියා ගේ ළමැද පහස ලැබු එය අඵ දුහුවිලි පිරුණු ඉදිරි අංගනයේ පොළව සිප අසරණව වැතිරි සිටියේය. පසෙකින් පොඩිකර දැමු ’රොක්සාමි’ ගේ සරණ බන්ධනයේ සේයා රූ සිහිවනය ඊට තනි රැක්කා සේය.

Rocksamy with his wife
Rocksamy with his wife

සහෝදර කලාකරුවන් දශක ගණනක සිට  දැයක් නැළවු සැනසූ  ’රොක්සාමි’ සංගීතවේදියා ඇතුඵ ඔහුගේ පවුලේ සාමාජිකයන් යුහුසුඵව නොපමාව රැක ගන්නට දිවි පරදුවට තබා ක‍්‍රිය කළේය. ලගින්ම පදිංචි වී සිටි ’ඩයමන්ඩ් පෙරේරා’ සහෝදර වාදක සහෘදයා සිය අතිජාත මිතුරු වාදකයාද එවකට පිළිවෙලින් 17 සහ 15 වියැතිව සිටි ඔහුගේ පාසල් යන දියණිවරුන්ද ඔවුන් දෙදෙනාට වැඩිමල් ’පුතු’ ද රැකබලා ගනු ලැබ අතර දුර ඇමතුමක දුර අන්තයේ රැඳි සහෝදර සංගීතවේදී ’සරත් දසනායක’ යන් වෙතින් ’සදාදර වයලීනය’ තමන්ට සදහටම අහිමි නොවූ බව දැනගත් ’රොක්සාමි’ සිය නෙතින් රූරා ගලා හැළෙන කදුඵ බිංදු වෙතින් හදවත දවාඵ සංතාප ගින්න නිවාගත්තේය.

’ලංකාණ්ඩුව’ විසින් පවත්වාගෙන යනු ලැබු ’සරණාගත කඳවුරු ගතවි’ සති මාස ගනන් හිස් අහසට දුක් සුසුම් පොදි මුදාලු දස දහස් ගණන් දනන් අතරට ඔහුගේ දුක්වේදනාද එක්කරන්නට ඉඩ නොතැබූ ’කේමදාසයන්’ ඔවුන් ඔහුගේ නිවහන වෙත කැන්දා ගනු ලැබිය.

’ඒ දක්වා කලා ලෝලී ලක් වැසියන් වෙත දයා පරශව සහන් සුවය ලගාකර දුන් ’සරසවි දේවීය’ එයින් නික්ම ගියැ වැන්න. එසේ උදා වූයේ ’ලාංකීය සිනමා  – නාට්‍ය – සංගීත’ කලාවේ පරිහානි යුගය වන්නට ඇත. එතැන් සිට යම්තම් පස්වසක් ඉකුත් වී මද කලක් ගතවූ  කල්හී 1988 නොවැම්බර් 20 දින දී මේ අසහාය සංගීතවේදියා ද අවසන් සුසුම් පොදින් ලක් මව පුදා සපනස්වියක දිවිමග සැරිය නිමා කලේය.

 සමාප්තයි

(විශේෂ ස්තුතිය – ඉන්ද‍්‍රානි රොක්සාමි මහත්මිය වෙතට)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

සරත් දසනායක ගී එකතුව

June 5, 2022 by shamilka
Prabath Rajasooriya, Sarath Dasanayake

භාරත සලරූ ගී උන්මාදයෙන් ලක් රසිකයන් මුදවා ගැනීමේ පෙළහර පෑ මියැසි වෙදදුරාණෝ – සංගීතවේදී නැසිගිය සරත් දසනායක – (1942-1999)

සිංහල සිනමා – ගුවන් විදුලි – තැටි – කැසට් ගී කලාවේ මල්බර වසන්ත සමයක අතීතාවලෝකනය.

 

සිනමාවේදී සේන සමරසිංහයන් ගේ අමරණිය සිනමා නිර්මාණ පෙල හේතුවෙන් සිංහල සිනමා ගී කර්මාන්තය ලැබූ අමිල සම්පත නැසිගිය සංගීතවේදී සරත් දසනායකයි.

පිළීවෙළීන් සුනිල් සාන්ත – බී ඇස් පෙරේරා – එඩ්වින් සමරදිවාකර – ෂෙල්ටන් පේ‍්‍රමරත්න –  පන්ඩිත් අමරදේව – පේ‍්‍රමසිරි කේමදාස – සෝමදාස ඇල්විටිගල යන ජ්‍යෙෂ්ඨයන්ගෙන්  පසුව ’70’ දශකයේදී පළමුවරට සිනමා පසුබිම් සංගීත නිර්මාණය, ගී තනු සහ සංගීත සංයෝජනයන් වෙත නැඹුරු ව, වහා ප‍්‍රවිණත්වය ලද ඔහු දිවයිනේ පහළ වු අති දක්‍ෂ, සුරුවිරු සිතාර් වාදන ශීල්පියෙකු බව දැන හැඳිනගත්තෝ සිමිතය.

Sunil Shantha
Sunil Shantha
B.S.Perera
B.S.Perera
W.D.Amaradeva
W.D.Amaradeva

ඉහත ලැයිස්තුව නියෝජනය කල සියඵ සංගීතවේදීන් අනුකාරක උත්තර භාරතීය සිනමා සංගීත තනු පිළිකෙව් කළෝ වෙති. ඉඳහිට, ආයෝජකයාගේ බලවත් පෙරැුත්තය නිසා උපුටාගත් තනු එකක් දෙකක් භාවිතා කළද ඔවුන්ගේ නිර්මාණ සියල්ලම පාහේ පූර්ණ ස්වත‍්‍රන්ත‍්‍රය.

එම් කේ රොක්සාමි – ආර් මුත්තුසාමි යුගළයද මියුරු රසපූර්ණ ස්වාධීන නිර්මාණපෙළකින් සිංහල සිනමා ගීතය සැරසූහ. එහෙත් ඔවුන් ද අන්සතු තනු නිර්මාණයන් එක්තරා සංඛ්‍යාවක් සිරු මාරුවෙන් සපයා ගත්හ.

M.K.Rocksamy
M.K.Rocksamy
R.Muththusami
R.Muththusami

පෙර කී ශීල්පි ලැයිස්තුව වෙත, නොපැකිළිව ඇතුළත් කල හැකි ’සරත් දසනායක’, මධූරතර ගී පෙළක් සිංහල සිනමා ගීතාවලියට දායාද කොට දුන්නේය.

සදහටම ඔබ මගේ – 1973

පෙම්රස වෑහෙන මංගල ගීතේ – අමර පෙම් ලතාවේ – දෑසේ මාගේ සැතපෙනා  – වාසනාව දොර ඇරලා බලනවා

නිල්ල සොයා – 1976

නිල්ල නගන ස්වර්ණ කිකිණී – දෑසේ මාගේ සැතපෙනා – සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ 

කස්තුරි සුවඳ – 1975

පාට පොදක් තිලකලා – මල් වයසේ මධු සිහිනේ – පෙම්වතියන්ගේ මහ සාගරේ – ලස්සන ලෝකෙක ඉපදීලා  – ගිගිරි ජගරි

ආශා දෑසින් – 1978

විකසිත පැතුමන් ඔබෙ ළයේ – අනංග රංගී එමල් සැරය වැදීලා – මුව මදහාසේ සීපද රාවේ- ආරාධනා ඉවසා

මල් කැකුඵ – 1980

සාගර ඉවුරේ – බිඳු බිඳු කදුඵ ගලා – හසරැල් සුසුමන්

චංචල රේඛා – 1982

කීන දං මිටක් කඩං ආවා – හස කැඵම් උදා වේවා එදා සේ – මී අඹ අත්තේ කොහෝ කොහෝ 

ඈතින් ඈතට – 1983

බෝධියේ විහාරයේ පිදු පියුම් වැනිවූ – රන්මාල රන්තෝඩු හංගා තියා – කැන්දන් යන්නං රන්මල් මාලා දාලා – සීතයි හරියට හිම ගානයි.

සදාකල් රැඳේවා – 1985

මෙය මා පැතූ ජවිතේ බඳු  – මා පුතුනේ ….

සිංහ පැටවු – 1988

ලංකා හෝ ලංකා එතෙර පවා ලංකා – මින්පෙරත් ඔබ මගෙදෝ

නම් වු ’සේන සමරසිංහ සිනමා නිර්මාණ’  ලැයිස්තුවේ ගී ගැයු ගායක ගායිකාවන් සඳහන් කරනු අනවශ්‍ය වන්නේ ඒවා එතරම්ම සිනමා ලෝලි ශ‍්‍රාවක රසික ප‍්‍රසාදයට ලක් වී පවතින නිසාත්,ඒවා පිළීබදව ඔවුන් හොඳින් දැනුවත් වී ඇති නිසාත්ය. ඒවායේ ගී පබැඳුම් අති බහුතරය සේන සමරසිංහ – සරත් දසනායක සුසංයෝගයේ නොබිඳුනු රන්දාමය වු ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී ’සෝමපාල ලිලානන්ද’ ගෙනි.

ඉන් පරිබාහිරව, ඔහුගේ ගී රසඋල්පතින් වෑහුනු නොසිඳෙන නොබිඳෙන රස ගී පැන් වරුසා අතර
 

ලෙනින් මොරායස් හැදූ ආවා සොයා ආදරේ  – 1974

රන්මසු රන්කිරි ගරුඬ තලාවක  – ජෝති  – ඇන්ජලීන් (කරුණාරත්න අබේසේකර)

මා සැඩ සුළගක මැදිවි පැටලීලා – ලතා වල්පොළ  – එම

රොන් සොයා පියඹන සමණලියක සේ – ලතා වල්පොළ – එම

සොයා සොයා එමි දැකුමට ඇත්තේ – ලතා වල්පොළ ඇතුඵ පිරිස  – එම

රංජිත් පෙරේරා තැනූ දිනුම් කණුව – 1974

මියුරු කල්පනා නෙතක දැල්වුනා – වික්ටර් රත්නායක, (පේ‍්‍රමකිර්ති  ද අල්විස්)

ඉරට අකීකරු සඳට අකීකරු – ඉන්ද‍්‍රානි පෙරේරා – (සුනිල් ආරියරත්න)
 

තිමති වීරරත්න ගේ ’සංගීතා’ – 1975

ඔබේ සැම මගේ සතුටයි –  ජෝති (කරු අබේසේකර)

ලෝකයේ වෙනස් වුනේ  – ජෝති (කරු අබේසේකර)

සල් සපු නා නිල් මානෙල් – ජෝති (කරු අබේසේකර)

මී පිරුණු සුවඳ මල් වනේ  – ජෝති – ඇන්ජලීන් (එම)

ඉර හඳ වැඳලා – ජෝති  – ඇන්ජලීන් (එම)
 

චන්ඩි පුතා – 1975

අම්මලා දුක් ගන්නේ  – ලතා වල්පොළ (සෝමපාල ලීලානන්ද)

බඹරා වගේ ඇත තවම විසේ – ජෝති (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

තනියේ ආවාරේ – ඇන්ජලීන් (සෝමපාල ලීලානන්ද)
 

විජය ධර්ම ශ‍්‍රී නිර්මාණ – දුහුඵ මලක් – 1976

බොඳ මිදුම් කදුරැල්ලේ – අබේවර්ධන බාලසූරිය  – සුජාතා අත්තනායක (අජන්තා රණසිංහ)

රෝමය ලෙසේ  – මිල්ටන් මල්ලවාරච්චි (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

රන් කෙන්දෙන් බැඳ අතැගිලි එක්කල – නන්දා මාලිනී (අජන්තා රණසිංහ)

සීතලේ වෙලී තාරුකා දිලී – ඉන්ද‍්‍රානි පෙරේරා (පේ‍්‍රමකීර්ති ද අල්විස්)
 

යළිත් ලෙනින් මොරායස් වෙතින්  – උන්නත් දාහයි මලත් දාහයි – 1976

නිල්මිනි සැංගි පාවෙි – ලතා වල්පොළ (කරුණාරත්න අබේසේකර)

යළි යළිත් ලෙනින් මොරායස් ගෙන් – හිතුවොත් හිතුවාමයි  – 1977

චුක්කි චුක්කි චුක්කි කියලා මාව රවටලා  – ලතා වල්පොළ – වික්ටර් රත්නායක (ඔගස්ටස් විනයාගරත්නම්)

ආදර කිතියෙන් හද සැඵනා දැනුනා දැනුනා රස දැනුනා – ලතා වල්පොළ (ඔගස්ටස් විනයාගරත්නම්)

මා එදා දෑතින් සනහා ඔබ දුන්  – ඇන්ජලීන් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
 

ජේ කේ චාල්ස් පෙරේරා ගේ  – විස්මය – 1978

ලස්සන නම් නෑ පෙනෙන්නේ  – සනත් නන්දසිරි (කරුණාරත්න අබේසේකර)

අමුතු අමුතු අරුණඵ මල් – සනත් නන්දසිරි (ඩෝල්ටන් අල්විස්)
 

මිල්ටන් ජයවර්ධන හැදූ  – මධුවන්තී – 1978

පැතුම් නිනව්වේ ආශා සුන්වි – මිල්ටන් මල්ලවාරච්චි (ඔගස්ටස් විනයාගරත්නම්)

ගිගිරි කිඳුරු රාවේ සවන් පුරා යාවේ – ජෝති – ඇන්ජලීන් (ඔගස්ටස්)
 

දයානන්ද ජයවර්ධන නිර්මාණ – සමන්මලී – 1979

ආශා මල් පවන් දල්වලා  – ලතා – ධර්මදාස වල්පොළ (සිරිල් ඒ සීලවිමල)

හදවත මාගේ තටුසලා – ජෝති – ඇන්ජලීන් (කරුණාරත්න අබේසේකර)

මන්දහාසි මන්දහාසිනි – ත‍්‍රී සිස්ටර්ස් (ධර්මසිරි ගමගේ)
 

මිල්ටන් ජයවර්ධන හැදූ – නුවන් රේණු – 1979

සැන්දෑවේ මා හා කිදේ රහසේ – මිල්ටන් මල්ලවාරච්චි (ඔගස්ටස් විනයාගරත්නම්)

මේ සීත නිල්ල මියුරු සමීරේ – වික්ටර් රත්නායක සහ ලතා වල්පොළ (අජන්තා රණසිංහ)
 

දයා විමලවීර ගේ  – ජීවන කදුඵ – 1979

සුරංගනා ලොවින් බසින් කුමරියේ – ජෝති – ඇන්ජලීන් (උපාලි ධනවලවිතාන)

සිඳු පතුලේ මුතු  – ඇන්ජලීන් (ධර්මසිරි ගමගේ)

සිතිවිලි සයුරේ රළරැලි අතරේ  – චන්ද‍්‍රිකා සිරිවර්ධන (ඇන්ටන් අල්විස්)

යසපාලිත නානායක්කාර නිර්මාණ – ටක් ටික් ටුක් – 1980

යන එන හැමතැන සොයන්නේමි – ජෝති (ඔගස්ටස් විනයාගරත්නම්)

නිසංසලේ සැලේ කැඵම් පෑහේ – ජෝති – ඇන්ජලීන් (ඔගස්ටස් විනයාගරත්නම්)
 

යසපාලිත නානායක්කාර නිර්මාණ – මුවන් පැළැස්ස – 02 – 1980

පැණි මොර මල් පැණී මොර මල් – ටී එම් ජයරත්න (ජෝරජ් ලෙස්ලි රණසිංහ)

නිල්වන ලන්දේ මල් මකරන්දේ – වික්ටර් රත්නායක – නන්දා මාලිනී (අජන්තා රණසිංහ)

 

හර්බට් රංජිත් පීරිස් ගේ ’එක්ටැම්ගේ’  – 1980

උන්මාද සිතුවම් මැවේ බිඳේ – ගුණදාස කපුගේ (සුනිල් ආරියරත්න)
 

යසපාලිත නානායක්කාර හැදූ නැවත හමුවෙමු – 1982

සිහින අහසේ වසන්තේ  – ජෝති – ගේ‍්‍රෂන්  (උපාලි ධනවල විතාන)

සෙනෙහස පෑවා යළි හමුවූවා – ජෝති  – ඇන්ජලීන් (බන්ඩාර කේ විජේතුංග)
 

දයා විමලවීර – මිහිදුම් සිහින – 1982

සරා සඳේ සිනහා සේලේ – ජෝති (කුලරත්න ආරියවංශ)

කදුළැලි නෑනේ අප රැුහේ – මිල්ටන් මල්ලවාරච්චි – චන්ද‍්‍රිකා සිරිවර්ධන ඇතුඵ පිරිස 

මල් තලාවේ රෑ වලාවේ – ලතා වල්පොළ – (අජන්තා රණසිංහ)

සාස්තරේ සාස්තරේ කාටදෝ – ඇන්ජලීන් 
 

මාලිනී ෆොන්සේකා නිර්මාණ – සසර චේතනා – 1984

බුදුනේ බුදු පියාණෙනි  – ටී ෂෙල්ටන් පෙරේරා (සුනිල් ආරියරත්න)

හිම කඳු යහනේ  – ගේ‍්‍රෂන් ආනන්ද – නිරංජලා සරෝජිනී (කුලරත්න ආරියවංශ)
 

යසපාලිත නානායක්කාර ගේ ජය සිකුරුයි – 1984

පායා දිනිඳු පායා – ඇන්ජලීන් (දයාසේන ගුණසිංහ)

නන්දන උයනේ මියුරස තවරා ගේනා  – ජෝති ඇන්ජලීන් (සුනිල් ගුණවර්ධන)

මල් සිනහා පෑවේ නිල් ගගුලේ – ගේ‍්‍රෂන් ආනන්ද (බන්ඩාර කේ විජේතුංග)
 

සුනිල් සෝම පීරිස් ගේ දිනුම – 1986

හිතුමතේ ජිවිතේ කඩුතුඩු මත – ගේ‍්‍රෂන් ආනන්ද (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

ඩිං ඩොං ඔ් බේබි සිංග් අ ‍සොන්ග් – ගේ‍්‍රෂන් ආනන්ද  (බන්ඩාර කේ විජේතුංග)

මල් රොන් වයසේ පෙම් කවි ලෝකේ – ගේ‍්‍රෂන් ආනන්ද සමග ඇන්ජලීන් (බන්ඩාර කේ විජේතුංග)
 

රෝයි ද සිල්වා ගේ ගෙදර බුදුන් අම්මා – 1988

සක්වල එතෙරට ඇසෙනා  – නන්දා මාලිනී  – එඩ්වර්ඩ් ජයකොඩි
 

(පෙරකී ලැයිස්තුවට ඇතුලත් කරනු ලැබුවේ ඔහු ගේ අතිශය ජනප‍්‍රියත්වයට පත්වූ ගී නිර්මාණ සංක්‍ෂිප්තවය.)

 

1983 – බෝධීයේ විහාරයේ, (ඈතින් ඈතට – නීලා වික‍්‍රමසිංහ)  1984 – බුදුනේ බුදු පියාණෙනි (සසර චේතනා  – ටී ෂෙල්ටන් පෙරේරා)   ජනපති සම්මාන, සරසවි සම්මානිත ගී නිර්මාන බිහිකල ඔහු තමා උපයා සපයා ගත් බරපැන යොදා දයා විමලවීරයන් ගේ අදියුරු භූමිකාවෙන් නිර්මාණය කරල ලද ’මිහිදුම් සිහින’ – 1982 වෙනුවෙන් ජෝති ගැයු ’සරා සඳේ සිනාහ සේලේ’ නිර්මාණය අරභයා ජනාධිපති සම්මාන දිනා ගත්තේය. මෙළෙසින් ඔහුගේ නොසිඳෙන ගී උල්පතින් මතුවුයේ සිනමා ගී පමණකුදු නොවේ. සංඛ්‍යාත්මකව  ඒවා ඉක්මවා රසපුර්ණ වේගරිද්ම වෙළඳ ගී තැටි නිර්මාණ රැසක් ද ඊට ඇතුළත්ය. ඒවා අතර වැඩිමනත්ව ඇත්තේ ඉන්ද‍්‍රානි පෙරේරා සිය සොයුරියන් දෙපොළ හා එක්ව ගැයු ත‍්‍රී සිස්ටර්ස් ගී තැටි නිර්මාණයන්ය. ඒවාද එදාමෙදා තුර නොමද රසික සම්භාවනාවට පාත‍්‍ර වෙමින් අඩසියවසකට පසු අදද ජනප‍්‍රියතම ගීත ලෙස කිරුඵ පැළඳ සිටී.

සාගරය පරදා උතුරා (පේ‍්‍රමකීර්ති ද අල්විස්), අපි මිතුරෝ මුහුදු ගියෝ (කරුණාරත්න අබේසේකර), . වාසනාව දෝතට ගෙන (කරුණාරත්න අබේසේකර),නෙල්ලි කැලේ වැල්ල දිගේ (පේ‍්‍රමකීර්ති ද අල්විස්), මගේ හිත වෙනතක යා වි ඇතිබව (කේ ඩි කේ ධර්මවර්ධන), සතුටු සුළං රැලි හමා ගියා (කරුණාරත්න අබේසේකර), කවුදෝ කවුදෝ මා සෙව්වේ (කේ ඩි කේ ධර්මවර්ධන), තැල්ල ගෙලේ ලා ඉහේ මල් ගවසාලා (කරුණාරත්න අබේසේකර),රුහුණු බිමේ කතරගමේ කඳ සුරිඳේ (කරුණාරත්න අබේසේකර),පෑහි එක ලෙස බැඳි බොමු අපි ජය පානේ (හේම ශ‍්‍රී ද අල්විස්), පවුරු වළල්ලක් බැඳලා (කරුණාරත්න අබේසේකර), එක කූඩුවක හැදි (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

එහෙත්, ඔහු ගේ සිනමාගමනයට පුර්ණ ලෙස දොරටු විවර වූ, දෛවෝපගත වෙළඳ තැටිය උදෙසා හඬ දායකත්වය පිරිනැමුවේ ද එවකට සිංහල සිනමා ගී ලෝකයේ අගරජු ලෙස කිරුඵ දරා සිටි ’ජෝති’ ය. ඒ 1972 වසරේදී පමන සංගීතඥ ’ෂන්මුගම්’ ගේ තනු නිර්මාණ රැගත් ඔහු විසින්ම තම නමින් ’ෂාන්ස්’ නම් වු ලේබලයෙන් නිකුත් කල වෙළඳ තැටියක් උදෙසාය. එහි අනුක‍්‍රමික අංකය – ෂාන්ස් 1001 වේ. විවිධ මුලාශ‍්‍ර වල මෙම තැටියේ ඇතුළත් ගීත 04 පිළිබඳව විවිධාකාරයෙන් සඳහන් කෙරී තිබිණ. එහෙත් අදාළ තැටිය පිරික්සීමේදී එහි සත්‍ය ලෙසම ඇතුළත් වි තිබුනේ ගීත 03 කි.

01 නීල දෑස පුරා …සිහින් ලෙවෙන් පෙරා (කරුණාරත්න අබේසේකර)

02 අද අමුතුම රැයකි ..හොඳ සීතල පැයකි….(කරුණාරත්න අබේසේකර)

03 මල්සර මල් දුන්නේ…(කරුණාරත්න අබේසේකර)

04 බයිලා අනුවාදයක් 

————————–

දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට…

නුගරුකක් වෙමින් උතුරා යන විඩාවට…

පිපි මලක් වුනා මල් නොපිපුණු තටාකෙට ….

ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩාමට….

 

අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමඵ ..

හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුඵ සුඵ ….

තිගැස්සි වෙමින් ඔබ විය යුතුද බියසුඵ …

දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුනඵ ….

——————

නිෂ්පාදනය – ලංකා ගුවන් විදුලිය.
වසර – 1972 පමන

———————–

ඊට අමතරව එවකට ’තිලකසිරි රත්නායක’ වැනි ආධුනික ශීල්පීන් එකරැයින් ජනප‍්‍රසාදය හිනිපෙත්ත වෙත ඔසවා තැබූ

තුංමංසල ලග බලා සිටින්නෙමි (උපාලි ධනවල විතාන)

සුමුදු රටා එපා ළඳේ (උපාලි ධනවල විතාන)
 

ගුවන් විදුලි සහ සිනමා ගීයෙන් රසික හදවත් මෝහණය කල ඉන්ද‍්‍රානි විජයබන්ඩාර වෙළඳ තැටි ගී කලාවෙන් මතුවු

පුරා හඳේ සිනා වගේ (ධර්මසිරි ගමගේ)

ආවේ ආවේ බයෙන් වගේ (ධර්මසිරි ගමගේ)

හිරෝෂිමා පුරවරයේ මල් යායේ (කේ ඩි කේ ධර්මවර්ධන)

මේ දෑස මාගේ (ධර්මසිරි ගමගේ)
 

’දයාරත්න රණතුංග – නිලා වික‍්‍රමසිංහ’ නම් වු ප‍්‍රවිණයන් වෙළඳ ගී තැටියෙන් පුනරාගමනය කල

පෙම් සිළිලාරේ තුන්සිත විහිදී (කරුණාරත්න අබේසේකර)

හිමිදිරියේ හිරු එළියට (උපාලි ධනවල විතාන)

උදුම්බරා මනාලියේ රුවින් උතුම් (උපාලි ධනවලවිතාන)

50 දශකයේ රිදිතිරයේ  මතු වු නැවුම්  පෙම්ගීහඬ ලතා වල්පොළ ගී තැටි කලාවෙන් හැඩකල

සංසාරේ පතා ආවේ පෙම්බරා ගේ ලෝකේ (චිත‍්‍රානන්ද අබේසේකර)

මල්සර හිනැහෙන්නේ සත්සර නදදෙන්නේ (කරුණාරත්න අබේසේකර)
 

පන්ඩිත් අමරදේවයන් ද රසයෙන් මත්කල


පාවෙලා නිල් වළාවේ නදී තලාවේ (කුලරත්න ආරියවංශ)
රෑ දුරැ රට හිම වරැසා (අජන්තා රණසිංහ)

ඔහුගේ සත්සරයෙන් හැඩවෙද්දී, යෞවනයන්ගේ සිහින ගී කිරුඵ දැරූ පේ‍්‍රමණීය හඬ ’මිල්ටන් මල්ලවාරච්චි’ ද විය.

සිනාරැල්ල සිසි කිරණේ (චිත‍්‍රානන්ද අබේසේකර)

පෙර එක දවසක සඳ නැති සවසක (උපාලි ධනවල විතාන)

ඔබ දැන් කීවත් කදුඵ සලා (චිත‍්‍රානන්ද අබේසේකර)

දෙනෝ දහස් ගැවසෙන සරසවියේ (විජය රාමණායක)

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල් (බන්ඩාර කේ විජේතුංග)

නීල දෑස දෑසේ සතපාලා (උපාලි ධනවල විතාන)

අප එක පදෙසක නිවසන්නේ (කේ ඩි කේ ධර්මවර්ධන)

මා නුවන් හඬවා (කේ ඩි කේ ධර්මවර්ධන)

ඔබේ සිනාවේ සිනා ඉනාවේ (කේ ඩි කේ ධර්මවර්ධන)

——————————-

ඔබේ සිනාවේ …සිනා ඉනාවේ…

හැගුම් රැඳි ආවේ මත් විහගුන් වාගේ …

ලැගුම් සොයාවි සොයාවි……………..

————————

ලේබලය – ජෙම්ටෝන්

ගී පද – නැසිගිය කේ ඩි කේ ධර්මවර්ධන

වසර – 1974 පමණ

සරත් දසනායකයන් පෙරදිග සංගීතයේ මෙන්ම බටහිර සංගීත ශීල්පියෝපක‍්‍රම ඉතා හොඳින් හදාරා ඒවා මනාව ග‍්‍රහනය කරගනු ලැබුවා පමණක් නොව ඉතා හුරුබුහුටි ලෙසත්, චමත්කාර ජනක ලෙසත් ඒවා සිය නිර්මාණ හරහා ජනගත කරනන්ට යෙදුනු බවට ඉහත ශ‍්‍රවණය කරන්නට ඉදිරිපත් කොට ඇති ගීත රසවින්දනයෙන්, මනා ලෙස වටහගත හැක්කේය.

ඔහුගේ සංගීත නිර්මාණ ඉතා හොඳින් දෙසවන,හිස,ගෙල, බාහු, පාද, වටොර කාන්තිමත් ආභරනයන්ගෙන් සරසා ගත් උඩරට මනාලියක් වැන්න, ඒ කෙසේද යත්, ඒවා රසයෙන් අනූනය, මිහිරි වන්නේ තනුවෙන් පමණක් නොව, මුසුකොට ඇති අන්තර් – ආමුඛ සංගීත ඛන්ඩයන්ගේද රසපූර්ණත්වයෙනි. කිසිවෙකුට හෝ කිසිම අයුරකින් ඔහු තම, එක්තරා සංගීත ආරකට පමණක් ඇබ්බැහි වූ, නිපුනතාවයක් දැක්වූ, නිර්මාණකරුවෙකු ලෙස ලඝුකොට තබන්නට ඔහු ඉඩ තැබුවේ නැති බවට නිදසුන් එමටය. මෙම ලිපිමාලාවේ මතු දැක්වෙන විවිධාකාර වු ගීත ශ‍්‍රවණයේදී ඒය පසක් කොට ගත හැකි වනවා ඇත.

 

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා ……………

රන් වළල්ල අතේ දමාලා …………….

ඉගක් නළෝලා හදක් නළෝලා ….

ආවේ රන් මැණීකා ………….

 

මල් වැටිච්ච පාට රෙද්ද හරිම ලස්සනයි…..

දකින දකින අයගේ ඇස් පිනයි…..

පරෙවි කිරිල්ලි..වගේ ඉගිල්ලී ….

ඈ යයි මුකුඵ පෙන්වලා …

————–

ගී පද  – අජන්තා රණසිංහ

ලේබලය – සිල්වර්ලයින්

ගැයුම – ඩැල්රීන් ආනෝල්ඩා සූබි

වසර – 1977 පමන

70 දශකයේ ගී පුෂ්පකරණියේ සුපිපි අරවින්දයක් වු ඔහු එසැණීන් යුහුසුඵව නොපමාව සිය කාර්ය භාරය පුඵල්කරගන්නට නොපැකිළිය. සිනමාවෙන් – වෙළඳ තැටියෙන් නතර නොවු ඔහු ගුවන් විදුලි සරළ ගීත නිර්මාණ කලාව වෙත පිවිසිමෙන් එහිද සිය නිසග ප‍්‍රතිභාවය විදහා දැක්විය. ඔහු ගේ ස්වර සංකලනයෙන්ගෙන් එසේ හැඩවැඩ ගැන්වු එකදු ගීතයක් හෝ ශ‍්‍රාවක හද පැහැර නොගත්තේ නම් එය ඉතා විරළ සිදුවිමක් විය. පහත නිදසුන් විමසනු වටී

උදෑසනම පොඩි අපි දිව එනවා  (ලලිත් සිරිවර්ධන ඇතුඵ පිරිස ගැයු ළමා ගීයකි), ගී පද  – ගාමිණි විජේතුංග

කුරුම්බැට්ටි මැසිමේ මගේ (එල්සි රොද‍්‍රිගෝ ළමා ගීය) – අජන්තා රණසිංහ

උක්දඬු දුන්නෙන් උපන්නෙමි (චන්ද‍්‍රිකා සිරිවර්ධන සරළ ගීයකි) – ගී පද – සමන් චන්ද‍්‍රනාත් විරසිංහ

දැයේ නමින් පෙර දිවිදී මගේ දෝතට (චන්ද‍්‍රිකා) – සමන් චන්ද‍්‍රනාත්

සූරිය කුමරුන් වඩින උදෑසන තුන් සිංහලයට (සුජාතා අත්තනායක)  – උපාලි ධනවල විතාන

කුරුල්ලනේ නුඹලගේ සංතෝසය මදකට අපට දියෝ (ඉන්ද‍්‍රානි පෙරේරා  – මල්ලිකා සහ අයිරාංගනී* – කරුණාරත්න අබේසේකර

සඳ කිඳුරි මා සඳ කිඳුරි – (ඉන්ද‍්‍රානී පෙරේරා) – සුනිල් ආරියරත්න

වසර ගනන් ඇසුරේ සිටියත්  – (ඉන්ද‍්‍රානී පෙරේරා) – ධර්ම ශ‍්‍රී වික‍්‍රමසිංහ

රැ පැල් රකින කුරහන් පැහෙනා හේනේ – (අබේවර්ධන බාලසූරිය සමග ත්‍යාගා එන් එඩ්වර්ඩ්) – අජන්තා රණසිංහ

ආදරයෙන් මා හද වට එතෙන ලතා  – (අබේවර්ධන බාලසූරිය)- කුලරත්න ආරියවංශ මංගල ගී පද රචනය. 

දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට   (ජෝති – ගුවන් විදුලි ගී) ගී පද කරුණාරත්න අබේසේකර

අනන්ත සුදුරළ රැුලි විසිරෙයි (ජෝති  – ගුවන් විදුලි) – කරුණාරත්න අබේසේකර

රතු මල් ගවුමට ලස්සන වැටුනා (ඉන්ද්රානී  – ගුවන් විදුලි ගී) – ඩොනල්ඩ් අයිවන්

නිවන් පුරට යන ගමනේ සහන් එළිය දෙන ගමනේ (සුජාතා අත්තනායක* – අජන්තා රණසිංහ

රන්ඩු වෙවි යාඵ වෙවි දුවපැන වතු මිදුලේ (චන්ද‍්‍රිකා සිරිවර්ධන සහ සුනිල් සිරිවර්ධන) – සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ

නවමිනි රන්මුතු ඇත පිරිලා (ජෝති – ගුවන් විදුලි) – කරුණාරත්න අබේසේකර

——————————-

උක්දඬ දුන්නෙන් උපන්නෙමි…..

මල් මල් උයනක වෙසෙන්නෙමි…

රැ සඳ ලෙස හිනැහෙන්නෙමි…

මමයි අප්සරාවි……


සුමධුර ගීත ගායාලා…

ඔබටයි අමතන්නේ …

මා හද මල් බඳුනේ….

පෙම්මල හිනැහෙන්නේ …

එදා ඔහු විසින් රසගන්වන්නට යෙදුනු නිර්මාණ එදා ලෙසම එහි නැවුම් නොඉඳුල් ස්වරූපයෙන් ඇතැම් අවස්ථාවන්හිදී සම්පුර්ණවද, ඇතැම් විට ලුහුඬින්ද ශ‍්‍රවණය කරන්නට යෙදුනු සංගීත කලාව පිළීබඳව අවබෝධයක් ලද නොලද සියඵ රසිකයන්හට ’සරත් දසනායක සංගීත භාවිතය’ පිළිබදව යම් නිශ්චිත නිගමනයන්ට එළෙඹෙන්නට අවස්ථාවක් ලබන්නට ඇත. ඔහු පිළිබඳව අත්නොහැර, කිවයුතු දෑ බොහෝය එබැවින්……………………

———————————(සරත් දසනායක ගී මියැසි රාවයේ මහිමය මෙතැන් සිට ඉදිරියට මතු දිනයකදී……)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

May 28, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

එම් කේ රොක්සාමි තැනූ  – වැයූ අම මී ගි බිඳු – 03 වන කොටස

සිත් පහන් කර නිවා සනසාලන සත්සර රටාවෙන් අවස්ථානුකූලව මිදී යොවුන් සමනල් වියේ ජවය කුඵ ගැන්වෙන රංගන ලතාව පොබයූ සංගීත රිද්මයට අවතිර්ණ වන්නට ඔහු අපුරු සමත්කමක් දැක්විය.

You’re my one and only one ………….

I’m your ever loving one …………..

Your are my one and only KANDY ළමිස්සී ………

(මරියසෙල් ගුණතිලක විසින් සපයා ගත් රචනයකි)

————————-

ගීතයේ පද – මරියසෙල් ගුණතිලක

සංගීත අධ්‍යක්‍ෂණය – එම් කේ රොක්සාමි සංගිතවේදියා ගෙනි

නිෂ්පාදනය – සිමාසහිත ජෙම්ටෝන්

නිෂ්පදක – විජයපාල හෙට්ටිආරච්චි

වසර – 1975 පමන

වද්‍ය සහය  – මිඩ්නයිට් මිස්ට් වාදක මන්ඩලය

ගායන සහය – චූලා ප‍්‍රනාන්දු, රෝයි වැලිකළ, දීපාල් නෙල්සන්, ටිරෝන් රොසයිරෝ

——————–

මෙයාකාරයෙන් නිකුත් වු ගීත තැටියක තනි පාර්ශ්වයක ඇතුළත් කළ හැක්කේ උපරිම ගීත ද්විත්වයකි. කිසියම් විටකදී ගීතය සාමාන්‍ය ධාවන කාලය වූ විනාඩි තුනහමාර ඉක්මවා යන්නේ නම් එවිට එහි ඒ ගීතය පමණක් අඩංගු කරන්නට සිදුවේ. නිෂ්පාදකයන් මේ හේතුවෙන් දිර්ඝ ධාවන ගීත නිර්මාණයෙන් වැළකි සිටියද උක්ත ’ජෙම්ටෝන්’ තැටිය විසින් ඒ සම්ප‍්‍රදාය බිඳ හෙළමින් ගීතය වේගරිද්මයෙන් ගැයෙද්දීම එහි ධාවන කාලය විනාඩි පහක්ද ඉක්මවූ දිර්ඝ ගීතයකින් ශ‍්‍රාවක ප‍්‍රජාව පිනවීය.

එදවස ලංකා ගුවන් විදුලියේ නිවේදක මඩුල්ලේ සාමාජික පසුව එහි අධ්‍යක්‍ෂ ජනරාල් බවට පත්වු ’හඩ්සන් සමරසිංහ’ (සමරසිංහයන් වේගරිද්ම රටාවට මනා ලෙස අනුගත වන ගී පද ලිවිමේ ප‍්‍රතිභාවෙන් අනුනය. මෙකි යුගයේදීම ඔහු ඉන්ද‍්‍රානි පෙරේරා වෙනුවෙන් ’සුදු අසු පිට නැගලා….’ ගීතය රචනා කලේය*  මරියසෙල් වෙනුවෙන් ලියු ගීතයට ’නැළවෙන – රගදෙන  ඩිස්කෝ රටාවට නෑ සබඳකම් සහිත සංගීත රටා මුසුකලේ ද ’රොක්සාමි’ සංගීතවේදියා විසිනි

පාට රත්තරං අහසේ රතු වළාකුලේ………….

හරිම සීතලක් දැනෙනවා උඩු ගුවන් තලේ ………….

හිම කඳුවැටි අතරින් එන මන්ද මාරුතේ …

ලෝකේ වටේ… ලෝකේ වටේ.. ලෝකේ වටේ….

එන්න යන්න මෙන්න ආදරේ ………………

————————

ගීතයේ පද – ප‍්‍රවිණ ගුවන් විදුලි නිවේදක හඩ්සන් සමරසිංහ විසිනි

සංගීත අධ්‍යක්‍ෂණය – එම් කේ රොක්සාමි සංගිතවේදියා ගෙනි

නිෂ්පාදනය – සිමාසහිත ජෙම්ටෝන්

නිෂ්පදක – විජයපාල හෙට්ටිආරච්චි

වසර – 1975 පමන

වද්‍ය සහය  – මිඩ්නයිට් මිස්ට් වාදක මන්ඩලය

——————–

නව පාලනයක වර්ෂපූර්ණය සපිරෙද්දී සිදුකෙරෙමින් පැවති සුවිශේෂී ආර්ථික පෙරළියකින් අනතුරුව ලක්වැසියන් හට පෙර නොවු ආදායම් මාර්ග ඇතිවෙමින් තිබු සමයේ එහි අනුහසින් ඒ යුගයේ සුඛෝපභෝගී වූ විවිධ තාක්‍ෂනික උපාංගයන්ගෙන් වෙළඳ පොල පිරි ගියේය.  ට‍්‍රන්ක පෙට්ටගමක් බඳුවු ’ගුවන් විදුලිය’ යන්ත‍්‍ර නියෝජනය කරමින් කළ එළි බට  ඊට සාපේක්‍ෂව කුඩා වූ හුරුබුහුටි යන්ත‍්‍රයකින් ’කැසට්’ පටි ද ඊට පෙර යුගයේ සුපතළ වූ ’තැටි’ ද වාදනය කළ හැකි වූ බව එදවස සංගීත ලෝලීන් හොඳින් දනිති.

එහි ඉල්ලුම සපුරාලීමේ වරය වඩාත් හොඳින්ම අත්කරගත් ව්‍යාපාරික රසවතා ’විජය රමාණායකයි’. ඔහු එදා සිය ’තරංගා’ ලේබලයෙන් වරෙක ඒ වනවිට ජනහද දිනු ගුවන් විදුලි සහ ඇතැම් පැරණි සිනමා ගී ’ප‍්‍රතිනිර්මාණය’ කරන්නට මුල් වෙද්දී වරෙක ඒ කර්තව්‍ය වෙනුවෙන්ම ’නැවුම් ගී’ හඳුන්වාදෙන්නට යෙදිනි.

ගායන ශිල්පී ’ටි එම් ජයරත්න’ ගේ දායකත්වය ලද එවන් ගී පෙළකින් මතු වූ ගීයක මතක සටහන් නොම වියැකි ගියේ ’රොක්සාමි’ සංගීතවේදියා විසින් වයන ලද මධූර මනෝහර ’වයලින නාද රටාව හේතුවෙනි.

හිතින් මා නොසැලී ඉඳිද්දී ……………

කඳුල නුඹ ඇවිදින් …………

නිවා දැමු ඒ නෙතේ පීඩා ……………….

නොබිඳිනු මැනවි …………………..

———————-
(ගී පද බැඳුම – නැසිගිය පේ‍්‍රමකීර්ති ද අල්විස් සංගීත නිර්මාණය – නැසිගිය ස්ටැන්ලි පීරිස් – 1980)

———————–

නිෂ්පාදනය – ’තරංගා’ රෙකෝඩ් බාර්

නිෂ්පාදක – නැසිගිය විජය රාමණායක

වසර – 1980 පමණ

සංගීතය – නැසිගිය ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා විසිනි

ගී පද – නැසිගිය ප‍්‍රවිණ නිවේදක පේ‍්‍රමකීර්ති ද අල්විස්

—————————

එවන් ආකාරයේ ගණනික් මෙතෙකැයි කියා නිම කල නොහැකි ගී මිණිමුතු කන්දක් ඔප දමා හැඩ වැඩ කරන්නට ’රොක්සාමී’ වයලින් නාද සංකලනය හේතු විය. ’ටි එම් ජයරත්න’ යන්ගේ 70 දශකයේ මුල් භාගයේ  ’ගුවන් විදුලි’ ගී නිර්මාණයන් හි යමෙකු නොඉඳුල් ගැයුම්  රසවිඳින්නේද ඔහු හෝ ඇයට ගැයුමේ විරාමයෙන් විරාමයට සවන පිනවන්නේ ’රොක්’ නාදරටවයි. ඔහු මතු නොව වෙනත් බොහෝ ගායක ගායිකාවන් ගේ ගීත වැයුමෙන් රසගැන්වුයේ ඔහුය.

මල් මල් හීනය මි බද උදයේ………….

පැල්පත් මීදුම මැද රැඳිලා …………….

නිල්වන් අහසේ පින්බර උදයක ……………

රන්වන් රන්වන් හිරු නැගිලා …………….

(ගී පද – මහාචාර්ය සුනිල් ආරියරත්න)

60 දශකයේ ලාංකීය ගීත කලාව කළඹා ළෙලවා හමා ගිය ’කන්ඩායම් ගී’ නම් වූ පවන් රැුළ ඇතැමෙකුට ’කුණාටුවක්’ වෙද්දී ඒ වනතුරු සිංහල ගීත කලාවෙන් දුරස් වූ ශ‍්‍රාවකයන්ට සහ රසවින්දනයේ නව ඉසව් ප‍්‍රියකල යව්වයන්ට ’සිහිල් පවන් පොදක්’ ම විය. එදවස ගීත කරලිය වර්ණවත් කල කන්ඩායම් ගී අතරින් සොඳුරු මතක සටහන් ඉතිරි කළ ගීතයක ’වාද්‍ය මිහිර ස්වර රටා’ මතුකරදුන්නේ ’රොක්සාමි’ විසිනි.

මුඵ ගතම වෙහෙසුනා ……………..

දහඩියෙන් නැහැවුනා ……………….

දුක ගින්න නිවා ගන්න මෙමා …………….

යකඩ තලන්නා ………..

වෙහෙසීලා ….

දුක්විඳලා ………………

කම්මලේ යකඩ තලා ……………….

(තනුව සහ ගැයුම – ජෝ බී පෙරේරා – ’ලොස් මුචාචෝස්්’ ගායක කැළ – 1969?)
————-

’වෙන්කටසාලවන් – රොක්සාමි’ යුග්මය යළි යළිත් හෙළ සිනමා රසිකයන් හමුවට සපැමිනියේය. ඔවුන් අතරින් අද මෙන්ම එදාද අතිබහුතරය ’බොදුනුවන්’ වු වගද තමන් නොමදව වෙහෙසෙමින් නිර්මාණකරණ දැළ වියන්නේ ඔවුන් උදෙසා වගද දැන හැඳින සිටියේය. හෙට දිනයෙත් තම කුස් පුරවන ඔවුන් වෙනුවෙන් දෙදෙනා ’බොදු තේමාවන්’ සොයා පියමං කළහ. කීර්ති ශ‍්‍රී නිංශ්ශංකමල්ල නරපති කිරුඵ දැරූ ’පුලතිසිපුර’ යුගයේ  ’ශ‍්‍රි පාද පද්මය’ සොයාගත් ජනප‍්‍රවාදයට නවඅර්ථකනයකින් එළිදුටු සිනමා සිත්තම නම් කෙරුණේ ’සිරිපතුල’ ලෙසිනි. එය 1978 වසරේ බක්මහ සැණකෙළි සමය ඉලක්ක ගතව දිවයින පුරා තිරගත කෙරිනි.

එල් එම් ෆවුසී (නිෂ්පාදක), කේ වෙන්කටසාලවන් (අධ්‍යක්‍), එම් කේ රොක්සාමී (සංගීත අධ්‍යක්‍ෂ), අල්හාජ් මොහිදීන් බෙග් (ගායක) යන විජාතික ඔවුන් සිය මව්බිමේ ’බොදු’ සහෝදරවරුන් වෙනුවෙන් සුරස බොදු බැති ගී පෙළක් දායදා කළහ.

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ……………

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ …………

ඇසින් දුටු දේ බොරු වී නොයෙයිදෝ ……

දෙකණින් ඇසූ දේ නොවී ………………

එකකුස ඉපදීලා වෛරෙන් මත්වෙලා ………..

තම සොහොයුරා මරයි වසවිස දීලා …………

තන්හා පොදි ගසා……….

තව කෙනෙකුන් නසා …………

මොනවද අවසානේදී අරගෙන යන්නේ …..

—————————-

———————————————————————————————————

’රොක්සාමි’ සිහිළැල් ගීත ගගුලෙහි පහස ලබනට යළි ඉදිරි දිනක මුණගැසෙමු

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

May 15, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

එම් කේ රොක්සාමි තැනූ අම මී ගි බිඳු – 02

ගුවන් විදුලි සරළ ගීයෙන් ඔබ්බට සිය ප‍්‍රතිභාව මෙහෙයවන්නට අසමත් ව මිළිණව සැගව ගිය ගායන ශිල්පීන් අතර ’ජේ ඒ ධර්මරත්න’ නම් වූ නාමය ද සටහන් වේ. ඔහු එදවස 70 දශකයේ ගැයු ගී අතර අදද එදා ශ‍්‍රාවක දනන් සිත් පැහැර ගත් නාද රටාවක් පෙළගැස්වූයේ ’රොක්සාමි’ විසිනි.

කඩන්න බැරි මල් පිපුණට  නැහැ ළතවෙන්නේ ………..

දිගු දෑතක පහස ලබා පෙති සැඵනාවේ …………..

(ඩබ්ලිව් විල්ෆ‍්‍රඩ් සිල්වා )

 

මිල්ටන් මල්ලවාරච්චි නමින් පිබිඳි විකසිත වෙමින් පැවති ගායන පෞරුෂය වෙනුවෙන් නොපැකිළිව අත හිත දුන් ඔහු මිල්ටන් නමින් එළිදුටු වෙළඳ ගී තැටියක් උදෙස මියැසි වෙණ නද මැව්වේය.

පායා ආ සඳ අඳුරු වළාවෙන් ………….

මා ඉදිරියෙදිම වැසුනා ……………..

සෝකය තාපය පාඵව අතරේ ………….

ඉකිබිඳ හැඩුවා ඇසුනා …………………..

(කරුණාරත්න අබේසේකර)

ගමනේ ගිම්නිවු එදා ………..

සැනසුම් පවන් සළා …………..

ඔබ මා දවයි දිවා ? ………….

හද සෝ සුසුම් හෙළා …………

(කරුණාරත්න අබේසේකර)

මිල්ටන් ගුවන් විදුලි සරළ ගීතාවලිය ශ‍්‍රාවක දෙසවන් පිනවනු වස් මතු වූයේ 70 දශකයේ මුල් යුගයේදීය. එහිදී ’රොක්සාමි සංගීතවේදියා’ මතුකළ රසොඝයයි මේ.

මධුමල ලෙස මුදු මගේ ප‍්‍රියාදර මිහිරාවිය වෙතටයි………….

ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි………………..

කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති හැම දේ……….

පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි……

(කරුණාරත්න අබේසේකර)

https://youtu.be/fMEWXhY2E0U

70 දශකයේ ඉතා තරගකාරීව පැවතී ගීත කලා ක්‍ෂේත‍්‍රයේ දී යම්කිසි අධුනික ගායන ශිල්පියෙකු හට මතුවි සිය නාමය ශ‍්‍රාවක හදවත් හී නිත්‍යව ලැගුම් ගන්වන්නට තරම් අවස්ථාවක් ලැබීම අසිරිමත් සිදුවිමකි. ’විජේසිරිවර්ධන පොළොන්නෝවිට’ නමින් වු ඔහු ලංකා ගුවන් විදුලිය තුලින් විකසිත වූ මුල්ම ගීතය, වෙනුවෙන් සංගීත සංයෝජනයෙන් සහය වූයේ ’රොක්සාමි සංගීතවේදියාණන්ය. ’කේ ඩි කේ ධර්මවර්ධන’ නම් ප‍්‍රවිණයාගේ නැවුම් අදහසක් රැගත් ගී පදවැලක් හිමිකරගන්නට එදා ඔහු වරම් ලද්දේය.

’උණ පඳුරක මල් පිපිලා……………’

’ඔබේ පෙමත් ඒ වාගේ…………….’

’මලක් පිපි පෙති හැළිලා …………’

’ඔබේ පෙමත් ඒ වාගේ ……………..’

(තනුව  ගායකයා සතුබව කියැවේ)

එකී දශකයේ උදාව සමගින් ’ගුවන් විදුලිය’ ඔස්සේ මතුවෙමින් පැවති යොවුන් ගායක ගායිකාවන් අතර ප‍්‍රමුඛයා ’ප‍්‍රියා සූරියසේන’ ලෙස හඳුන්වාදීම අසාධාරණ නොවනු ඇත. මක් නිසාද යත් එදා ඔහු ගැයු ගීත අතගැලි ගණනකට අඩු සංඛ්‍යාවක් හැරුනුවිට අන් සියඵ ගී නොමද ශ‍්‍රාවක අවධානයටත් ඇගයීමටත් ලක් වු බැවිනි. ඒ අතරින් ’ප‍්‍රියා සුරියසේන’ නම් වු අති දක්‍ෂ තනු නිර්මාපකයා සංගීත සංයෝජකයා අතරින් ද ’රොක්සාමී’ නිර්මාණයක් හමු වෙි.

සරතැස නිවා ……….

දිවි කතරේ ……..

ඔබ හමුවුනා මට සොඳුරේ…………

දිය ගලනා උල්පත් මවා මවා…..

(පේ‍්‍රමකීර්ති ද අල්විස් පබැඳුම)

’වෙළඳ තැටි’ නිපැයුම්කරුවන්ගේ ඒකායන අරමුණ ’අලෙවි වාර්තා පිහිටුවා ඇල්බමය විකිණිමයි’ යන ආදර්ශ පාඨය මනාසේ දැන හැඳිනගත් ’රොක්සාමි’ ඒ අරමුණ නිසි ලෙස සපුරාගන්නට හැකි වන සේ සිය නිර්මාණ කෞෂල්‍යය මෙහෙයවීමට වග බලා ගත්තේය.

බටහිර තුර්ය නාද සහ වේගරිද්මය ඊට නිසි පමණින් නිසිකලට මුසුකලේය. ’ෆීලික්ස් ඇන්ටන්’ නම් ගුවන් විදුලි ශිල්පියා ගේ නමින් ඇසුණු ගි අතර පෙරමුණගත් මේ නිර්මාණය සළකනු වටී.

නෙත පිනන රුසිරු වත ඔබේ…………….

සිත එකගකරන සිත ඔබේ…………..

රන් දිමුතු මුතුද ලග තිබේ…………

මගේ සියඵ දෙයම මතු ඔබේ…………..

(පේ‍්‍රමකිර්ති ද අල්විස්)

මෙසේ 70 දශකයේ මධ්‍ය භාගයට එළඹෙද්දී ගී ශ‍්‍රාවක උන්මාදය ද උච්චස්ථානයට එළඹෙයේය. ගුවන් විදුලියේ අසීරූ මාවත මගහරිමින් ගීත ලොවට පිවිසෙන්නට වරම් පෑතූ නව ගායක ගායිකාවන් වෙළඳ තැටි ව්‍යාපාරිකයන්ගේ සරණ පැතුහ. ’මරියසෙල් ගුණතිලක’ නම් වූ යෞවනිය පැතුම් පිරූවේ ’වේගරිද්මයේ ශ‍්‍රාවකයන් මුසපත් කරන්නටය’. ’රොක්සාමි’ සංගීතවේදියා එය මනාව අවබෝධකරගත්තේය. ප‍්‍රබුද්ධ ගී රසය නොරිසි ශ‍්‍රාවක සමාජය පවා ’යුග යුග යළි යළි රස මිහිරෙන් මන්මත් වන’ තනු නාදරටා ඔහු සතුව නොමදව තිබිනි.  අරුත්සුන් වදන් ඇතුළත් නියමාකාර ’ගී පදමාලාවක්’ නම් යම් කිසිවක් ඇතුළත් නොවු ගීයක් ගායනා කරමින් ඇය එකරැයින් රසිකයන් අතර නමරැන්දූවේ ’රොක්සාමී’ සංගීතවේදියාගේ අපුර්ව රිද්ම රටාවේ බලමහිමයෙනි.

මතු සම්බන්ධයි……..

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

කියවන්න එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 3  –>

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

May 1, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

 එම් කේ රොක්සාමි තැනූ අම මී ගි බිඳු – 01

හින්දි සිනමා ගීත මාධූර්යය නොපරදින්නට සිංහල සිනමා ගීත රසය දියුණු තියුණු කරන ලද්දාවූ ලාංකීය සිංහල සංගීතඥ බලමුඵව නියම ලෙස පෙළ ගැසෙන ලද්දේ 70 දශකයේ මුලාරම්භයේ සිට බව පෙනියයි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස, ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න සිය නිර්මාණ නිම්වළලු පුඵල් කරද්දී  ආචාර්ය වික්ටර් රත්නායක සහ සරත් දසනායක ඊට නවකයන් ලෙස සම්බන්ධ විය.

60 දශකයේදී පන්ඩිත් අමරදේවයන් ඊට දයක වෙද්දී දක්‍ෂිණ භාරතීය දේශවාසී පසුව ලාංකීක පුරවැසි බව ලද රාමයියා මුත්තුසාමි සිනමාවේදීන්ගේ ප‍්‍රියතමයා ද ලංකීය ද‍්‍රවිඩ සංගීතඥ එම් කේ රොක්සාමි ජනප‍්‍රසාදයෙන් දෙවැන්නාද වු බව කියැවේ.

Sarath Dasanayake
Shelton Premarathne
Shelton Premarathne
M.K.Rocksamy

50 දශකයේදී ’සැක්සෆෝනය’ අතදරමින් ගී රාව ප‍්‍රතිරාව නැංවූ ’රොක්සාමි’ අතිවිශීෂ්ඨ වයලීන් වාදන ශූරයෙකු බව රසිකයන්ද සෙසු ශිල්පීන්ද හොඳින් දැන හැඳින සිටියේය.

හින්දී සිනමා ගී තනු අනුකරණය කරන ලෙස දන්වනු ලැබූ අවස්ථා ගණනාවක් හැරෙන්නට ග‍්‍රහනය ලිහිල් වූ සැමවිටම ඔහු කර්ණරසායන ස්වාධීන නව ගී තනු ද සංගීත සංයෝජනයන්ද සිය සිනමා සංගීත නිර්මාණ උදෙසා එක්කරනු ලැබිය.

ඉන්දීය ජාතික සිනමාවේදී ’එම් මස්තාන්’ විසින් අදියුරු භූමිකාව හොබවනු ලැබූ ’ධීවරයෝ’ 1964 වසර වර්ණවත් කලේය. එහි ගීත පොකුර ’රොක්සාමී’ නම් වූ ගාන්ධර්වයාගේ නිර්මාණ බලමහිමය මනාලෙස ප‍්‍රකට කළේය.

 

සතුට සෝකේ ජය පරාදේ  – ලතා වල්පොළ

සාමය සමගිය පතුරාලා  – ලතා වල්පොළ – මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

නිලට නිලේ විහිදී යයි අමර දසන්තේ – ලතා වල්පොළ සහ ධර්මදාස වල්පොළ

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද – ලතා වල්පොළ – මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

ආගාධ සාගරයේ ඈත දියේ බිළි බෑවි – ජේ ඒ මිල්ටන් පෙරේරා

වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා – ලතා වල්පොළ – මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

රෑ බෝ වී යයි – මිල්ටන් පෙරේරා සහ හරූන් ලන්ත්රා

සමග ගී තනු අනුකරණය කරන ලද

මාලිගාවේ මහ රැජිනී  – සුජාතා අත්තනායක

හොඳම ගීතය ලෙස සරසවි සම්මානයෙන් පුද ලද ඔහුගේ රසාලිප්ත ස්වත‍්‍රන්ත‍්‍ර තනුවකින් සුසැදි ගීතයක් කලඑළි දුටුවේ 1967 වසරේ තිරයේ ඇඳි ’මහ රෑ හමුවූ ස්ති‍්‍රය’ සිනමා සලරුවෙනි. යාපන වැසි ’කේ වෙන්කටසාලවන්’ සහ ’රොක්සාමී’ නම් වු ඔවුන් ඉස්ලාම් භක්තික ’මොහිදීන් බෙග්’ ද සමගින් සිය සහෝදර සිහල රසිකයන් වෙනුවෙන් අත්වැල් පටලා ගත් කුඵඳුල් නිර්මාණයයි ඒ.

සරවන බව කඳසුරිඳුගේ තෙදබලේ …………….

පවසන තුරුලිය පොබකල මදනළේ …………………….

(ගී පද නැසිගිය කරුණාරත්න අබේසේකර)

මෙතැනට එළඹෙද්දී සංගීත අධ්‍යක්‍ෂනය ’එම් කේ රොක්සාමි’ නාමය යටතේ සිනමා නිර්මාණ පෙළක මතකයේ නිදන් වූ ගීත රැසක් ශ‍්‍රාවකයන් පිනවමින් තිබිනි.

හිනා වෙන්නේ ඇයි මේ  – ප‍්‍රමාදය හින්දයි මේ – සංසාරේ 1962 (ජෝති සහ චන්ද‍්‍රා ද සිල්වා)

සඳුන් ගසේ සමන් වැලක් පිපෙන්නේ  – අදට වැඩිය හෙට හොඳයි – 1963 (මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට)

බාළොලි ලොළි දොයිය බබා – අදට වැඩිය හෙට හොඳයි – (ලතා වල්පොළ) – සංගීත සංයෝජනය 

බාළොලි ලොළි දොයිය බබා – අදට වැඩිය හෙට හොඳයි – (ඉන්ද‍්‍රානි විජේබන්ඩාර) – – සංගීත සංයෝජනය 

දිය රැල්ල වෙරළෙ හැපි හැපි මේ මොකද හාදු දෙන්නේ – සුහද සොහොයුරෝ – 1964 (ෆ්‍රෙඩී සිල්වා – පුෂ්පරාණි ආරියරත්න)

මැණීකක් රකිනා නා රජිඳෙකු සේ – චන්ඩාලි – 1964 (මොහිදීන් බෙග් – ජී එස් බි රාණි පෙරේරා)

සඳ රැජිනියනේ වැජඹෙන ගුවන අරා – සැකය – 1965 (සුජාතා අත්තනායක)

විණාවේ සත්සර නාදේ ඔබ පිරිමදිනා තාලෙට – සැකය – (හරූන් ලන්ත‍්‍රා සහ සුජාතා)

එයින් කිහිපයකි.

’රොක්’ අයියා නමින් කලාලොව සහෘද මිතුරු කළ විසින් අමතනු ලැබූ ඔහුගේ ගී සත්සර රටා යෝධ සෙවණැල්ල එතැන් සිට ඉදිරියට දුරින් දුරට ඈත කොණ දක්වා පැතිර ගියේය.

නිදහස් කාහළ නාදය රැව්දේ හෙළදිව අඹර පුරා…….සිගිති සුරතල් – 1968 (මිල්ටන් පෙරේරා)

කොමළ පපා මුකුඵ පපා අපේ ලගට එන්නකෝ…….  ඔහොම හොඳඳ – 1970 (ඇන්ටන් ජෝන්ස් ඇතුඵ පිරිස)

හදමල් පඳුරේ පිපෙනා සිතුවිලි මාලා………….රන්රස – 1967 (හරූන් ලන්ත‍්‍රා)

ඔබේ මව්බිම සිංහලයි ඔබේ මව්බස සිංහලයි…..සූරයන්ගෙත් සූරයා – 1969 (සුජාතා අත්තනායක)

රජකම් කෙරුවත් කළකම් පළදේ…………ඔහොම හොඳද – 1970 (ජෝති)

මල්කැකුළි ගෝමරී මනාලී මල් ගොමුවේ..සිරිල් මල්ලී – 1974 (ජෝති)

ඔබගේ රුව මාගේමයි සසරේ මල් පීදීමයි…. හරිම බඩු තුනක් – 1976 (එම් එස් ප‍්‍රනාන්දු සමග රංජනී පෙරේරා)

ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා….නීලා – 1977 (ලතා වල්පොළ සහ සූජාතා අත්තනායක වෙන් වෙන්ව)

සීතල රටේ මීදුම වැටේ …..සකුන්තලා – 1977 (සූජාතා අත්තනායක)

කුංකුම රත අංගරාජ ….දෙවියනි ඔබ කොහිද 1977 (පන්ඩිත් අමරදේව) – සංගීත සංයෝජනය  පමණයි (තනුව අමරදේවයන් සතුයි)

ආදර පූජාසනේ ඔබයි මගේ කුසුම් කුමාරී – දෙවියනි ඔබ කොහිද – 1977 – (සුජාතා අත්තනායක සහ වික්ටර් රත්නායක)

සුමියුරු ස්වත‍්‍රන්ත‍්‍ර තනු නිර්මාපකයෙකු මෙන්ම සංගීත සංයෝජයෙකු වූ ඔහුගේ එකී ප‍්‍රතිභාව නිසිලෙස ක‍්‍රියාවේ යොදවන්නට මේ වකවානුවේ අතිබහුතර සිනමාකරුවන් සහ මුල්‍ය දායකත්වය දැක්වූ අර්ථපතියන් ඉඩදුන්නේ නැත. ඔහු ප‍්‍රතිනිර්මාණය කළ ’අනුකාරක’ ගීත ගොන්න අතිමහත් විය. ඒවා ද සිනමා ලෝලී දනන් තුඩ තුඩා රැව් පිළීරැව් දුන්නේය.

නිලූකා මන් ආදරේයි කුසුම් සරයි ……………..නිලුකා – 1977 (ජෝති)

චිං චිං නෝනා චිං චිං කංකං බූරු කංකං…චිං චිං නෝනා 1977 (ජෝති සහ ෆ්‍රෙඩී සිල්වා ඇතුඵ පිරිස)

හෘර්දේ රස මාලිගේ ප‍්‍රිති දේ මා හදේ………සකුන්තලා 1977 (සූජාතා අත්තනායක)

සුදුපාට මිදුම් ගලාලා…එදත් සුරයා අදත් සූරයා – 1974 (ජෝති සහ ඇන්ජලීන්)

රන්වන් පහන කෝ දැල්ල නිවී ගියා…කව්ද රාජා – 1976 (ජෝති)

දිනේ ලංකා මගේ ලංකා සදාකාලේ සිනා නංගා – කව්ද රජා – 1976 (ඇන්ජලීන් ගුණතිලක සහ ෆ්‍රෙඩී සිල්වා)

පන්දම් අල්ලා ගත් නම්බු නාමේ – කව්ද රජා – 1976 (ජෝති)

මල්වැහි සීතල මල් වැස්සේ – හොඳට හොඳයි – 1975 (ජෝති සහ ඇන්ජලීන්)

මේ සුභ උපන්දිනේ තුටින් සිනා පාලා…එදත් සූරයා අදත් සූරයා (ලතා වල්පොළ)

ඒ අතරින් අල්පයකි

 

තම කිරිකැටි බිළිඳා තුරුඵ කරගත් මවක් සේ ’වයලීනය’ තුරුඵ කරගත් ඔහු නිරතුරු එසේ ගැවසුනේ ’චිත‍්‍රාගාරයට’ වඩා ’ලංකා ගුවන් විදුලි පටිගතකිරීමේ මැදිරි’ තුලය. එහි බොහෝ වාර ගණනකදී ඔහු පන්ඩිත් අමරදේව,සෝමදාස ඇල්විටිගල, ඩී ආර් පීරිස්, වික්ටර් දඵගම, වික්ටර් රත්නායක,පී එල් ඒ සෝමපාල, සෝමතිලක ජයමහ, තිලකසිරි ප‍්‍රනාන්දු,බී වික්ටර් පෙරේරා, දයාරත්න රණතුංග,ඩී ඩී ඩැනී,සෝමපාල රත්නායක,පේ‍්‍රමදාස අතුකෝරාළ, පියදාස අතුකෝරාළ, පේ‍්‍රමදාස මුදුන්කොටුව,පැට‍්‍රික් දෙණිපිටිය,සී ඩී ෆොන්සේකා, නන්දා මාලිනී, සරත් බාලසූරිය, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස්  ආදී මෙකී නොකී ගාන්ධර්වයන් රැසකගේ ගී තනු ගී වාද්‍ය ඛන්ඩ ප‍්‍රස්ථාර ලිපි සිය වයලීනයෙන් පණගැන්වීය. ඒ සිය හදවතින් මතු වී පැන නැගී ගී මියැසි නාද රටාවන්ට අමතරවය.

බුදු සාමිනේ සිරිපා පියුම් කරමි බැති පිණි පා………………….

ගුණෙනි සොමි සෙත පෑමෙනි කරුණා සුවේ සතපා …………….

(කරුණාරත්න අබේසේකර) ගැයුම – ඉන්ද‍්‍රානි සේනාරත්න විජයබන්ඩාර

(විශේෂ ස්තුතිය – ඉන්ද‍්‍රානී රොක්සාමී මහත්මිය වෙතට)

—————————–(මතු සබැඳේ)————————————-

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

කියවන්න එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2  –>

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

සී ටී ගීත – CT Song Collection

April 17, 2022 by shamilka
C.T. Fernando, Prabath Rajasooriya

මිණිකිකිණි රාව ප‍්‍රතිරාව නැංවු ’සී ටී’ ස්වර්ණ ගී නාදය…………..(1949-1977)

සී ටී ප‍්‍රනාන්දු ලෙසින් වත්මනෙහි තෙවන සංගීත ලෝලී පරපුරක් විසින් දැන හැඳිනගත් ඔහු ’සිරිල් ටියුඩර් ප‍්‍රනාන්දු’ ය. ලාංකීය ගීත කලාව පොබයූ කැපී පෙනෙන ශිල්පීන් රැසක් බිහිකල ’මොරටු’ පුරවරයේ කඩලාන වැසියෙකු වු ඔහු අකුරු කලේ ඉන් සැතපුම් සිය ගණනකට දුරින් පිහිටි කන්ද උඩරට නාවලපිටිය ශාන්ත මේරී විදුහලේය.

මිහිරි කොවුල් නද බඳුවන් අසමසම ’සි ටී’ හඞ යම්තමින් හෝ අනුකරණය කරන්නට සමත් වූ කිසිවෙකු එදාමෙදා තුර ගී ලොවේ පහළ වූ බවක් නොදන්නේය. ඒ කුසලතාවය බිඳකින් හෝ උරුමකර ගත්තේ ඔහුගේ එකම පුත‍්‍ර රත්නය වූ ’ප‍්‍රියන්ත’ පමනි.

Priyantha Fernando
Priyantha Fernando

පසුගිය දුරුතු මසින් විසිඅටවෙනිදින දාතමින් ලාංකික ගීත ලෝලීන් ඔහුගේ ජන්ම ශත සංවත්සරය අනුස්මරණය කරන්නට යෙදිනි.

ළමා වියේ සිට ඉංග‍්‍රිසි බසින් සුරුවිරුකම් පාන්නට සමත් වු ඔහු ඒ බසෙහි ගායන,නාට්‍ය,රචනා තරග වලින් දස්කම් පාමින් සම්මානනයට පාත‍්‍ර විය.

1946 වසරේදී ලාංකීය ගීත කලා පුෂ්පකරණිය සදා සුවඳින් නහවන්නට ’ලංකා ගුවන් විදුලියේ’ අශීර්වාද ලබමින් සුපිපි කුසුම් ද්විත්වය ට ’සිරිල් ටියුඩර්’ ද අයත් විය. අනෙකා ’සුනිල් සාන්තය’.

Sunil Shantha
Sunil Shantha

ඒ සමයේදී පටන් සත් දශකයක් පුරාවටම පරම්පරා දෙකක ළමා ළපැටියන් ගේ සවන් පිනවාලූ සිහින් හඞින් ගැයෙන ආයචනාත්මක යුග ගීයකින් ඔහු ’කුරුඵ’ පියෙකු වී සිය දරුවන් හා ආයාසයෙන් තනාගත් ’නිවස’ රැුක දෙන මෙන් ගැයුවේය. පාඨශාලාචාර්ය ’ආර් එන් එච් පෙරේරා’ එහි ගී පද වැල් ලියා දුන්නේය.

පින් සිදු වෙන්නේ ……………

අනේ බාල ළමුන්නේ ……….

මගේ කුඩා නිවස කඩා …………

බිම නොදමන්නේ …………...
————————————

ගී පද – නැසිගිය ආර් එන් එච් පෙරේරා ශූරීන් ගෙනි

සහය ගායිකාව – සුරියරාණී (එව්ලින් බාලසූරිය)
———————————————-

එකී යුගයේ ’හිස් මාස්ටර්ස් වොයිස්’ ජාත්‍යන්තරව පරසිඳු තැටි ලේබලයේ ලාංකිය නියෝජිතායතනය ’කාර්ගිල්ස්’ (වර්තමාන කාර්ගිල්ස් නොවේ* මෙකී කෝකිළ කූජනය සිය නිෂ්පාදනයන්ගෙන් හැඩවැඩ කරන්නට ඉදිරිපත් විය.

එවකට හින්දුස්ථානි සංගීත ආර අනුව ගැයුනු ’සිංහල’ ගී ප‍්‍රියනොකළ රසිකයන් ලක් ඉතිහාසයේ මුල්වරට ’සිංහලෙන්’ ඉංග‍්‍රිසි ගීත ගයන මෙකි අපුර්ව ගායකයා දෝතබදා වැළඳගන්නා බව ඔවූහු සිය ශූර ව්‍යාපාරික ඥානයෙන් අවබෝධකරත්තේය.

’සුවඳ රෝස මල් නෙළා මාල ගොතාලා ගෙලේ දමා ඉනේ ඔතා ………………….’

’බරබාගේ දුටුවේ සිහිවේ පෙරකාලේ …………..’

’අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ ……………’ (ඒ යුගයේ ’සඳ’ ලක්දරුවන් හඳුනාගත් සංඥා නාමය)

’අඹරුක් සෙවනැල්ලේ මේ රන් ඔන්චිල්ලේ ………….’

’බිළීඳා නැළවේ උකුලේ ……………….’

’ලෝ අඩ නින්දේ මේ රැයාමේ සඳරැස් වතුරේ ……………’

එයින් නිපන් අමරණිය ගීතාවලියෙන් අංශූ මාත‍්‍රයකි.

අරුමයකි….. දශකයක් ගෙවී ගොස් 60 දශකය එළඹෙද්දී ඔහු ලක්දිව අසමසම විශීෂ්ඨතම ’ගායකයා’ විය. එය එසේ විය යුතුව තිබිනි. මක් නිසාද යත් ඔහු තමන් නිරතව සිටින කාර්යයේ ස්වභාවය මනාව අවබෝධ කර දැන හැඳින සිටි බව නිසා විය හැකිය. ඉහත ද මින් පසුවද සටහන් කෙරෙන ’සි ටී’ ගී පදවැල් හි මධුරතර ’තනු’ නිර්මාණ ඔහුගේමය. සංගීත වාදන සංයෝජනයන් උදෙසා ලක්දිව අති විශීෂ්ඨ ’හවායන් ගිටාර්’ වාදකයා වු නැසිගිය ’පැට‍්‍රික් දෙණිපිටිය’ ගේ අතහිත ලැබිනි.

60 දශකයේදී එක්තරා අවධියක, බී බි සී – සංදේශය වැඩසටහන ලන්ඩනයේ සිට මෙහෙයවූ ආචාර්ය සුනන්ද‍්‍ර මහේන්ද‍්‍ර ඔවුන් දෙදෙනා ඒ දේශයට කැඳවා ප‍්‍රසංග පවත්වාගන්නට සමත් විය. පසුව ලක් ඉතිහාසයේ මුල්වරට එදවස පැවති නවිනතම තක්‍ෂණය අනුව ’ස්ටිරියෝ’ ක‍්‍රමයට ලන්ඩනයේදී ’ඊ පී තැටිය’ ක් නිකුත්කරවාගන්නට සමත් වු ප‍්‍රථමයා ද ’සි ටී’ ය.

’ලුවිස් බ‍්‍රවුන්’ තැටි සමාගම ද ’සි ටී රන් හඞ’ රසිකයන් අතරට ගෙනගිය වාහකයන් අතර විය. ’නිදහස් සමරු උත්සවයන්හිදී මතු මතුද යුග යුග වාදනය කරනු ඇතැයි හැගෙන එසේ කරන ලද විශීෂ්ඨ දේශාභිමානී ගීතය එයින් දොරට වැඩියේය.

හෙළ ජාතික අභිමානේ …………..

වැඩු විරුවන් මේ දෙරණේ……………

(කරුණාරත්න අබේසේකර)

එයින් පසුව

’මා බාල කාලේ අම්මාගේ උකුලේ …………..’

’සඳවට රන්තරු කැකුඵ පිපේවා …………….’

’අනේ ඩිංගක් ඉන්නකෝ ඔය ……………’

’බේරෙන පැනි බිඳු රතු මි වද බඳු ……………..’

මිහිර වෑහෙන ’සි ටී’ හඞින් එළිදැක්විනි. 60 දශකයේ ලක්දිව පුරා පැවති සංගීත ප‍්‍රසංග සංදර්ශන වේදිකාවන් හිදී ඔහුගේ වේදිකා ගතවීම හමුවේ උන්මාදයෙන් වියරු වැටුනු රසික රසිකාවියන් එකහඞින් ඔල්වරසන් නැංවුහ.

තමන් ගේ පාසල් බිමේ, විනෝද චාරිකාවේ, ප‍්‍රිය සම්භාෂණයේ, උපන්දින සාදයේ’ මංගලෝත්සවයේ වරක් හෝ ’සි ටී’ ගීයක් නොගැයිනි නම් එය ද අරුමයක්ම විය.

ලංකා ගුවන් විදුලියේ විශීෂ්ඨයන් වූ ’කරුණාරත්න අබේසේකර’ ’ආනන්ද සරත් විමලවීර’ සහ ’ලලිත් එස් මෛත‍්‍රිපාල’ ද පුවත්පත් කලාවේ ජයදද නැංවූ ’විමලදාස පෙරේරා’ ද ’සි ටී කොවුල් නාද සර පොබයනු පිනිස ගී පබැඳුම් මැවිය.

පුන්සඳ හිනැහෙන්නේ ………….

වනමල් පිබිදෙන්නේ …………….

ලස්සන ඔබේ මුහුණේ…………

දැක්කම නොවැ මැණීකේ …………

60 දශකයේ දෙවන අඩ ගෙවියද්දී ’ගුවන් විදුලියෙන්’ ඇසුනි. ලංකා අම්බරයේ පෑවු විශීෂ්ඨතම ගායිකාව ’රුක්මණි දේවී’ ජනප‍්‍රියතම ගායක ’සී ටී’ හා එක්ව ගයනු එසේ ඇසෙයි. ප‍්‍රසංග වේදිකා ඒ ’යුග්ම ගී රසයෙන්’ නිම්නාද දෙයි. ප්‍රේක්‍ෂක රසවතුන් මිහිරෙන් මත්කෙරෙයි.

ඔහු ’ලංකා ගුවන් විදුලි’ යේ ගීත ගැයු බව ඇතැමුන් නොදනී මන්ද යත් ඒවා තැටි හෝ වෙනත් මාධ්‍යයන් වෙතින් පසුව අසන්නට නොලැබුනු නිසා වන්නට ඇත. ඒ රසය විඳිනට ඔබ ’ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය’ වෙත සවන් යොමා සිටිය යුතුය.

ඒ අතර

’මුතු මැණිකේ කලේ අරන් ……’

’ඔංචිලි චිලි චිල්ල මලේ ඔංචිල්ලාවේ …………’

’සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ……….’

’අගේ මගේ පිටිසරයේ දැනෙන්නේ …………..’

වැනි නිර්මාණ ප‍්‍රකටය.

මේ ’කන්ඩායම් ගී’ නව සංගීත ප‍්‍රවණතාවය කළඑළි බසිමින් පැවති සමයයි. එහි පුරෝගාමි නියමුවා මීගමු පුරවරයේ ’නෙවිල් ප‍්‍රනාන්දු’ සිය ’ලොස් කැබැයියරෝස්’ කන්ඩායම සමගින් උක්ත ගීය නව ආරකින් නව ලතාවකින් වරක් දෙවරක් තෙවරක් කිහිප වරක් ගායනා කරන්නට යෙදිනි.

’සි ටී’ උරණ විනි. එසේ නොකරන්නැයි කියැවිනි. සෙසු කලා ළැදියන් ආරවුල සමථයකට පත්කරන්නට පෙරමුණ ගත්තද ඉන් ඇතිවු සිත් තැවුළින් ’අබේසේකරයෝ’ වෙතින් ඔහු මෙසේ ලියවා ගැයුවේය. සිය ගායන විජිතය ආක‍්‍රමණය කරන්නවුන්හට ’සොඳුරු තරවටුවක්’ කළේය

පියුමෙහි පැණිබොති වන බඹරු …………

මලමත නොරගති කඵ දෙබරු ………..

දහවල් නෙනිමෙයි අඹරේ තරු ………..

අවරින් නොනැගෙනි නැගෙන හිරු ……..

 

’කුසගිනි හැදුනට ඉඳුල් නොකවු…………’

’තනකොළ නොබුදිති සිංහ පැටවු ………….’

’කොඳමල් නොපිපෙයි ගිරි මුදුනේ ………..’

’ගවතෙල් නොදමයි රන් බඳුනේ ………….’

70 දශකය එළඹි ඇත. දෛවය සැමදා මිනිසා වෙත ’රෝසමල් යහනා අතුළ සිනිඳු පලස්’ අතුරනු නොහේ. ඔහු හදාවඩා හෙළිපෙහෙළි කරගත් වේගරිද්ම මාවතේ ’නව යෞවනයන්’ පියමං කරන්නට විය. ’සි ටී හඞ’ අංශූ මාත‍්‍රයකින් හෝ නැසී ගියේ නැතද ඉන් ’නව ගී’ මතුවි එන උල්පත සිඳි යන්නට විය.

1975 වසරේදී ’ලුවි වැන්ඩ‍්‍රස්ට‍්‍රාන්ට්’ ගේ ’පෙම් කුරුල්ලෝ’ තිරයේ දිගහැරෙද්දී ඉන් පෙර දශකයේ වේදිකාව එකාලෝක කල ’සි ටී’ හඞ ද මතුනොව රුව ද ඉන් මතුවිය.

මි අඹ වනයේ ගී හඞ පතුරා …………

කාවද අමතන්නේ …………..

ලස්සනට මුහුණට ඇස්වහ දෙන්නද …………

ඔයහැටි හිනැහෙන්නේ ………….

(ගී පද ආනන්ද සෙනෙවිරත්න)

නවයොවුන් වේගරිද්ම ගායන තරු ප‍්‍රතිභාව කෙමෙන් පැතිරෙද්දී, ’සි ටී’ හද සසළ කෙරිණිද …..? වප් මසින් දසසත්වැනි දාතම 1977 වසරේ එළැඹි තිබියදී තිස්වරසක රන් කෝකිළ නාද රිද්ම මතුකරදුන් හදවතේ රිද්මය නැවති ගියේ සුවසහසක් ශ‍්‍රාවක රසික සමූහයා සෝ සුසුම් සයුරක ගිල්වා දමමිනි.

 

සී ටී ගි රස උල්පත

අදද ඊයේ වාගේ සන්තොසින් …………..

අවදිවන්න අවදිවන්න ………….

අමතන්නට හැකි බසක් ………….

බිළිඳා නැළවේ උකුලේ ………….

දවස ගෙවි දැන් ටික ටික අඳුර වැටෙන්නා …………

කඵ මහවැලි කැළණිද වළවේ …………..

මා හද සිසිල් පවන් පොදක් ………….

රැ පැල් රැකලා පැල් කවි කියලා ………….

සිගිරි සුකුමාළියේ ……….

රන මොණරයි රණ මොණරියි ……………

මා සුකුමාලි ……….

රන්වන් රන්කෙඳි පිරාලා ……………..

මල් ලෝකේ රාණි ……..

පරවුනු මල් නැවත නැතේ ………

සංතෝසේ පෑහෙන්න සංතාපේ පහවෙන්න ………..

සිහින ලොවේ මිහිර මැවූ …………….

මගේ සුදු මාමේ ……………

——————

සී ටී වේගරිද්මය ඇතැම් විටක ’සොඳුරු වේග රිද්මයක්’ බවට පරිවර්තනය වුයේ බටහිර වාද්‍ය සංගීතයේ මිහිර ද ඊට මනාලෙස ගළපා ගැන්මෙනි. 60 දශකයේදී අන් කවර සිංහල ගීතයක් හෝ අභිබවනය කරමින් ඒවා අපුර්ව නාද සංකලනයන්ගෙන් සමන්විත විය.

පහත නිර්මාණ විමසා බලනු වටී.

අඩසියවසකට පසුව එදා මෙන් අදද ’සි ටී ගී’  එවන් අන් සියඵ ගීත හා කරට කර තබමින්  සාදයේදී, චාරිකාවේදී, ප‍්‍රියසම්භාෂණයේදී රිද්මයට පා තබමින් රගමින් ගයන්නට හැකිව ඇත්තේ එබැවිනි. ඒවා කිසිවිටක ’කල්ඉකුත් නොවන සර්වකාලින නිර්මාණයන් බවට අන් කවර සාක්‍ෂි ද ?

පරවුනු මල් නැවත නැතේ පිපෙන්නේ ………………..

සදඵ තලෙන් ඇද හැළිලා ගලන්නේ …………..

දවසක් ගතවුනා කියා හිරු අවරේ ගිළි ගියත් …………

සැමදා නැත සඳ පායන්නේ …………………..

—————————-

සංගීතය – පැට‍්‍රික් දෙණිපිටිය

ගී පද – කරුණාරත්න අබේසේකර

යුගය – 1968 පමණ

——————————

—————————–

රන්වන් රන්කෙදී පිරාලා ………

චන්දන කල්කෙන් නැහැවිලා …………..

කිංකිණි නූපුර නාද දී …………

මල් මල් මුහුණක් සේ ඇදී ……

උකුළ සාළාලා.. බඳ නළවාලා ….

රගන්න සියුමැළියේ…………….

——————–

සංගීතය  – පැට‍්‍රික් දෙණිපිටිය

ගී පද – කරුණාරත්න අබේසේකර

———————

————————

එහෙත් ’සී ටී’ එවැනි වේගරිද්ම සම්භාෂණ ගී කලාවේ පමණක් ඇලී ගැලී ඊට නතුවි සිටියෙක්ද ? නැත කිසේසේත් නැත පෙර සඳහන් කළ පරිදි ඔහුගේ නාමය යටතේ සාමාන්‍ය සරළ ගී ගුවන් විදුලිය සතුව එමට තිබේ. බලනු මැනවි.

මුතු මැණිකේ කළේ අරන් ……………

දිගු වරළස පිටේ හෙළන් …………..

කොයි යනවද උදෑසනින් ………….

තව පොඩ්ඩක් හිනාවෙයන් ………………..

—————————

ගී පද – සරත් මුණසිංහ

සංගීතය – පැට‍්‍රික් දෙණිපිටිය

වාදන මිහිර – ගුවන් විදුලි වාද්‍ය වෘන්දය

යුගය – 1965 පමණ

—————————

——————–

සිරිල් ටියුඩර් ’රුව’ ජිවමානව තබා සේයාරුවකින් හෝ දැක දැන හැඳිනගත් පරපුරු යුග්මයක් එනම් වත්මන් ළමා හා යොවුන් පරපුර මෙන්ම හතළිස්විය ඉක්මවා නොගිය මව්- පිය පරපුරක් වෙසෙන මේ යුගයේ ඔහු පිළිබඳව යතුරු ලියනය කෙරෙන මේ සටහන් ද බහුතරයක් ගී ශ‍්‍රාවකයන්හට ආගන්තුක විය හැකිය.

’රාජ්‍ය ගුවන් විදුලි සේවා නාලිකා’ හැර දැන් දැන් ඔහු ගේ උක්ත මධුර රස කැලතු ගී පෙළ විකාශය කෙරෙන රේඩියෝ නාලික දුර්ලභ වී ඇත්තේද ඉහත කරුන නිසා වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

’සී ටී’ රසික ප‍්‍රසාදයේ හිනිපෙත්තේ වැජඹුනු 60 දශකයේදී කළඑළි බට ’ක්ලැරන්ස්’ විජේවර්ධන නම් යොවුන් තරුණයා ඔහුගේ ’අනුප‍්‍රාප්තිකයා’ ලෙසින් හැඳින්වීම කොතරම් නිවැරදිදැයි ගැටඵකාරීය.

’ක්ලැරන්ස්’ ට වඩා ’සි ටී’ සොබාසෞන්දර්යය වර්ණනා කරමින්, මව් සෙනෙහස, සත්ව කරුණාව, ගැමි දිවිය, ජන්ම භූමිය අගයා ගී ගැයූවේය. ඊට එකිනෙකට දෙවැනි නොවන මියුරු වාද්‍ය ඛන්ඩ නිර්මාණය වුයේය. ’කන්ඩායම් ගී’ කලාව පිබිදී හැදීවැඩී ශ‍්‍රාවක සිත් කැළඹූ උක්ත දශකයේදී ඔහු ඊට අනුගත නොවි සිය ස්වාධීන ඒකල ගායන දිවිය අඛන්ඩව ගත කරන්නට ප‍්‍රිය කළ බව පෙනී යයි.

දෙයියන්ගේ රටේ – 1957, (හිමේ සමන් දෙවි පිහිටෙන්)

හතර මහ නිධානය – 1965, (සෝබනඵ කොළඹ නගරේ)

සාරවිට – 1966, – (ලස්ස ගනන් වස්තු ලැබී)

සැගවුනු මැණීක – 1967, (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා)

සඳ නැග එද්දී – 1966, (ලා තන නිල්ලයි)

කවුද හරි – 1969, (මී වදයකි ජිවිතේ)

පාරා වළලු – 1969 (විහිඵ විහිඵ)

නිම් වළල්ල  – 1970 (නිසුයුරු මුතුළැල්)

සමනළ කුමරියෝ – 1972 (නෝනා පොල්ල සෙල්ලම)

පෙම් කුරුල්ලෝ – 1976 (මී අඹ වනයේ ගී හඞ පතුරා)

—————–

ළා තන නිල්ලයි…

ගලනා ඇල්ලයි………

සැළෙනා නා දල්ලයි …

ලෝකේ හද මගේ සොල්වයි…………

—————————–

සිනමා කෘතිය – සඳ නැග එද්දී

සහය ගායනය – සී ඩී ෆොන්සේකා

ගී පද රචනය – නැසිගිය ප‍්‍රවිණ ගුවන් විදුලි ශීල්පී සිංහල සේවා අධ්‍යක්‍ෂ ලලිත් එස් මෛත‍්‍රිපාල

තනුව – විදේශිය තනුවකි

සිනමා සංගීත අදියුරු – නැසිගිය ප‍්‍රවිණ සංගීතවේදී තිලක් කරුණාතිලක

————————————-

1960 දශකයේ එක්තරා යුගයකදී ද වරින් වර පැවැත්වෙන සුපුරුදු ලංකා ගුවන් විදුලි හඞ පරික්‍ෂණය හෙවත් ’ඔඩිෂන්’ සඳහා පරික්‍ෂක මන්ඩලය වෙත කැඳවා තිබුනේ මහ සංගීතවේදී සුනිල් සාන්ත, පන්ඩිත් අමරදේව සහ ජ්‍යෙෂ්ඨතම සංගීතඥ එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් ය.

ඊට මුහුණ දී සිය ශ්‍රේණිගත මට්ටම ඉහළ නංවා ගැන්මට ’සී ටී’ ද සහභාගි වි තිබු බවත්, අවාසනාවන්ත ලෙසින් ඔහුට ’විශිෂ්ඨ ශ්‍රේණිය’ ලබාගැනීමේ වරම එහිදි අහිමි වි ගිය බවද වාර්තා වේ. හේතුව ලෙස වාර්තා වී තිබුනේ ’සි ටී උච්ච ස්වර පරාසයේදී දැක්වු දුර්වලතාවය’ බව කියතත් ඉහත ගැයු ගීතයේ ඔහුගේ ඒ ගායන කුසලතාවය මනා ලෙස ඉස්මතු වන අයුරු නිරික්‍ෂණය කළ හැකියි.

අතැගිලි ගණනක සිනමා කෘති සංඛාවකදී පමණක් ඔහු ගේ ගී නාදය ශ‍්‍රවණය කළ හැකිවීමෙන්, ද ඔහුගේ යුගයේ ලාංකිය සිනමා කර්මාන්තයේද ’වසන්ත සමය’ ගතවෙමින් තිබුනද, ඒ කරුණ එසේ සිදුවිමෙන්ද, ඔහු ’සිනමා’ ගීත කලාව කෙරෙහි එතරම් ප‍්‍රියතාවයක් නොදැක්වූ බවක් පෙනි යන්නේදැයි කුකුසකි.

පිය උරුමය අඛන්ඩය ඉදිරියට ගෙනගිය ’සී ටී’ එකම පුත් ’ප‍්‍රියන්ත’ ද ලොවින් සමුගෙන ගොස්ය. ඉහත කී ගැටඵ ලිහා හැරගැන්මට ඔහු සමීපව ඇසුරු කළෝද වත්මනෙහි දුලබය.

සිංහල ගී වංශකථාව කිසියම් දිනක කිසියම් පිරිසක් විසින් සටහන් කරනු ලබනවා ඇද්ද, ඔවුන් හට ’සිරිල් ටියුඩර් ප‍්‍රනාන්දූ’ නම් වූ රසවතා උදෙසා එහි පරිච්ඡේදයක් වෙන් කරන්නට සිදුවනු නිසැකය. මක් නිසාද යත් ඔහු ’සිංහල ගීත කලාවේ ’බටහිර සළකුණ’ නිසිලෙස මතුකරදුන් පුරෝගාමියා වන හෙයිනි.

නිමියේය.

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Previous »

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved