• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

m-k-rocksamy

එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

June 18, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

එම් කේ රොක්සාමි තැනූ  – වැයූ අම මී ගි බිඳු – 04 වන  දිගහැරුම

අකාස්මිකව මතුදිනක වෙන්නට නියමිත කිසියම් විපතක් උපවිඥානයෙන් පැන නැංවීදෝ ’වෙන්කට්’ මෙවදන් ඉන්ද‍්‍රජාලික ’වදන් මැවිසුරු’ කරුණාරත්න අබේසේකරයන්ගෙන් ලියවා ගනු ලැබ ’බෙග්’ ලවා ගයනා කරවා සිය නිර්මාණය සැරසිය.

ඔහු ගැයු අනෙක් ගීය ’ශ‍්‍රී නිහාල් ජයසිංහ’ නම් වූ කලාකරුවාගේ පබඳිනු ලැබු අතර මෙකී ගීත ද්විත්වයම දශක ගණනක ඇවෑමෙන් ’බෙග්’ ගැයූ විශීෂ්ඨතම බොදුබැති ගී පෙළ සමග රැඳෙන්නේය

සකල සතම බොදු බැතියෙන්…..

නමදින සුරහැර හැම වේලේ ……………….

සුගත තථාගත ලෝක සිවංකර ……………..

සම්බුදු සිරිපාදේ ……………………

50 දශකයේ සිට ඔබ්බට ’රොක් මාස්ටර්’ වු ඔහු තරම් කාර්ය බහුල වූ සංගීතඥයෙක් නොසිටින්න ඇතැයි හැගී යන්නේ ඔහු එදවස ’සැක්සෆෝනයෙන්’ හා පසුව ’වයලීනයෙන්’  සහභාගී නොවු ගුවන් විදුලි ගීත පටිගකරීමක්, සිනමා ගී පටිගතකිරීමක් හෝ වෙළඳ තැටි – කැසට් ගත කිරීමක්, ඒක  පුද්ගල සංගීත ප‍්‍රසංගයක් නොතිබුු තරම් නිසාය. 70 දශකයේ ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹි ගුවන් විදුලි ගායක ගායිකාවන් විමසද්දී බොහෝ විට ඔවුන් ගේ වාද්‍ය වෘන්දයේ ’රොක්සාමි’ වාදනය කරනවා දක්නා ලදැයි හෙළිරවු කරති.

අතිශය නිහතමානී උදාර මානව ගුණාංගයන්ගෙන් පිරිපුන් ඔහු ගේ ශ‍්‍රම දායකත්වය වෙනුවෙන් තමන්ට ලැබිය යුතුව තිබුනු ගෙවිම් අනුග‍්‍රහකයන් විසින් පැහැර හැර තිබුනද, අමතක කර දමා තිබුනද ඔහු ඒවා පසුපස හඹා යන්නට වෙර නොදැරූ බව ඔහුගේ හිතවතුන් කියා සිටියි. තමන් නිරතවන කාර්ය භාරය තමන්ගේ වගකීම නොපිරිහෙලා නොපැකිළිව ඉටු කර දෙන්නට හැමවිටම උත්සහ දැරූ ඔහු එය ඉතා හොඳින් අඩුලුහුඬකම් වලින් තොරව සිදුකර දෙන්නට වගබලා ගත්තේය. ඒ ’දිමනාව’ ඔහු කිසිසේත් ප‍්‍රමුඛ කොට නොසැළකු නිසාය.

1978 වසරේ ’සිරිපතුල’ සිනමා නිර්මාණය තිරගත වෙද්දී දිවයින පුර බොදුනුවන්ගේ ප‍්‍රබෝධයක් ඇතිවෙමින් තිබිනි. දිවයිනේ මුල්වරට ඉන්දිය රජයේ අනුග‍්‍රහයෙන් ’කපිලවස්තුපුර සර්වඥධාතු’  ලක් දිවයිනට වැඩමවා උත්සවාකාරයෙන් දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ප‍්‍රදර්ශනය කරමින් තිබු සමයයි ඒ. රොක්සාමි හැදු ’සකල සතම’ එදා දොරින් දොර නගරයෙන් නගරය ගමක් ගමක් පාසා රැව් පිළිරැව් දුන්නේ බෙග් මාස්ටර් ගේ ජනප‍්‍රියතම බොදු ගීතය වු ’බුද්ධං සරණං ගච්ඡුාමි’ කරට කර සිටිමිනි.

එහෙත් එතැන් හි සිට පස්වසක් ඉක්ම ගිය කල්හී මෑත ලක් ඉතිහාසයේ එදාමෙදාතුර රගදැක්වූ අතිශය අමානුෂික කෘරතර ජවනිකා පෙළ අගනුවර විදී වේදිකා කරගනිමින් පෙළගැසෙමින් පැවතියේ ’ඇසළ මහේ’ අවසන් සතිය ගෙවියද්දීය. බටහිර ගොපඵ සිනමාවද පරදාළු ගත ළොමුදැහැගෙන්වෙන් ත‍්‍රාසජනක රූපරාමු ලොව සතර දිග්භාගයේ රූප මධ්‍යයෙන් දිගැහැරෙනු ලැබීය.

එකී සියවසේ දැවැන්තම ’අග්නි බිලි පූජාව’ ලක් පින් බිමේ පැවැත්වෙද්දී මැදියම් ? අහස සිසාර හත්පස ඒකාලෝක කරමින් අග්නිජාලා පැතිර ගියේය. අපිරිමිත සෑදෑ ගුණයෙන් සහ පෙරනොවූ විරූ දෑ අබිමනින් දෝ ඔවුහු යුහුසුඵව ’ප‍්‍රාණය ඉල්ලා හඞා වැටෙන මානවයන් ’ අග්නි දෙවියන්හට පුදදෙන්නට විය.

මාර්ගයේ ඔබමොබ දිවයන රථ පදවන්නන් විරුද්ධ පිළේ සාමාජිකයන් වී නම් ඔවුන්ගේ ආගමික ශුද්ධ ග‍්‍රන්ථයක් වූ ’රාමායණයේ’ කියැවෙන ලෙසින්  ’සීතාවන් ගේ පතිවත කිරාමැන බැලිමේ’ ප‍්‍රායෝගික පරික්‍ෂණයට එහිදී සජීවි ලෙස රග දැක්වෙමින් තිබුනි. මේ වාරයේ ඊට ’සිතාවරුන්’ මෙන්ම ’රාමා – ලක්‍ෂමන්’ වරුද බුරුතු පිටින් ගොදුරු කෙරිනි.

එසේ තැන්හි තැන්හි ’කිහිරි අගුරු’ බවට පත් වූ සිරුරු වගතුග පසුවිපරමේදී දැන හැඳින ගැන්මට ලැබුනු අනුවේදනීය පුවත් බොහෝ වන්නට ඇත. එදා ’සිරිපතුල’ කථා පුවත ගෙනහැරපාමින් බොදුණුවන් සැදැහ වඩවූ ඔහු ’කේ වෙන්කටසාලවන්’ මෙදා එසේ ඔවුන් අතර සිටි අල්පයක් වූ ’පවිටු මැරයන්’ හමුවේ ඛේදනීය ලෙස සිය අවසන් හුස්ම කඵ දුම්රොටු අතරට මුසුකර දී තිබිනි.

තිස්හයවසක අයූකාලයක් යෙහෙන් වැජඹෙමින් පැවතී ’ලක් සළ රූ’ කලාවේ ප‍්‍රාණනාළිය බඳු ’චිත‍්‍රාගාර’ ’අමිල අගයකින් යුතු සිනමා සළ රූ සේයා පටල’ ’සැකසුම් උපාංග’ ’සිනමාශාලා’  අඵදුහුලී රැගත් දුම්වළාපටල අඳූරු අහස් කුස වඩාත් අඳුරු කරමින් වසා පැතිර ගියේ එතැන් සිට මතු එළඹෙන හෙළ සිනමාවේ අඳුරු යුගයේ සේයා රූ මවමිනි.

දශක දෙකකට අධික කාලයකදී මතු සඳහන් කළ රසපූර්ණ සත්සර නාද රටා මවමින් ගීත ලොළීන් සිත් රංජනය කළාවු මෝහනීය  නාදමාලා වැයූනු ඒ මාහැගි වයලීනයේ තත් රැහැන් සිඳි ගැලවී ගොස් තිබුනි. ’උදේ හවා දශක ගණනාවක් සිය ස්වාමියා ගේ ළමැද පහස ලැබු එය අඵ දුහුවිලි පිරුණු ඉදිරි අංගනයේ පොළව සිප අසරණව වැතිරි සිටියේය. පසෙකින් පොඩිකර දැමු ’රොක්සාමි’ ගේ සරණ බන්ධනයේ සේයා රූ සිහිවනය ඊට තනි රැක්කා සේය.

Rocksamy with his wife
Rocksamy with his wife

සහෝදර කලාකරුවන් දශක ගණනක සිට  දැයක් නැළවු සැනසූ  ’රොක්සාමි’ සංගීතවේදියා ඇතුඵ ඔහුගේ පවුලේ සාමාජිකයන් යුහුසුඵව නොපමාව රැක ගන්නට දිවි පරදුවට තබා ක‍්‍රිය කළේය. ලගින්ම පදිංචි වී සිටි ’ඩයමන්ඩ් පෙරේරා’ සහෝදර වාදක සහෘදයා සිය අතිජාත මිතුරු වාදකයාද එවකට පිළිවෙලින් 17 සහ 15 වියැතිව සිටි ඔහුගේ පාසල් යන දියණිවරුන්ද ඔවුන් දෙදෙනාට වැඩිමල් ’පුතු’ ද රැකබලා ගනු ලැබ අතර දුර ඇමතුමක දුර අන්තයේ රැඳි සහෝදර සංගීතවේදී ’සරත් දසනායක’ යන් වෙතින් ’සදාදර වයලීනය’ තමන්ට සදහටම අහිමි නොවූ බව දැනගත් ’රොක්සාමි’ සිය නෙතින් රූරා ගලා හැළෙන කදුඵ බිංදු වෙතින් හදවත දවාඵ සංතාප ගින්න නිවාගත්තේය.

’ලංකාණ්ඩුව’ විසින් පවත්වාගෙන යනු ලැබු ’සරණාගත කඳවුරු ගතවි’ සති මාස ගනන් හිස් අහසට දුක් සුසුම් පොදි මුදාලු දස දහස් ගණන් දනන් අතරට ඔහුගේ දුක්වේදනාද එක්කරන්නට ඉඩ නොතැබූ ’කේමදාසයන්’ ඔවුන් ඔහුගේ නිවහන වෙත කැන්දා ගනු ලැබිය.

’ඒ දක්වා කලා ලෝලී ලක් වැසියන් වෙත දයා පරශව සහන් සුවය ලගාකර දුන් ’සරසවි දේවීය’ එයින් නික්ම ගියැ වැන්න. එසේ උදා වූයේ ’ලාංකීය සිනමා  – නාට්‍ය – සංගීත’ කලාවේ පරිහානි යුගය වන්නට ඇත. එතැන් සිට යම්තම් පස්වසක් ඉකුත් වී මද කලක් ගතවූ  කල්හී 1988 නොවැම්බර් 20 දින දී මේ අසහාය සංගීතවේදියා ද අවසන් සුසුම් පොදින් ලක් මව පුදා සපනස්වියක දිවිමග සැරිය නිමා කලේය.

 සමාප්තයි

(විශේෂ ස්තුතිය – ඉන්ද‍්‍රානි රොක්සාමි මහත්මිය වෙතට)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

May 28, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

එම් කේ රොක්සාමි තැනූ  – වැයූ අම මී ගි බිඳු – 03 වන කොටස

සිත් පහන් කර නිවා සනසාලන සත්සර රටාවෙන් අවස්ථානුකූලව මිදී යොවුන් සමනල් වියේ ජවය කුඵ ගැන්වෙන රංගන ලතාව පොබයූ සංගීත රිද්මයට අවතිර්ණ වන්නට ඔහු අපුරු සමත්කමක් දැක්විය.

You’re my one and only one ………….

I’m your ever loving one …………..

Your are my one and only KANDY ළමිස්සී ………

(මරියසෙල් ගුණතිලක විසින් සපයා ගත් රචනයකි)

————————-

ගීතයේ පද – මරියසෙල් ගුණතිලක

සංගීත අධ්‍යක්‍ෂණය – එම් කේ රොක්සාමි සංගිතවේදියා ගෙනි

නිෂ්පාදනය – සිමාසහිත ජෙම්ටෝන්

නිෂ්පදක – විජයපාල හෙට්ටිආරච්චි

වසර – 1975 පමන

වද්‍ය සහය  – මිඩ්නයිට් මිස්ට් වාදක මන්ඩලය

ගායන සහය – චූලා ප‍්‍රනාන්දු, රෝයි වැලිකළ, දීපාල් නෙල්සන්, ටිරෝන් රොසයිරෝ

——————–

මෙයාකාරයෙන් නිකුත් වු ගීත තැටියක තනි පාර්ශ්වයක ඇතුළත් කළ හැක්කේ උපරිම ගීත ද්විත්වයකි. කිසියම් විටකදී ගීතය සාමාන්‍ය ධාවන කාලය වූ විනාඩි තුනහමාර ඉක්මවා යන්නේ නම් එවිට එහි ඒ ගීතය පමණක් අඩංගු කරන්නට සිදුවේ. නිෂ්පාදකයන් මේ හේතුවෙන් දිර්ඝ ධාවන ගීත නිර්මාණයෙන් වැළකි සිටියද උක්ත ’ජෙම්ටෝන්’ තැටිය විසින් ඒ සම්ප‍්‍රදාය බිඳ හෙළමින් ගීතය වේගරිද්මයෙන් ගැයෙද්දීම එහි ධාවන කාලය විනාඩි පහක්ද ඉක්මවූ දිර්ඝ ගීතයකින් ශ‍්‍රාවක ප‍්‍රජාව පිනවීය.

එදවස ලංකා ගුවන් විදුලියේ නිවේදක මඩුල්ලේ සාමාජික පසුව එහි අධ්‍යක්‍ෂ ජනරාල් බවට පත්වු ’හඩ්සන් සමරසිංහ’ (සමරසිංහයන් වේගරිද්ම රටාවට මනා ලෙස අනුගත වන ගී පද ලිවිමේ ප‍්‍රතිභාවෙන් අනුනය. මෙකි යුගයේදීම ඔහු ඉන්ද‍්‍රානි පෙරේරා වෙනුවෙන් ’සුදු අසු පිට නැගලා….’ ගීතය රචනා කලේය*  මරියසෙල් වෙනුවෙන් ලියු ගීතයට ’නැළවෙන – රගදෙන  ඩිස්කෝ රටාවට නෑ සබඳකම් සහිත සංගීත රටා මුසුකලේ ද ’රොක්සාමි’ සංගීතවේදියා විසිනි

පාට රත්තරං අහසේ රතු වළාකුලේ………….

හරිම සීතලක් දැනෙනවා උඩු ගුවන් තලේ ………….

හිම කඳුවැටි අතරින් එන මන්ද මාරුතේ …

ලෝකේ වටේ… ලෝකේ වටේ.. ලෝකේ වටේ….

එන්න යන්න මෙන්න ආදරේ ………………

————————

ගීතයේ පද – ප‍්‍රවිණ ගුවන් විදුලි නිවේදක හඩ්සන් සමරසිංහ විසිනි

සංගීත අධ්‍යක්‍ෂණය – එම් කේ රොක්සාමි සංගිතවේදියා ගෙනි

නිෂ්පාදනය – සිමාසහිත ජෙම්ටෝන්

නිෂ්පදක – විජයපාල හෙට්ටිආරච්චි

වසර – 1975 පමන

වද්‍ය සහය  – මිඩ්නයිට් මිස්ට් වාදක මන්ඩලය

——————–

නව පාලනයක වර්ෂපූර්ණය සපිරෙද්දී සිදුකෙරෙමින් පැවති සුවිශේෂී ආර්ථික පෙරළියකින් අනතුරුව ලක්වැසියන් හට පෙර නොවු ආදායම් මාර්ග ඇතිවෙමින් තිබු සමයේ එහි අනුහසින් ඒ යුගයේ සුඛෝපභෝගී වූ විවිධ තාක්‍ෂනික උපාංගයන්ගෙන් වෙළඳ පොල පිරි ගියේය.  ට‍්‍රන්ක පෙට්ටගමක් බඳුවු ’ගුවන් විදුලිය’ යන්ත‍්‍ර නියෝජනය කරමින් කළ එළි බට  ඊට සාපේක්‍ෂව කුඩා වූ හුරුබුහුටි යන්ත‍්‍රයකින් ’කැසට්’ පටි ද ඊට පෙර යුගයේ සුපතළ වූ ’තැටි’ ද වාදනය කළ හැකි වූ බව එදවස සංගීත ලෝලීන් හොඳින් දනිති.

එහි ඉල්ලුම සපුරාලීමේ වරය වඩාත් හොඳින්ම අත්කරගත් ව්‍යාපාරික රසවතා ’විජය රමාණායකයි’. ඔහු එදා සිය ’තරංගා’ ලේබලයෙන් වරෙක ඒ වනවිට ජනහද දිනු ගුවන් විදුලි සහ ඇතැම් පැරණි සිනමා ගී ’ප‍්‍රතිනිර්මාණය’ කරන්නට මුල් වෙද්දී වරෙක ඒ කර්තව්‍ය වෙනුවෙන්ම ’නැවුම් ගී’ හඳුන්වාදෙන්නට යෙදිනි.

ගායන ශිල්පී ’ටි එම් ජයරත්න’ ගේ දායකත්වය ලද එවන් ගී පෙළකින් මතු වූ ගීයක මතක සටහන් නොම වියැකි ගියේ ’රොක්සාමි’ සංගීතවේදියා විසින් වයන ලද මධූර මනෝහර ’වයලින නාද රටාව හේතුවෙනි.

හිතින් මා නොසැලී ඉඳිද්දී ……………

කඳුල නුඹ ඇවිදින් …………

නිවා දැමු ඒ නෙතේ පීඩා ……………….

නොබිඳිනු මැනවි …………………..

———————-
(ගී පද බැඳුම – නැසිගිය පේ‍්‍රමකීර්ති ද අල්විස් සංගීත නිර්මාණය – නැසිගිය ස්ටැන්ලි පීරිස් – 1980)

———————–

නිෂ්පාදනය – ’තරංගා’ රෙකෝඩ් බාර්

නිෂ්පාදක – නැසිගිය විජය රාමණායක

වසර – 1980 පමණ

සංගීතය – නැසිගිය ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා විසිනි

ගී පද – නැසිගිය ප‍්‍රවිණ නිවේදක පේ‍්‍රමකීර්ති ද අල්විස්

—————————

එවන් ආකාරයේ ගණනික් මෙතෙකැයි කියා නිම කල නොහැකි ගී මිණිමුතු කන්දක් ඔප දමා හැඩ වැඩ කරන්නට ’රොක්සාමී’ වයලින් නාද සංකලනය හේතු විය. ’ටි එම් ජයරත්න’ යන්ගේ 70 දශකයේ මුල් භාගයේ  ’ගුවන් විදුලි’ ගී නිර්මාණයන් හි යමෙකු නොඉඳුල් ගැයුම්  රසවිඳින්නේද ඔහු හෝ ඇයට ගැයුමේ විරාමයෙන් විරාමයට සවන පිනවන්නේ ’රොක්’ නාදරටවයි. ඔහු මතු නොව වෙනත් බොහෝ ගායක ගායිකාවන් ගේ ගීත වැයුමෙන් රසගැන්වුයේ ඔහුය.

මල් මල් හීනය මි බද උදයේ………….

පැල්පත් මීදුම මැද රැඳිලා …………….

නිල්වන් අහසේ පින්බර උදයක ……………

රන්වන් රන්වන් හිරු නැගිලා …………….

(ගී පද – මහාචාර්ය සුනිල් ආරියරත්න)

60 දශකයේ ලාංකීය ගීත කලාව කළඹා ළෙලවා හමා ගිය ’කන්ඩායම් ගී’ නම් වූ පවන් රැුළ ඇතැමෙකුට ’කුණාටුවක්’ වෙද්දී ඒ වනතුරු සිංහල ගීත කලාවෙන් දුරස් වූ ශ‍්‍රාවකයන්ට සහ රසවින්දනයේ නව ඉසව් ප‍්‍රියකල යව්වයන්ට ’සිහිල් පවන් පොදක්’ ම විය. එදවස ගීත කරලිය වර්ණවත් කල කන්ඩායම් ගී අතරින් සොඳුරු මතක සටහන් ඉතිරි කළ ගීතයක ’වාද්‍ය මිහිර ස්වර රටා’ මතුකරදුන්නේ ’රොක්සාමි’ විසිනි.

මුඵ ගතම වෙහෙසුනා ……………..

දහඩියෙන් නැහැවුනා ……………….

දුක ගින්න නිවා ගන්න මෙමා …………….

යකඩ තලන්නා ………..

වෙහෙසීලා ….

දුක්විඳලා ………………

කම්මලේ යකඩ තලා ……………….

(තනුව සහ ගැයුම – ජෝ බී පෙරේරා – ’ලොස් මුචාචෝස්්’ ගායක කැළ – 1969?)
————-

’වෙන්කටසාලවන් – රොක්සාමි’ යුග්මය යළි යළිත් හෙළ සිනමා රසිකයන් හමුවට සපැමිනියේය. ඔවුන් අතරින් අද මෙන්ම එදාද අතිබහුතරය ’බොදුනුවන්’ වු වගද තමන් නොමදව වෙහෙසෙමින් නිර්මාණකරණ දැළ වියන්නේ ඔවුන් උදෙසා වගද දැන හැඳින සිටියේය. හෙට දිනයෙත් තම කුස් පුරවන ඔවුන් වෙනුවෙන් දෙදෙනා ’බොදු තේමාවන්’ සොයා පියමං කළහ. කීර්ති ශ‍්‍රී නිංශ්ශංකමල්ල නරපති කිරුඵ දැරූ ’පුලතිසිපුර’ යුගයේ  ’ශ‍්‍රි පාද පද්මය’ සොයාගත් ජනප‍්‍රවාදයට නවඅර්ථකනයකින් එළිදුටු සිනමා සිත්තම නම් කෙරුණේ ’සිරිපතුල’ ලෙසිනි. එය 1978 වසරේ බක්මහ සැණකෙළි සමය ඉලක්ක ගතව දිවයින පුරා තිරගත කෙරිනි.

එල් එම් ෆවුසී (නිෂ්පාදක), කේ වෙන්කටසාලවන් (අධ්‍යක්‍), එම් කේ රොක්සාමී (සංගීත අධ්‍යක්‍ෂ), අල්හාජ් මොහිදීන් බෙග් (ගායක) යන විජාතික ඔවුන් සිය මව්බිමේ ’බොදු’ සහෝදරවරුන් වෙනුවෙන් සුරස බොදු බැති ගී පෙළක් දායදා කළහ.

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ……………

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ …………

ඇසින් දුටු දේ බොරු වී නොයෙයිදෝ ……

දෙකණින් ඇසූ දේ නොවී ………………

එකකුස ඉපදීලා වෛරෙන් මත්වෙලා ………..

තම සොහොයුරා මරයි වසවිස දීලා …………

තන්හා පොදි ගසා……….

තව කෙනෙකුන් නසා …………

මොනවද අවසානේදී අරගෙන යන්නේ …..

—————————-

———————————————————————————————————

’රොක්සාමි’ සිහිළැල් ගීත ගගුලෙහි පහස ලබනට යළි ඉදිරි දිනක මුණගැසෙමු

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

May 15, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

එම් කේ රොක්සාමි තැනූ අම මී ගි බිඳු – 02

ගුවන් විදුලි සරළ ගීයෙන් ඔබ්බට සිය ප‍්‍රතිභාව මෙහෙයවන්නට අසමත් ව මිළිණව සැගව ගිය ගායන ශිල්පීන් අතර ’ජේ ඒ ධර්මරත්න’ නම් වූ නාමය ද සටහන් වේ. ඔහු එදවස 70 දශකයේ ගැයු ගී අතර අදද එදා ශ‍්‍රාවක දනන් සිත් පැහැර ගත් නාද රටාවක් පෙළගැස්වූයේ ’රොක්සාමි’ විසිනි.

කඩන්න බැරි මල් පිපුණට  නැහැ ළතවෙන්නේ ………..

දිගු දෑතක පහස ලබා පෙති සැඵනාවේ …………..

(ඩබ්ලිව් විල්ෆ‍්‍රඩ් සිල්වා )

 

මිල්ටන් මල්ලවාරච්චි නමින් පිබිඳි විකසිත වෙමින් පැවති ගායන පෞරුෂය වෙනුවෙන් නොපැකිළිව අත හිත දුන් ඔහු මිල්ටන් නමින් එළිදුටු වෙළඳ ගී තැටියක් උදෙස මියැසි වෙණ නද මැව්වේය.

පායා ආ සඳ අඳුරු වළාවෙන් ………….

මා ඉදිරියෙදිම වැසුනා ……………..

සෝකය තාපය පාඵව අතරේ ………….

ඉකිබිඳ හැඩුවා ඇසුනා …………………..

(කරුණාරත්න අබේසේකර)

ගමනේ ගිම්නිවු එදා ………..

සැනසුම් පවන් සළා …………..

ඔබ මා දවයි දිවා ? ………….

හද සෝ සුසුම් හෙළා …………

(කරුණාරත්න අබේසේකර)

මිල්ටන් ගුවන් විදුලි සරළ ගීතාවලිය ශ‍්‍රාවක දෙසවන් පිනවනු වස් මතු වූයේ 70 දශකයේ මුල් යුගයේදීය. එහිදී ’රොක්සාමි සංගීතවේදියා’ මතුකළ රසොඝයයි මේ.

මධුමල ලෙස මුදු මගේ ප‍්‍රියාදර මිහිරාවිය වෙතටයි………….

ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි………………..

කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති හැම දේ……….

පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි……

(කරුණාරත්න අබේසේකර)

https://youtu.be/fMEWXhY2E0U

70 දශකයේ ඉතා තරගකාරීව පැවතී ගීත කලා ක්‍ෂේත‍්‍රයේ දී යම්කිසි අධුනික ගායන ශිල්පියෙකු හට මතුවි සිය නාමය ශ‍්‍රාවක හදවත් හී නිත්‍යව ලැගුම් ගන්වන්නට තරම් අවස්ථාවක් ලැබීම අසිරිමත් සිදුවිමකි. ’විජේසිරිවර්ධන පොළොන්නෝවිට’ නමින් වු ඔහු ලංකා ගුවන් විදුලිය තුලින් විකසිත වූ මුල්ම ගීතය, වෙනුවෙන් සංගීත සංයෝජනයෙන් සහය වූයේ ’රොක්සාමි සංගීතවේදියාණන්ය. ’කේ ඩි කේ ධර්මවර්ධන’ නම් ප‍්‍රවිණයාගේ නැවුම් අදහසක් රැගත් ගී පදවැලක් හිමිකරගන්නට එදා ඔහු වරම් ලද්දේය.

’උණ පඳුරක මල් පිපිලා……………’

’ඔබේ පෙමත් ඒ වාගේ…………….’

’මලක් පිපි පෙති හැළිලා …………’

’ඔබේ පෙමත් ඒ වාගේ ……………..’

(තනුව  ගායකයා සතුබව කියැවේ)

එකී දශකයේ උදාව සමගින් ’ගුවන් විදුලිය’ ඔස්සේ මතුවෙමින් පැවති යොවුන් ගායක ගායිකාවන් අතර ප‍්‍රමුඛයා ’ප‍්‍රියා සූරියසේන’ ලෙස හඳුන්වාදීම අසාධාරණ නොවනු ඇත. මක් නිසාද යත් එදා ඔහු ගැයු ගීත අතගැලි ගණනකට අඩු සංඛ්‍යාවක් හැරුනුවිට අන් සියඵ ගී නොමද ශ‍්‍රාවක අවධානයටත් ඇගයීමටත් ලක් වු බැවිනි. ඒ අතරින් ’ප‍්‍රියා සුරියසේන’ නම් වු අති දක්‍ෂ තනු නිර්මාපකයා සංගීත සංයෝජකයා අතරින් ද ’රොක්සාමී’ නිර්මාණයක් හමු වෙි.

සරතැස නිවා ……….

දිවි කතරේ ……..

ඔබ හමුවුනා මට සොඳුරේ…………

දිය ගලනා උල්පත් මවා මවා…..

(පේ‍්‍රමකීර්ති ද අල්විස් පබැඳුම)

’වෙළඳ තැටි’ නිපැයුම්කරුවන්ගේ ඒකායන අරමුණ ’අලෙවි වාර්තා පිහිටුවා ඇල්බමය විකිණිමයි’ යන ආදර්ශ පාඨය මනාසේ දැන හැඳිනගත් ’රොක්සාමි’ ඒ අරමුණ නිසි ලෙස සපුරාගන්නට හැකි වන සේ සිය නිර්මාණ කෞෂල්‍යය මෙහෙයවීමට වග බලා ගත්තේය.

බටහිර තුර්ය නාද සහ වේගරිද්මය ඊට නිසි පමණින් නිසිකලට මුසුකලේය. ’ෆීලික්ස් ඇන්ටන්’ නම් ගුවන් විදුලි ශිල්පියා ගේ නමින් ඇසුණු ගි අතර පෙරමුණගත් මේ නිර්මාණය සළකනු වටී.

නෙත පිනන රුසිරු වත ඔබේ…………….

සිත එකගකරන සිත ඔබේ…………..

රන් දිමුතු මුතුද ලග තිබේ…………

මගේ සියඵ දෙයම මතු ඔබේ…………..

(පේ‍්‍රමකිර්ති ද අල්විස්)

මෙසේ 70 දශකයේ මධ්‍ය භාගයට එළඹෙද්දී ගී ශ‍්‍රාවක උන්මාදය ද උච්චස්ථානයට එළඹෙයේය. ගුවන් විදුලියේ අසීරූ මාවත මගහරිමින් ගීත ලොවට පිවිසෙන්නට වරම් පෑතූ නව ගායක ගායිකාවන් වෙළඳ තැටි ව්‍යාපාරිකයන්ගේ සරණ පැතුහ. ’මරියසෙල් ගුණතිලක’ නම් වූ යෞවනිය පැතුම් පිරූවේ ’වේගරිද්මයේ ශ‍්‍රාවකයන් මුසපත් කරන්නටය’. ’රොක්සාමි’ සංගීතවේදියා එය මනාව අවබෝධකරගත්තේය. ප‍්‍රබුද්ධ ගී රසය නොරිසි ශ‍්‍රාවක සමාජය පවා ’යුග යුග යළි යළි රස මිහිරෙන් මන්මත් වන’ තනු නාදරටා ඔහු සතුව නොමදව තිබිනි.  අරුත්සුන් වදන් ඇතුළත් නියමාකාර ’ගී පදමාලාවක්’ නම් යම් කිසිවක් ඇතුළත් නොවු ගීයක් ගායනා කරමින් ඇය එකරැයින් රසිකයන් අතර නමරැන්දූවේ ’රොක්සාමී’ සංගීතවේදියාගේ අපුර්ව රිද්ම රටාවේ බලමහිමයෙනි.

මතු සම්බන්ධයි……..

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

කියවන්න එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 3  –>

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

May 1, 2022 by shamilka
M K Rocksamy, Prabath Rajasooriya

 එම් කේ රොක්සාමි තැනූ අම මී ගි බිඳු – 01

හින්දි සිනමා ගීත මාධූර්යය නොපරදින්නට සිංහල සිනමා ගීත රසය දියුණු තියුණු කරන ලද්දාවූ ලාංකීය සිංහල සංගීතඥ බලමුඵව නියම ලෙස පෙළ ගැසෙන ලද්දේ 70 දශකයේ මුලාරම්භයේ සිට බව පෙනියයි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස, ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න සිය නිර්මාණ නිම්වළලු පුඵල් කරද්දී  ආචාර්ය වික්ටර් රත්නායක සහ සරත් දසනායක ඊට නවකයන් ලෙස සම්බන්ධ විය.

60 දශකයේදී පන්ඩිත් අමරදේවයන් ඊට දයක වෙද්දී දක්‍ෂිණ භාරතීය දේශවාසී පසුව ලාංකීක පුරවැසි බව ලද රාමයියා මුත්තුසාමි සිනමාවේදීන්ගේ ප‍්‍රියතමයා ද ලංකීය ද‍්‍රවිඩ සංගීතඥ එම් කේ රොක්සාමි ජනප‍්‍රසාදයෙන් දෙවැන්නාද වු බව කියැවේ.

Sarath Dasanayake
Shelton Premarathne
Shelton Premarathne
M.K.Rocksamy

50 දශකයේදී ’සැක්සෆෝනය’ අතදරමින් ගී රාව ප‍්‍රතිරාව නැංවූ ’රොක්සාමි’ අතිවිශීෂ්ඨ වයලීන් වාදන ශූරයෙකු බව රසිකයන්ද සෙසු ශිල්පීන්ද හොඳින් දැන හැඳින සිටියේය.

හින්දී සිනමා ගී තනු අනුකරණය කරන ලෙස දන්වනු ලැබූ අවස්ථා ගණනාවක් හැරෙන්නට ග‍්‍රහනය ලිහිල් වූ සැමවිටම ඔහු කර්ණරසායන ස්වාධීන නව ගී තනු ද සංගීත සංයෝජනයන්ද සිය සිනමා සංගීත නිර්මාණ උදෙසා එක්කරනු ලැබිය.

ඉන්දීය ජාතික සිනමාවේදී ’එම් මස්තාන්’ විසින් අදියුරු භූමිකාව හොබවනු ලැබූ ’ධීවරයෝ’ 1964 වසර වර්ණවත් කලේය. එහි ගීත පොකුර ’රොක්සාමී’ නම් වූ ගාන්ධර්වයාගේ නිර්මාණ බලමහිමය මනාලෙස ප‍්‍රකට කළේය.

 

සතුට සෝකේ ජය පරාදේ  – ලතා වල්පොළ

සාමය සමගිය පතුරාලා  – ලතා වල්පොළ – මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

නිලට නිලේ විහිදී යයි අමර දසන්තේ – ලතා වල්පොළ සහ ධර්මදාස වල්පොළ

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද – ලතා වල්පොළ – මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

ආගාධ සාගරයේ ඈත දියේ බිළි බෑවි – ජේ ඒ මිල්ටන් පෙරේරා

වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා – ලතා වල්පොළ – මොහිදීන් බෙග් සමග ක‍්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

රෑ බෝ වී යයි – මිල්ටන් පෙරේරා සහ හරූන් ලන්ත්රා

සමග ගී තනු අනුකරණය කරන ලද

මාලිගාවේ මහ රැජිනී  – සුජාතා අත්තනායක

හොඳම ගීතය ලෙස සරසවි සම්මානයෙන් පුද ලද ඔහුගේ රසාලිප්ත ස්වත‍්‍රන්ත‍්‍ර තනුවකින් සුසැදි ගීතයක් කලඑළි දුටුවේ 1967 වසරේ තිරයේ ඇඳි ’මහ රෑ හමුවූ ස්ති‍්‍රය’ සිනමා සලරුවෙනි. යාපන වැසි ’කේ වෙන්කටසාලවන්’ සහ ’රොක්සාමී’ නම් වු ඔවුන් ඉස්ලාම් භක්තික ’මොහිදීන් බෙග්’ ද සමගින් සිය සහෝදර සිහල රසිකයන් වෙනුවෙන් අත්වැල් පටලා ගත් කුඵඳුල් නිර්මාණයයි ඒ.

සරවන බව කඳසුරිඳුගේ තෙදබලේ …………….

පවසන තුරුලිය පොබකල මදනළේ …………………….

(ගී පද නැසිගිය කරුණාරත්න අබේසේකර)

මෙතැනට එළඹෙද්දී සංගීත අධ්‍යක්‍ෂනය ’එම් කේ රොක්සාමි’ නාමය යටතේ සිනමා නිර්මාණ පෙළක මතකයේ නිදන් වූ ගීත රැසක් ශ‍්‍රාවකයන් පිනවමින් තිබිනි.

හිනා වෙන්නේ ඇයි මේ  – ප‍්‍රමාදය හින්දයි මේ – සංසාරේ 1962 (ජෝති සහ චන්ද‍්‍රා ද සිල්වා)

සඳුන් ගසේ සමන් වැලක් පිපෙන්නේ  – අදට වැඩිය හෙට හොඳයි – 1963 (මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට)

බාළොලි ලොළි දොයිය බබා – අදට වැඩිය හෙට හොඳයි – (ලතා වල්පොළ) – සංගීත සංයෝජනය 

බාළොලි ලොළි දොයිය බබා – අදට වැඩිය හෙට හොඳයි – (ඉන්ද‍්‍රානි විජේබන්ඩාර) – – සංගීත සංයෝජනය 

දිය රැල්ල වෙරළෙ හැපි හැපි මේ මොකද හාදු දෙන්නේ – සුහද සොහොයුරෝ – 1964 (ෆ්‍රෙඩී සිල්වා – පුෂ්පරාණි ආරියරත්න)

මැණීකක් රකිනා නා රජිඳෙකු සේ – චන්ඩාලි – 1964 (මොහිදීන් බෙග් – ජී එස් බි රාණි පෙරේරා)

සඳ රැජිනියනේ වැජඹෙන ගුවන අරා – සැකය – 1965 (සුජාතා අත්තනායක)

විණාවේ සත්සර නාදේ ඔබ පිරිමදිනා තාලෙට – සැකය – (හරූන් ලන්ත‍්‍රා සහ සුජාතා)

එයින් කිහිපයකි.

’රොක්’ අයියා නමින් කලාලොව සහෘද මිතුරු කළ විසින් අමතනු ලැබූ ඔහුගේ ගී සත්සර රටා යෝධ සෙවණැල්ල එතැන් සිට ඉදිරියට දුරින් දුරට ඈත කොණ දක්වා පැතිර ගියේය.

නිදහස් කාහළ නාදය රැව්දේ හෙළදිව අඹර පුරා…….සිගිති සුරතල් – 1968 (මිල්ටන් පෙරේරා)

කොමළ පපා මුකුඵ පපා අපේ ලගට එන්නකෝ…….  ඔහොම හොඳඳ – 1970 (ඇන්ටන් ජෝන්ස් ඇතුඵ පිරිස)

හදමල් පඳුරේ පිපෙනා සිතුවිලි මාලා………….රන්රස – 1967 (හරූන් ලන්ත‍්‍රා)

ඔබේ මව්බිම සිංහලයි ඔබේ මව්බස සිංහලයි…..සූරයන්ගෙත් සූරයා – 1969 (සුජාතා අත්තනායක)

රජකම් කෙරුවත් කළකම් පළදේ…………ඔහොම හොඳද – 1970 (ජෝති)

මල්කැකුළි ගෝමරී මනාලී මල් ගොමුවේ..සිරිල් මල්ලී – 1974 (ජෝති)

ඔබගේ රුව මාගේමයි සසරේ මල් පීදීමයි…. හරිම බඩු තුනක් – 1976 (එම් එස් ප‍්‍රනාන්දු සමග රංජනී පෙරේරා)

ආරාධනා සංසාරයේ ඔබගෙන් ලබා….නීලා – 1977 (ලතා වල්පොළ සහ සූජාතා අත්තනායක වෙන් වෙන්ව)

සීතල රටේ මීදුම වැටේ …..සකුන්තලා – 1977 (සූජාතා අත්තනායක)

කුංකුම රත අංගරාජ ….දෙවියනි ඔබ කොහිද 1977 (පන්ඩිත් අමරදේව) – සංගීත සංයෝජනය  පමණයි (තනුව අමරදේවයන් සතුයි)

ආදර පූජාසනේ ඔබයි මගේ කුසුම් කුමාරී – දෙවියනි ඔබ කොහිද – 1977 – (සුජාතා අත්තනායක සහ වික්ටර් රත්නායක)

සුමියුරු ස්වත‍්‍රන්ත‍්‍ර තනු නිර්මාපකයෙකු මෙන්ම සංගීත සංයෝජයෙකු වූ ඔහුගේ එකී ප‍්‍රතිභාව නිසිලෙස ක‍්‍රියාවේ යොදවන්නට මේ වකවානුවේ අතිබහුතර සිනමාකරුවන් සහ මුල්‍ය දායකත්වය දැක්වූ අර්ථපතියන් ඉඩදුන්නේ නැත. ඔහු ප‍්‍රතිනිර්මාණය කළ ’අනුකාරක’ ගීත ගොන්න අතිමහත් විය. ඒවා ද සිනමා ලෝලී දනන් තුඩ තුඩා රැව් පිළීරැව් දුන්නේය.

නිලූකා මන් ආදරේයි කුසුම් සරයි ……………..නිලුකා – 1977 (ජෝති)

චිං චිං නෝනා චිං චිං කංකං බූරු කංකං…චිං චිං නෝනා 1977 (ජෝති සහ ෆ්‍රෙඩී සිල්වා ඇතුඵ පිරිස)

හෘර්දේ රස මාලිගේ ප‍්‍රිති දේ මා හදේ………සකුන්තලා 1977 (සූජාතා අත්තනායක)

සුදුපාට මිදුම් ගලාලා…එදත් සුරයා අදත් සූරයා – 1974 (ජෝති සහ ඇන්ජලීන්)

රන්වන් පහන කෝ දැල්ල නිවී ගියා…කව්ද රාජා – 1976 (ජෝති)

දිනේ ලංකා මගේ ලංකා සදාකාලේ සිනා නංගා – කව්ද රජා – 1976 (ඇන්ජලීන් ගුණතිලක සහ ෆ්‍රෙඩී සිල්වා)

පන්දම් අල්ලා ගත් නම්බු නාමේ – කව්ද රජා – 1976 (ජෝති)

මල්වැහි සීතල මල් වැස්සේ – හොඳට හොඳයි – 1975 (ජෝති සහ ඇන්ජලීන්)

මේ සුභ උපන්දිනේ තුටින් සිනා පාලා…එදත් සූරයා අදත් සූරයා (ලතා වල්පොළ)

ඒ අතරින් අල්පයකි

 

තම කිරිකැටි බිළිඳා තුරුඵ කරගත් මවක් සේ ’වයලීනය’ තුරුඵ කරගත් ඔහු නිරතුරු එසේ ගැවසුනේ ’චිත‍්‍රාගාරයට’ වඩා ’ලංකා ගුවන් විදුලි පටිගතකිරීමේ මැදිරි’ තුලය. එහි බොහෝ වාර ගණනකදී ඔහු පන්ඩිත් අමරදේව,සෝමදාස ඇල්විටිගල, ඩී ආර් පීරිස්, වික්ටර් දඵගම, වික්ටර් රත්නායක,පී එල් ඒ සෝමපාල, සෝමතිලක ජයමහ, තිලකසිරි ප‍්‍රනාන්දු,බී වික්ටර් පෙරේරා, දයාරත්න රණතුංග,ඩී ඩී ඩැනී,සෝමපාල රත්නායක,පේ‍්‍රමදාස අතුකෝරාළ, පියදාස අතුකෝරාළ, පේ‍්‍රමදාස මුදුන්කොටුව,පැට‍්‍රික් දෙණිපිටිය,සී ඩී ෆොන්සේකා, නන්දා මාලිනී, සරත් බාලසූරිය, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස්  ආදී මෙකී නොකී ගාන්ධර්වයන් රැසකගේ ගී තනු ගී වාද්‍ය ඛන්ඩ ප‍්‍රස්ථාර ලිපි සිය වයලීනයෙන් පණගැන්වීය. ඒ සිය හදවතින් මතු වී පැන නැගී ගී මියැසි නාද රටාවන්ට අමතරවය.

බුදු සාමිනේ සිරිපා පියුම් කරමි බැති පිණි පා………………….

ගුණෙනි සොමි සෙත පෑමෙනි කරුණා සුවේ සතපා …………….

(කරුණාරත්න අබේසේකර) ගැයුම – ඉන්ද‍්‍රානි සේනාරත්න විජයබන්ඩාර

(විශේෂ ස්තුතිය – ඉන්ද‍්‍රානී රොක්සාමී මහත්මිය වෙතට)

—————————–(මතු සබැඳේ)————————————-

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

කියවන්න එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2  –>

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved