• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

kdk-dharmawardena

කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද – හෙල පෙළපත අභිමන් දද බැන්දා

February 5, 2022 by shamilka
KDK Dharmawardena, Prabath Rajasooriya

සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර – 04 වන කොටස

නමුදු ඔහු ගේ පරිකල්පන ය ඔස්‌සේ මුවහත් වූ නැණැස මෙහෙයවූයේ මිනිසත්බව එකී පැතිකඩ ඔස්‌සේ පමණක්‌ම නොවේ ඔහුමැවූ යොවුන් ප්‍රේමවිජිතයේ සටන් ජයලබනුයේ දෙහදක්‌ එක්‌විමෙනි

ඉක්‌බිති ඇය උත්තරීතර මව් පදවිය ලැබ අපිරිමිත දාරක ස්‌නේහයෙන් හද පුරවා ළදරු වියෙන් නික්‌මීයන තම සිගිත්තාගේ ලෝකය හා එක්‌වන අයුරුයි මේ

වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා හැංගුණදෝ – ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්‌ටුයිදෝ ?

කෝ අනේ පුංචි හොරා උන්නා මේ කාමරයේ නෑ සද්දක්‌ දොරමුල්ලේ එත් අනේ දොරහෙල්ලේ

(ශ්‍රීමතී තිලකරත්න – සප්තස්‌වර මුසුව මහින්ද තිලකරත්න විසිනි)

අද මානව පරිකල්පනය මොටකර මුලිනුපුටා දමන රූපයන්ත්‍රයේ ග්‍රහණයට ලක්‌වන්නට පෙරාතුව එදා ගුවන් විදුලිය මාධ්‍ය ට හුරුව සිටි රසිකයන්ගේ ගේ මනස සිසාරා දිවයන එවන් සුන්දර රූපාවලියක්‌ මැවූයේ ද කේ ඩි කේ ය

පුරාණ සාහිත්‍යයේ අතැඹුලක්‌ කොටගත් මේ ගේයපද රචකයාණෝඅන්ධානුකරණය පිළිකෙව් කලේය ඒවා විචාර පූර්වක ව තර්කාණුකුල අර්ථ විවරණය කරන්නට විය තත්කාලීන කලා නිර්මාණ හා වියත් අදහස්‌ ද ඔහු සැළකිල්ලට බඳුන් කරන්නට ඇතැයි අනුමාන කිරීම යුක්‌තියුක්‌තය

වරෙක ඔහු මෙසේ ප්‍රකාශ කර තිබිණි

රාමායණයේ දැක්‌වෙන කථා ප්‍රවෘත්තිය හා එයාකාරයෙන්ම එකග වීම ප්‍රඥාගෝචර නෙවන්නේ යෑයි මම කියමි එය පක්‍ෂග්‍රාහි යෑයි පැවසෙන විද්වත් මත යුක්‌ති සහගත වේ යෑයි මමද සිතමි එහි කථානායකයාණෝ භාරත යේ දශරථ රජ පුත්‍රයාණන් වූ රාම චරිතය උත්කර්ෂණයට ලක්‌ කර තිබීමත් ඔහුගේ ප්‍රතිමල්ලවයා වූ ලංකාද්වීපයේ පාලකයා වූ රාවණ නිග්‍රහයට පාත්‍ර වන්නට සැලැස්‌වීමත් සිදුකර තිබෙයි එහෙත් මෙහි පවතින්නා වූ ජනකථා ජනශ්‍රැතිය හා වෙනත් මුලාශ්‍ර ඒ හා සපුරා අනුගත නොවේ

එවර ඔහුගේ පන්හිඳ තුඩගින් මෙසේ ලියෑවී තිබිණි

සිතාවනි ඔබ හැඩරුව ඇති බව – දිවි හිමියෙන් පති දම් සුරකින බව

දනිමි ඔබත් දැනගත යුතු මේ බව – ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව

අපේ කුලගොත වත ඉහළයි හැමවිට- එහි අභිමානය රකිනෙමි හැමවිට

අන්සතු අගනක සෙනෙහස පැතුමට – දීන නොවේ මේ රාවණ පෙළපත

මගේ සොහොයුරියක්‌ පෙර දවසක්‌දා – රමා කුමරුගෙන් හිරිහැර වින්දා

පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා – හෙල පෙළපත අභිමන් දද බැන්දා

(වින්ස්‌ටන් ප්‍රේමසිරි ගී හඞ වෙනුවෙන් ස්‌වර රටාව ආචාර්ය වික්‌ටර් රත්නායක)

රාවණ නරපති තෙම එසේ තෙපළයි ශ්‍රාවක සිත් සසල කරවයි සුපුරුදු ලෙස මෙවර ද ඔහු තම ගී රසිකයාගේ නෙතග කඳුලු නංවයි එහෙත් ?

හාත්පසින්ම වෙනස්‌ ප්‍රස්‌තුතයක්‌ ඔස්‌සේය ඒ ඔහුගේ අපමණ නිර්මාණ කෞෂල්‍යයයි
කේ ඩි කේ විසින් ඒ භූපතියාණෝ පිළිබඳව මහත් දායානුකම්පාවක්‌ ජනිත නොකෙරුවේද ඔබ තුල රෑ හදවත හඩා නොවැටුනේද ඔහු පිළිබඳව ඔබගේ ?

ඉන්දීය ආගමික සාහිත්‍යයයේ පූජාර්භ වන ලෝ තලයේ ම පතල සිමිත සංඛ්‍යාවක්‌ මහා කාව්‍ය අතරද ප්‍රමුඛත්වය ලබන මහා භාරතය මෙන්ම මේ කථාවස්‌තුව ගෙනහැර දක්‌වන රාමායණය ඇතැම්හු පුරාවෘත්තයක්‌ ලෙස ද සලකති එසේ නොවන්නේ යෑයි කියා සිටින්නෝ ද වෙති

රාමායනයේ මේකී පුවත කියෑවෙන අයුරු මෙසේය

දුරාතීතයේ යුගයක ලංකාද්වීපය පාලනය කළ රාවණ නම් තෙදැති පාලකයා ලෝ නියාම ධර්මයට පටහැනිව ක්‍රියා කරයි ඒ අනුව ඔහු විසින් භාරතයේ ඉසුරුමත් අයෝධ්‍යාපුර පාලක දශරථ නරවරයා විසින් වනප්‍රස්‌ථ දිවියකට පිටමං කළ ඔහු පුත් රාමයන්ගේ අතිශය රූබර භාර්යා තොමෝ වූ සීතා දේවිය පැහැරගෙන මෙහි ගෙන එන ලබන්නේ සල්ලාලකම නිසයි

ඒ නිසා මෙකී දුෂ්ඨ පාලකයා හා ඔහුගේ පරපුර විනාශ කර දමන්නට පාරිශුද්ධත්වයේ සංකේතය වූ රාමයන් විසින් යුධ ප්‍රකාශ කරනු ලැබ ඊට ඇවැසි ගෝත්‍රික සේනා රැස්‌කරවා මෙහි විත් වසර ගණනක බිහිසුණු යුද්ධයකින් රාවණ තෙමේ දිවි තොර කරනු ලබයි ඒ ඔහු සොයුරු විභිෂණ ගේ සහයෙනි

ඊට ප්‍රතිඋපකාර ලෙස විභිෂණ ලක්‌ කිරුළ පවරා රාමයන් සීතා දේවිය හා නික්‌ම ගොස්‌ ඇය අමතා තමා ගේ නිකැළැල් බව ඔප්පු කර දක්‌වන මෙන් නියෝග කරයි

40 දශකයේ මුල්භාගයේදී මුණිදාස කුමරතුගුවන් විසින් බිහිකල හෙළ හවුලේ සාමාජික පිරිස්‌ වූ හරිස්‌චන්ද්‍ර විජේතුංග ජයන්ත වීරසේකර අරිසෙන් අහුබුදු මෙම සිදුවීම ප්‍රතික්‍ෂේප කරයි තම මතවාදය ජනගත කිරීම සඳහා අහුබුදුවන් සක්‌විති රාවණ නම් වේදිකා නඵව මෙන්ම ලිපි හා පුස්‌තක කිහිපයක්‌ එළිදැක්‌වීය

දිඑවකට රාවණයන්ගේ යටත් විජිතයක්‌ වූ දක්‍ෂීණ භාරතයේ දන්ඩක වනයට අනවසරයෙන් ඇතුඵවු රමා – සීතා හා සොයුරු ලක්‍ෂමණ ගෙන් කරුණු විමසන්නේ එහි අන්ඩුකාර ධුරන්දර රාවණ සොයුරිය ශුපර්ණිකාය එහිදී ඈ ට එරෙහිව ඇගේ නාසය හා කන් සිඳලනු ලබයි

රාවණ සීතා පැහරගන්නේ මීට පළිගැනීමට මිස ඇයව අපහරණය කරන්නට නොවේ

කේ ඩි කේ ගේ මෙම නිර්මාණය ට හෙළ හවුලේ මතය හා ලාංකික ගැමි ජනප්‍රවාද සාහිත්‍යයය සෘජුව හෝ වක්‍රව බලපාන්නට ඇතැයි අනුමාන කළ හැකිය

90 දශකයේ මැදභාගයට එපිටින් යුගයේ පොදුරසිකයන් වෙත නිති ගී රස ළංකරදුන් එකම විදුමාධ්‍ය වූ රජ්‍ය ගුවන් විදුලියේ එවක සේවය කළ නිවේදක මඩුල්ල කිසිම විටක එකිනෙකාට දෙවැණි නොවිනි එහෙත් ඔවුන් අතරින් වඩාත් කැපී පෙනෙන සුන්දර රූපකායක හිමිකාරුවාණෝ වූ මේ ගේයපද කවියාණන් එහි දී ආරාධන ස්‌වර දැහැන හා වෙනත් වෙළඳ වැඩසටහන් අතිමහත් සංඛ්‍යාවකට දායකත්වය සැපයීය

ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිංහල සේවා අධ්‍යක්‍ෂ පාලිත පෙරේරා හා එක්‌ව සෙවණැල්ලක්‌ මෙන් සිටිමින් සම්ප්‍රදායික ගතානුගතික එකී අයාතනය නවිණ ලෝකය වෙත කැන්දාගෙන යන්නට ඔහු ද අතහිත දුන්නේ ලාංකිය පුරෝගාමි එෆ් එම් චැනලය වූ සිටි එෆ් එම් බිහිකරන්නට දරදිය ඇදීමෙනි

Palitha Perera
Palitha Perera

දේශපාලන විපර්යාසයන් අනුව හමන සැඩ සුළගින් නිති හසුවන ගුවන් විදුලියේ 1994 හැමූ තීරණාත්ම මාරුතයකින් පෙරඵනු වෘක්‍ෂයන් ට තැළි පොඩිවී ගසාගෙන ගිය කේ ඩි කේ ට දශක තුනක්‌ තමා ගේ සොඳුරු නිවහන බඳු වු ඒ ආයතනයෙන් බැහැරව යන්නට තින්දු වී තිබිණි

ඔහු මේ කොදෙව්වෙන් බැහැරව වැඩිම ලාංකික ගී රසිකයන් රැසක්‌ එක්‌රැස්‌ වූ කලාපයක නව නවාතැනක සුපුරුදු කලාව ප්‍රගුණ කරන්නට වූයේය ඒ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ උමා අල් ක්‌වේන් ප්‍රාන්ත ගුවන් විදුලියේ සිංහල වැඩසටහන් මෙහෙයවන්නටය

නව සහස්‍රය ඈත ක්‍ෂිතජයෙන් එබි එකොළොස්‌ මසක්‌ ගතවී ගොස්‌ තිබිණි ඔහු මෙවර ජීවන චාරිකාවේ සයපනස්‌විය පසුකරමින් සිටියේය

අදින් තෙසැත්තාවකට පෙර මෙහි සපැමිණි කේ ඩි කේ ධර්මවර්ධනයෝ සුරත රැඳි පන්හිද පසෙකින් තබන්නට ඉරණම විසින් තින්දු කර තිබිණි ඔහු ඈත ක්‍ෂිතජයේ සැගව ගිය සෙයකි මතු මහල් තලයක රැඳී නෙත් පහත යොමා තම ගේයපද රසිකයන් වෙත දයාබරිත බැලුම් හෙළන්නේද ?

තමන් වසග කල එවන් අමයුරු ගීතාවලියක රසඋල්පත සිඳි ගිය බව කණවැකුණු රසිකයන් වැළනොකැඩි රෝහල් සයනය මත නිසලව නිදන කේ ඩි කේ රුව දසුන තවත් එකම වරක්‌ තම දෙඇස්‌ හි සටහන් කරගන්නට පොරකෑහ

මතු දිනක එයින් මෑත්ව යළි මෙහි පැමිණ විරාමය ලත් තැනින් ඒ සුන්දර ගීතාවලිය අරඹන තෙක්‌ ඔවුහූ නොඉසිලිමත්ව රැඳි සිටිනු ඇත

xxxxxxxxxx     සමාප්තයි    xxxxxxxxxxxxxxxx

අධෝලිපිය

කේ ඩි කේ ධර්මවර්ධන සිනමා ගීතපෙළ අතරින් සමහරක්‌

ශ්‍රී මදාරා – පළිගු බඳුන් – මිල්ටන් මල්ලවාරච්චි

පෙම්බර මධු – දෙණුවන් බිගුන් – බඹරිදු රොන්සුනු එච් ආර් ජෝතිපාල – ඇන්ජලීන්

මග පෙන්වන තරු සළකුණු – චන්ද්‍රීකා සිරිව්ර්ධන

මරුවා සමග වාසේ – බඹර කලාපේ – මිල්ටන් මල්ලවාරච්චි – ඇන්ජලීන් ගුණතිලක

සැණකෙලිය – බොල්පිණි මැද – සුජාතා අත්තනායක

වස්‌තුව – බඹර පහස – එච් ආර් ජෝතිපාල – ඇන්ජලීන් ගුණතිලක

අනුරාධා – තාරුකා දිහා – මිල්ටන් මල්ලවාරච්චි

මල් කැකුඵ – ලස්‌සන දෑසක්‌ ඉස්‌සර මා සෙව්වා – මිල්ටන් මල්ලවාරච්චි – ෂ්‍යාමි ෆොන්සේකා

සහෝදරියකගේ කථාව – පැතුමන් බොඳවී- අමරදේව

සිකුරු දසාව – සසලව කැළඹී – ලතා වල්පොල මහමග තැන තැන – රූපා ඉන්දුමතී – මිල්ටන් පෙරේරා

සඳවට රන්තරු – සැගවීලා – එච් ආර් ජෝතිපාල

රන්දම්වැල් – ළංවෙන්නවාදෝ වෙන්වූයේ – එච් ආර් ජෝතිපාල – ලතා වල්පොල – වෙන්වෙන්නවදෝ ළංවුයේ – වික්‌ටර් රත්නායක

යළී හමුවෙන්නයි – ආදරේ මන්දිරේ වැසුනා – චන්ද්‍රලේඛා පෙරේරා

දුර්ගා – රසමුසු ජය කල්පනා – නීලා වික්‍රමසිංහ

 රූපවාහිනි ටෙලි නිර්මාණ පෙළ අතරින්

හිමි අහිමි හඳහඩන පණනල – සුනිල් එදිරිසිංහ

ප්‍රමාද වැඩියි – ආදර සීනුව පෙම්ලොව දොරලග- ග්‍රේෂන් ආනන්ද

සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය – ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි – නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන මහත්මිය)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

කේ ඩි කේ ධර්මවර්ධන නිර්මාණ මතක සුවද – 03 – හොඳ මතුවේ මරණින් පස්‌සේ…

January 30, 2022 by shamilka
KDK Dharmawardena, Prabath Rajasooriya

සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර – කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද  – 03 වන කොටස

මිතුරු මිල්ටන් මල්ලවාරච්චි ගේ ළගන්නා හඩට සරිලන ලෙසින් ඉහත පෙළගස්‌වා ඇති ගී පද පෙළගස්‌වා ඔහුව 70 දශකයේ යව්වනයේ සිහින කුමරාණෝ ලෙස අභිෂේක කලේ කේ ඩි කේ ය

එයාකාර ප්‍රේමයේ සොඳුරු බව මිහිරි බව ගීයට නංවා යොවුනන් හදකිතිකැවූ ඔහු වරෙක ඔවුන්හට සිහින ලොවින් පියවි ලොවට පිවිස නුවණැස දල්වාලන්නට ඔවදන් දෙන්නේ දයාදර වැඩිහිටියෙකු ලෙසිනි

එදා මෙදා තුර හිරු සඳු පසළොස්‌දහස්‌ වාර ගණනක්‌ ඉක්‌මවා උදා වී අස්‌ත ගතවෙද්දී ගී රසික ඔබ එපමණ වාර ගණනක්‌ නෙක ගී රස විඳින්නට ඇද්ද රෑ ඒ සා විශාල ගේය පද කව්‍ය ගොන්නකින් යළි යළිත් පැණ නැග ප්‍රතිරාව නගන්නේ හද පතුලටම කිඳා බසිමින් කවර නම් අල්ප නිර්මාණ සංඛ්‍යාවක්‌ද රෑ ඊට හේතුව කිම ?

ගී රසික හද කිතිකැවුණු ඔහුගේ එකී මධුරතර නිර්මාණපෙළ පෑ පෙළහර විමසිම මදකට නවත්වා මේකී අපුරු රසවතාගේ දිවිමග තොරතුරු වෙතට නෙත් යොමු කරමු

මින් දශක හයකට එපිටින් වූ යුගයකදී කන්ද උඩරට අගනගරයේ ග්‍රාමයේ පදිංචිව සිටි කඵආරච්චිගේ දොන් එඩ්මන්ඩ් ධර්මවර්ධන මහතාණෝ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු විය පොත් හා සගරා මුද්‍රණ ශිල්පය ප්‍රගුණ කර සිටි ඔහු ගේ එකී පොත් ව්‍යාපරය තිලක මුද්‍රණාලය නමින් හැදින්විනි ලිලාවතී ධරමවර්ධන ඔහුගේ දයාබර බිරිඳයි මේ යුවළට දාව උපන් දරුවන් සයදෙනා අතරින් කේ ඩි කේ ධර්මවර්ධනයන් පවුලේ වැඩිමලා වූ මෙන්ම ඔවුන්ගේ එකම පුත්‍ර රත්නයයි

KDK Dharmawardena
KDK Dharmawardena

දළදා සමිඳු වැඩවසන මන්දිරයට එපිටින් විරාජමානවන අගනුවරින් බැහැරව ලක්‌දිව සිසාරා සිප්සතර පතල දම්රද සෙවණේ අකුරු කරවු ඔහු ගේ නිති ඇසුර ලැබූ මිතුරු කැළ ද පොත්පත්මය

නොසංසිඳෙන ඥාන පිපාසාවෙන් පෙඵණු ඔහු උඩරට රාජධානි සමයේ හෙළයේ මහා විහාරය ලෙසින් ගරු බුහුමන් ලැබූ තම නිවස්‌නට පෙනෙන දුරකින් පිහිටි මල්වතු මහා විහාරයේ මහාපොත්ගුලෙහි නිති ඇසුර ලැබීය

එයින් බැහැරව ගුවන සිසාරා කණ වැකුණු රෙදෙව් හඩ ඔහුගේ විශ්වාශවන්තම ඥාතියා බඳුවිය කෙදිනක හෝ මතු එකී ඥාතිවරයා මුණගැසීම හා ඒ ඇසුර පැතීම හා ලැබීම තම එකම සිහිනය කරගත්තේය ඒ සිහිනය මල්ඵල ගන්වාගැනීම ස්‌වකීය එකම අපේක්‍ෂාව බවට පත්කරගනිමින් හෙළයේ අවසන් රාජධානියේ අගනුවරින් වත්මන් අගනුවරට පියමං කරනු ලැබීය

අගනුවරදී ඔහුගේ මුල්ම නවාතැන කොළඹ සරසවි පුස්‌තකාලය බවට පත් කරගත්තේය අදින් වසර 50 කට ඔබ්බෙන් රෙදෙව් පොළේ ඇබෑර්තුවකට අයදුම් කරනු ලැබීය ඇසූ පිරූවන් මනාසේ ඇසුරු කරමින් භාෂණයේ භාෂාත්‍රය මතු නොව පාලි සංස්‌කෘත භාෂාන්තර මහා දැනුම් සම්භාරයකට හිමිකම් කියූ ධර්මවර්ධනයන් එකී ආයතනයට නුසුදුසු වන්නේ යෑයි කවරහු පවසත්ද ?

ඔහු 1967 වසරේ ඔහු නිති පැතු සිතු සිහිනය මල්ඵල ගැන්වීය එතැන් පටන් ඒ සුන්දර හඩ ලක් පොළොව සිසාර ඇසෙන්නට විය

සම වයස්‌ යව්වනයෙකු වූ ළගන්නා ළයාන්විත හඩකට උරුමකම් ලද මිල්ටන් මල්ලවාරච්චි නම් තරුණෙකු ගෙන් ආයාචනයකි ඒ තමා ට ගයන්නට නියම ව තිබුණු වැඩසටහනක්‌ වෙනුවෙන් ගේයපද පෙළක් අමුණා දෙන ලෙසය

Milton Mallawarachchi
Milton Mallawarachchi

ඔහු ගේ ඉහත ලැයිස්‌තු ගත ගීමුතු දාමය පිරික්‌සන්නේකුට මෙකී මගුල් සක්‌වළ ද නියෝජනය කරන කාම ලෝකයක්‌ වූ මිනිස්‌ ලොව මානව මානවිකාවන් සොඳුරු සිහින පරාදීසයක සතපන ප්‍රේමාලිංගනය නුරාව හා එයින් හටගන්නා විරහව වියෝගය මතු කරවන නිර්මාණයන් පමණක්‌ ම හමුවේද ?

ඔහු එපමණකින්ම ස්‌වකීය නිර්මාණකරයට සිමා බන්ධන පනවාගනු ලැබ තිබුණේද ?

යන මේ කරුණ සළකා බැලීම වටී

සමාජයේ තමන් හා ඇසුරු කලෝ කළ කී දෑ මෙන්ම ස්‌වකීය පෞද්ගලික අත්දැකීම්ද ඒ අතර නොතිබෙන්නට ඇතැයි කිව නොහේ ඒ බව සොයා බලා දැනගන්නට ඔහුව විමසන්නට පමා වූවා වැඩිය හුදු ප්‍රේම සල්ලාපයන් බැහැර ව පියවි ලෝකයට පිවිස ලෝ දහම් තතු මෙයාකාරයෑයි දැන හැඳින ගත් ඔහු තම නිර්මාණදාමයේ නිම් වළලු පුඵල් කරවාගත් එක්‌තරා අන්දමක සංවේදී පද පෙළගැස්‌මක්‌ මෙයාකාරයෙන් විය

ගුණ ගී වරුස පැසසුම් ගෝසා රැව් දෙන්නේ මරණින් පස්‌සේ…………

කී දොස්‌ නැවතී එතුවක්‌ පැවතී හොඳ මතුවේ මරණින් පස්‌සේ…………..

නොතකා සිටි ඒ වටිනා ජිවිත – පොළවේ සැගවෙනදා…………

කළ මහ සේවා – සත්ගුණවත්කම් – ගුවනේ රැව්දෙනවා…

මේ ඉරහඳ පුහුදුන් වූ අප කාටත් වරදිනවා – යම් යම් තැන්වල සමහර සිතිවිලි කාටත් පැටලෙනවා……………..

ගැයුම් – මයිකල් පීරිස්‌
ස්වර සිත්තම් – ස්ටැන්ලි එම් ප්‍රනාන්දු

තමා අවට සිදුවන දෑ අත්විඳි ඔහු ස්‌වකීය ඉරණම ද මතු ඒයාකාරයෙන් විසඳීමට නියමිතව ඇතැයි ප්‍රඥාක්‍ෂියෙන් දක්‌නට ඇතැයි කිවහැකිය

තමා දෙපාරැඳි භූමියේ ආරක්‍ෂාවට සෘජුවම බලපාන වගකියයුතු ආයතනයක ඉතා භාරදුර සංවේදී වෘත්තියක නිරතව සිටිමින් කරණ කටයුත්ත වගකීමෙන් ඇදපඵදු රහිතව සිදුකරන්නට ඔහු වගබලාගත්තේ එය ලබන්නට තමා දිවා රෑ නොබලා සිදුකල අපිරිමිත උත්සහය ඔහුට හොඳින් මතක තිබෙන්නට ඇත

සෙසු කාර්යාලීය සගයන් පිරිවරාගෙන සිටිමින් වෘත්තිමය සමාජ සම්බන්ධතා ගොන්නක පැටලි සිටියදී ඇතැමුන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි ඔහු පෑ කනස්‌සල්ල ගේය පද පෙළකට කැටිකර දක්‌වන්නට පසුබට නොවීය

අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා – ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේනම්………

අපත් එතැනමයි රටත් එතැනමයි……………

කල්ගත වී දුවිලි කුණු වැදිලා – මේසය මත ලිපිගොණු ගොඩ ගැසිලා….

ඔට්‌ටු කොලේ නුදුටු දසුන් සොයලා – සුසුම් මැදින් තව දවසක්‌ ගෙවිලා…

අපත් නැවතිලා රටත් නැවතිලා….

පැයේ විවේකය පැයතුන විලා – බමණ ගතින් නෙත්යුග රතුවිලා….

ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා – රටක පැතුම් කඳුලට මුසුකරලා….

අපත් නැවතිලා රටත් නැවතිලා…

(ගැයුම හා ස්‌වර රටාව – වික්‌ටර් රත්නායක)

මිනිස්‌ මනසේ ඇතුළාන්තය ට එබිකම්කල අති ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යයේ අසිරිය විඳි නිසාදෝ වරෙක ඔහුගේ පන්හිඳ මහල්ලෙකුගේ අතීතාවර්ජනයෙන් හටගත් සෝ සන්තාපය මෙසේ පෙළ ගැස්‌වුයේ ද පන්ඩිත් අමරදේවයන් ගේ හඩ උදෙසාය සිංහල ගේයපද සාහිත්‍යයේ නිතර හමුනොවන එහෙත් සුන්දර පැතිකඩක්‌ ඔහු එසේ නිරාවරණය කලේ එකි කලාවේ බුහුටි මව මොනවට පසක්‌ කරමිනි

මහ වැස්‌සක පෙර නිමිති පෙනෙනවා – කවුඵව අතරින් හිරිකඩ එනවා…

මල් පැනි වඩියක උණුසුම ලබනට – යන්නට ඕනෑ කඩමන්ඩිය වෙත..

කබාය ඉරිලා ඊට කමක්‌ නැහැ – කවුරු බලන්නද කවුරු දකින්නද …

මා දැන් මහඵ වියේ ……………………….

මිවිතකින් ගත උනුසුම් වු විට – සිත උණුසුම් වේදෝ….

සිරිපොද වැස්‌සේ එකම කුඩය යට – තෙරපි තෙරපි අර යුවලක්‌ යන හැඩ..

මමත් ඔහොම ගිය හැටි මතකයි – මට හොඳ හැටි මතකයි…

පාරට බැස්‌සම නොවැ සීතල වැඩි – තනිකම ඊට වැඩී…

එපා එපා මිවිත මගේ දෙතොලට – අපසු මගේ කුටියට යනවා….

මා අපසු යනවා…..

(තනු නිර්මාණය හා සංගීතය -සංගීත් නිපුන් මහඇදුරු සනත් නන්දසිරි විසිනි)

විරාමයකින් යළි හමුවෙමු…….

(සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය – ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි – නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය 

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවඳ

January 2, 2022 by shamilka
KDK Dharmawardena, Prabath Rajasooriya

සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර – කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවඳ – 01 කොටස

70 දශකයේ යොවුන් සිත් උන්මාද කළ

මිල්ටන් මල්ලවාරච්චිගේ සුමියුරු අමරණීය ප්‍රේම ගීතාවලිය

ඈත රන් කැඵම් අතරින්…..

ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා…………

රන් එතනෝ මල් එතනෝ………….

සයුරු තෙරේදි අවන් හලේදී…………..

රනඹර ඉඳුදුනු…………

මා හා එදා ප්‍රිය සාදයේ……………

අතීතයේ පවා මගේ ලගින් හිදී………………..

පැරදීලා පලාගියේ නෑ…………………..

ඉවුරු තලා ගංගා බැස යනවා……………

මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා…………..

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

බිගු වැල රොන් සොයලා (වින්සන්ට්‌ රත්නායක)……….

දිනක හිරු බැස යන වෙලාවක (වික්‌ටර් රත්නායක)…………….

නිලුපුල් යුවලේ රතු තොල් සගලේ (මර්වින්)…………..

ආදරේ රන් බිගුන් නැසූ (මර්වින් පෙරේරා)………….

කුංකුම අංජන චන්දන තවරා චන්දනි සිනහ වුනා (විල්බට්‌ ඇන්තනි)……..

බඹරු මත්වෙලා මලට ලංවේලා (විල්බට්‌ ඇන්තනි)………..

අද හවසට මා හමුවනු මැනවී (සුජාතා අත්තනායක)…………

සුරංගනා මල් ඇතිරූ මාවතේ (සුජාතා අත්තනායක)………….

උණ පදුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වගේ (විජේසිරිවර්ධන පොළොන්නොවිට)……………….

මා සනසා මා නළවා සුරංගනාවක්‌ හෙමින් ඇවිල්ලා (මර්වින් පෙරේරා)….

ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොඵවි (දයාරත්න පෙරේරා)………..

ඉහත කී ගි පෙල කලක්‌ සිංහල ගීතාවලියේ ගී රසික යව්වන සිත් මෝහනය කළ නිතර මුවග රැව් පිළිරැව් දුන් ගී පෙළ අතරින් හිනිපෙත්තේ රැදී අතර ඒවා දශක 04 තරම් කාලාන්තරයකට පසු අදත් එදා තරමටම පරම්පරා 02 කින් පසුවත් රසික හද කිති කවනු ලබයි

යව්වන ප්‍රේමයේ මිහිරියාව විවිධ පැතිකඩ ඔස්‌සේ විග්‍රහ කෙරෙන ඉහත ගී පෙළෙහි හිමිකරුවා  ප්‍රවිණ ගී පද රචක ගුවන් විදුලි නිවේදක කේ ඩි කේ ධර්මවර්ධනයන්ය

KDK Dharmawardena
KDK Dharmawardena

ගුවන් විදුලි ගී ද සමගින් වෙළඳ ගී තැටි හා පසුව නිකුත් කෙරුණු කැසට්‌ පට සඳහා ලියෑවුනු වඩාත් ප්‍රේමණීය ලගන්නා ශෘංගාරාත්මක ගී පෙළහි හරි අඩකඩ ත් වඩා වැඩි තරමක ගී සංඛ්‍යාවක හිමිකරුවන් වූ කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්ති ද අල්විස්‌ දෙපොළ අතරට තෙවනුව ඇතුළත් විය යුත්තේ ඔහුගේ නාමයයි

එදා මෙන්ම අදද ඇතැම් ගී රසිකයන් ද ඔහුගේ නම කියෑවුණු සැණින් මතකය අවදිකරන්නේ මෙකී කේ ඩි කේ – මිල්ටන් එක්‌ව මැවූ ඉහත කී ප්‍රේමගීතාවලිය පිළිබඳවයි

මෙතැන් සිට දිගැහෙරෙන්නේ ඔහු එදා මැවූ ගී රසාකරයෙන් පෙරාගත් ගී නිර්මාණ බින්දු මාත්‍රයකි

එකී නිර්මාණයන්ට පෙම්බැදි  ගී රසික යොවුන් ඔබ මේ සුන්දර
නිර්මාණකරුවා හරිහැටි හදුනන්නේද ?

ඒ පිළිබදව දැනුවත් වි සිටිද ?

ඔහුව හදුනාගන්නට රිසි ඔබටයි මේ ලිපි දාම තිළිණය

සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය – ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි – නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන දයාබර බිරිඳ)

මතු සම්බන්ධයි…………………..

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved