
කේ ඩි කේ ධර්මවර්ධන නිර්මාණ මතක සුවඳ – 02
සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර – කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවඳ – 02 කොටස
එහෙත් ඔහු යව්වන ප්‍රේමයේ සුන්දරත්වය ම ඉස්‌මතු කරමින් එහිම රැඳි සිටියේ නොවේ නව ඉසව් පැතිකඩ ඔස්‌සේ තම නිසග නිර්මාණ කෞෂල්‍යය අතුපතර විහිදුවන්නට සලස්‌වාලමින් එහි ලෞකික චමත්කාරය අත්විඳින්නට තම ශ්‍රාවකයන්ට ආරාධනා කලේය
හෝ පඵ වනපෙත කම්පිත කරවන -……………
මන්මද නර්ථන රංගන කළ මැන………………..
අංජන ගල්වන පංකජ නයනී………………
වෙන චංචල කල සත්සර දියණී……………..
ළැම විල පියකරු හසුන් රකින්නි……………..
සිහිනිග සුවිපුල් උකුල් දරන්නී……………
මන්මද රංගන නර්ථන කළමැන………………..
(තනු රටා නිර්මාණය – ආචාර්ය වික්‌ටර් රත්නායක
ගායන රස මැවුම – ආචාර්ය වික්‌ටර් රත්නායක)
හෝ පඵ වනපෙත ඇසුරු කළ සුප්‍රසිද්ධ රධා – ක්‍රීෂ්ණා පෙම් පුවත ම ද මේ ?
වෙණ චංචල කළ සත්සර දියණියනි කළ මැනවි ඒ මන්මද රංගනය
ඔහු ගේ ආයාචනයයි කවරෙකුහටද ?
සත්සර දියණියටය ඈ තම උකුල මත රැඳි වෙණ චංචල කරන්නී සත්සර නංවන්නී එයින් මදක් ඉසිඹුලා අප මන්මත් කරන්නට සරි නර්තනයක යෙදෙන්නට ය
මින් චතුර්දශකයටත් ඔබ්බෙන් වූ යුගයක වික්‌ටර් රත්නායකයන්ගේ ස ඒක පුද්ගල ගී ප්රසංගය වෙනුවෙන් ඔහුගේ පෑන්තුඩ හැසිරවු අයුරයි ඒ
මෙසමයේදීම මෙකී ප්‍රේමශෘංගාර ආකරයේ කුටප්‍රාප්තිය ලෙස හඳුනාගත හැකි දසත උතුරාගාලා ගිය කේ ඩි කේ නිර්මාණඋල්පතේ අග්‍රඵලය බඳුවන් ගේයකාව්‍යයක් රසික සවන්පත් කර පියමං කරනු ලැබිය
කුමරියක පා සළඹ සැඵණා – වසා සිටි නෙතු පියන් ඇරුණා…………..
කුමර බඹසර අසපුවේ මා – සමවැදී උන් දැහැන් බිඳුණා…………..
උකුළ ළැමහස – මළවිකරළිය – මුවාකළ ඇගෙ දුහුල් සඵතිර……………..
විවර කෙරුවා මනස්‌සළෙඵන් – උමතු වූ දෙණුවන් රැහැන් ඇද……………..
මා අබියස මැවුනි තුසිතය – සුරන් නැළවූ සුයාමය……………..
නිසල ජීවන තපෝවන මැද – හැගුම් ගජසෙන් යදම් බිදවද………………
තලා සිත කම්පණය කරවයි – ළපළු තුරුවැල් කැකූඵ මල් පෙති…………….
මා හඩවයි බිදුනු තුසිතය – සුරන් නැළවූ සුයාමය…………………..
(තනු රටා නිර්මාණය – ආචාර්ය වික්‌ටර් රත්නායක
ගායන රස මැවුම – පද්ම ශ්‍රී නැසිගිය පන්ඩිත් අමරදේව)
සිංහල ගී සාහිත්‍යය නම් මිණිආකරයේ දසත කාන්තිය විහිදුවන මරකත මිණක් බදු මේ පබැදුම මේ රචකයාගේ නිසග අපුර්ව ප්රතිභාව මොනවට කියාපායි
භාෂාන්තරව පූරාණ සාහිත්‍යය ඇසුරේ ඔහු ලැබූ පන්නරය මනාව ගෙනහැර දක්‌වන මෙයින් එයාකාර සාහිත්‍යඥානයකින් හික්‌මවා ගත් මනසකින් හෙබි ශ්‍රාවක ගණයා විසින් ස්‌වකීය පරිකල්පනයෙන් කෙතරම් නම් සුන්දර සිත් රූ මවනු ලබනවා ඇද්ද ?
හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පන්ඩිත් අමරදේවයෝ ඊට හඩ අවදිකරනු ලැබුවේ එහි යුවරජු වික්ටර් රත්නායකන්ගේ
මින් දශක සතරකට එපිට යුගයකින් ඇසුණු ලියෑවුණු නමුදු මතු මතු ද සිංහල ගී සාහිත්‍යයේ නොමැකෙන සිහිවටනයක් ලෙස සැලකිය හැකි ඔහුගේ මෙකී නිර්මාණය ඉහත කී උසස් රසඥතාවය වඩවන්නෝ අගයන්නෝ පොබයන්නෝ නිති නිති අගය කරති
යොවුන් ප්‍රේමෝන්මාදයේ විසිතුර සොබාදහමේ සංසිද්ධියකට ඇඳනු ලැබ වරෙක ඔහු මෙසේ ගීයට නැංවුයේ ශ්‍රාවකයාට එයින් විවිධ ඉසව් කරා තම සිතිවිලි මෙහෙයවන්නට ඉඩ හසර තබමිනි ඊට හඩ අවදිකලේ ගුවන් විදුලි සරළ ගී ගායන ශිල්පී විජේසිරිවර්ධන පොළොන්නෝවිටය මේ සුමධුර සුගායනයේ ස්‌වර ගෙත්තම ද එතුමෝ සතු බව කිවමනාය
උණ පඳුරක මල් පිපිලා – ඔබේ පෙමත් ඒ වාගේ…………
මලක් පිපී පෙති හැළිලා – ඔබේ පෙමත් ඒ වගේ……….
ඇරඹුම අවසන කොතනද – නොදැනයි මදනළ දිවයන්නේ…………….
කොතැනක විසිරි යනවද – නොදැනයි මේ කුඵ පාවේන්නේ………….
යායුතු වෙනතක් නැතිවද – රළපෙළ වෙරළට දිවයන්නේ………..
බැහැ කියන්න බැරි හින්දද – මා හා ඔබ හිනැහී යන්නේ………………
(තනු රටා නිර්මාණය – විජේසිරිවර්ධන පොළොන්නෝවිට
ගායන රස මැවුම – විජේසිරිවර්ධන පොළොන්නෝවිට)
උණ පඳුරක මල් පිපිමේ අරුමය කිමද ? එය අසාමන්‍යද ?
මෙයාකාරයේ පැණපොඩි ඔස්‌සේ තමා වෙසෙන අරුමැසි ලොව පිළිබඳව ශ්‍රාවකයා දැනුවත්වනු ඇත එක තනි යෙදුමකින් අපූර්ව බුද්ධිමය සංවාදයක් ගොඩනංගවාලිමට එකී නිර්මාණය දායක වනු ඇත
යළි හමුවෙමු…………….(සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය – ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි – නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන දයාබර බිරිඳ)
~සටහන් පෙළගැස්ම~
Prabath Rajasooriya
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…