• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

සොඳුරු ගාන්ධර්වයා – 01

April 4, 2021 by shamilka Prabath Rajasooriya, shiromie Fernando

හෙළයේ මෑත අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා – 01 කොටස

මේ කථාංගයේ ඇරඹුමට අප කොළම් තොට එදත් අදත් ජනාකීර්ණ කලාව – වෙළඳ – අධ්‍යපනික – ආගමික මෙකි සෑම අංශයකින්ම ඉතිහාසයට ගැවී පවතින කොටහේනට පැමිණෙමු

ඒ මෙතැනින් දශක 05 ක එපිටින් යුගයයි කවදත් කොතැනත් දක්‌නට ලැබුනු සාමාන්‍ය පවුලක සාමාජිකයන් සංඛ්‍යාත්මකව අදට වඩා ඉහළ අගයක්‌ ගත් යුගයයි

මේ කථාවට සම්බන්ධ පවුලේ සාමාජිකාවකි එසේම  ඇයට වයසින් බාල වැඩිමහඵ සාමාජිකයන් සතර දෙනෙකු සිටියහ

අප ඔවුන්
ක්‍රිස්‌ටි  –   මැක්‌ස්‌වෙල් –  රොනල්ඩ්  – මෙල්රෝයි නමින් හඳුනාගනිමු

Dharmaratne Brothers

මවුත් ඕගනයේ සිට ඕනෑම වාද්‍ය භාන්ඩයක්‌ වැයීමේ සහජ දක්‍ෂතාවයකින් සපිරි ඔවුහු නිරතුරු ඒ කටයුත්තේ නිරතව සිටියහ

මේ 1967 වසරයි

බටහිර පොප් ගායක කන්ඩායම් අනුකරණය කරමින් මෙහිද වාදක-ගායක කන්ඩායම් බිහිවෙමින් පැවතුණු අතර ඒ වනවිටත් නෙවිල් ප්‍රනාන්දු ගේ ලොස්‌ කැබැයියරෝස්‌ (වෙනත් ලිපියක සඳහන් ව ඇත) ද නොයෙල් බ්‍රයන් රණසිංහ ගේ ලා සිලොනියන්ස්‌ ද කරළියට පැමිණ තිබිනි

Los Caballeros
Los Caballeros
La Ceyloniyans

අප කථා නායකයාණන් ද තම සොයුරන් හා එක්‌ව ගායක කන්ඩායමක්‌ බිහිකරවාගැනීමේ නොනිත් ආශාවකින් පෙඵනි

ඉහත කී කන්ඩායම් හි සාමාජිකයන් එකිනෙකාට ආගන්තුකයන් වූ නමුදු මෙs කන්ඩායම එකම පවුලේ  සොයුරන් වීම විශේෂත්වයකි

ඒ අනුව ශ්‍රී ලංකාවේ පුරෝගාමි පවුලේ ගායක- සංගීත කන්ඩායම වූ ධර්මරත්න සහෝදරයෝ හි උපත සිදුවුයේ මේ ලිපියට මුල්වන ප්‍රවිණ ගායක – ගී පද රචක – සංගීතවේදී – සංගීත සංයෝජක මෙල්රෝයි ධර්මරත්නයන් ගේ මැදිහත් වීමෙනි

ඔහුවූ සිංහල ගීත කලාවේ එක්‌තර පැතිකඩක්‌ ඒ රටාවේ ගීත රසවිඳි රසික කැලක්‌ කලෙක වර්ණවත් කරනු ලැබුවේ එහි නායකයා ලෙස කටයුතු කල මෙල්රෝයි ධර්මරත්න සංගීතවේදියාගේ ම අපූර්ව සරල පදවැල් හා නාදරටා ගැබ්වුනු ගීතාවලියකිනි

රසිකයා වෙතට සමිපවන්නට තිබුනු එකම විදු මාධ්‍යය වූ ද ගීත කලා ශිල්පීන් හා එහි ශ්‍රවකයන් අතර වැජඹුණු  සර්ව බලධාරියා වූද රජයේ ගුවන් විදුලියේ සිංහල සේවාවන් මගින් ඔවුන්ගේ ගායන රටාව වූ කන්ඩායම් ගීත කලාවට ලැබුනු අනුග්‍රහය අවම වූ සමයකදී එහි ඉංග්‍රිසි සේවයේ ප්‍රවිණ නිවේදක විජය කොරයා ගේ කාරුණික අනුග්‍රහය යටතේ එහිදී ඔවුන්ගේ ඇතැම් නිර්මාණ ශ්‍රාවකයා වෙතට ගෙන යන්නට සමත්විය

Vijaya Corea

එයින් පසුව ඊට තිබුනු එකම විකල්පය වූ 45 වේග යේ වෙළඳ ගී තැටි කලාවේ පුරෝගාමි පැට්‍රික්‌ කොරේරා රසවතා රැ ව්‍යාපාරිකයා ගේ මෙහෙයවිම යටතේ ගෞරී කෝපරේෂ්න් ආයතනයේ පිලිප්ස්‌ වෙළඳ ලේබලයෙන්  තම නිර්මාණ එළි දැක්‌වූහ

රාජ කුමාරි මල්සර දෝණි…….
අව්ව පායලා……
ප්‍රියංගිකා මගේ…….
වැස්‌ස වහිනවා….
අපි සහෝදරයෝ හතරදෙනා….
රොමියෝ මමයි……
වාසිටි කොල්ලෝ…..
කලකට පෙර මේ බෙත්ලෙහෙමේ (නත්තල් බැති ගීය)
මෙන්න අපේ සුහද පැතුම් (උපන්දින සුබ පැතුම් ගීය)

කඳුකරේ පෙම් කථන්දරේ…….

ඉන් මතකයෙන් නොගිළිහෙන නිර්මාණයන්ය

70 දශකයේදී සිංහල පොප් ශෛලියේ හිනිපෙත්තේ ක්‌ලැරන්ස්‌ ඇතුඵ කන්ඩායම හා කරට කර සිටිමින් දිවයිනේ සංගීත සංදර්ශණයන්ට සහභාගි වෙමින් තම රසිකයා ගීයෙන් වසග කල ඔවුහු

කන්ඩායම් සංගීතයේ අවරගිර හමුවේ 80 දශකයේ දී ක්‍රමයෙන් විසිර ගියද අප කථානයකයන්ගේ ගී යාත්‍රාව හැල්මේ නිසොල්මනේ පැදවිණි

තම දෙටු සොයුරියගේ කුඩා දියණියගේ ගායන හැකියාවන් ඔප්නංවාලු මෙල්රෝයි ඇය වෙනුවෙන් විශේෂ කර්ත්‍යයක්‌ ඉටු කරනු ලැබ සිංහල ගීතාවලියේ මෑත ඉතිහාසයේ ප්‍රථම පොප් ළමා ගායිකාව බිහිවිය

ඇය 70 දශකයේ ගී රසික ඔබ අප හොඳින්ම හඳුනන ශීරෝමි ය

ශිරෝමි ප්‍රනාන්දුය

Shiromie Fernando

එකොළොස්‌ හැවිරිදි වියේ දී පටන් සුරතල් ළෙලවන හඩකින් තම වයස්‌ කාන්ඩයේ සිට ඉහළට සෑම තරාතිරමක රසිකයන් නැළවු ඇය ගැයු ගීතයන්හි එකක්‌ දෙකක්‌ හැර සියඵම පද රචනාවන්ද තනුරටා ද සංගීත සංයෝජනයන් රැ අධ්‍යක්‍ෂණයන්ය මෙල්රෝයිගේය

ඒවා අතිශය සරළ පදරචනාය ළමා මනස ළමා සිතුවිලි ඔස්‌සේ ගැඹුරට කිමිදී ඔවුන්ගේ ලෝකයේ විචිත්‍රත්වය ඔවුන්ගේ හඩින් කියා පෑ ගී පදවැල්ය

එදාමෙදා තුර දසදහස්‌ සංඛ්‍යාත ළමා සේනාවන් පිනවූ
පොඩිකාලේ දගකෙරුවාම / කොන්ද නමාගෙන

බළල් හාමිනේ (පුඵන් කොට්‌ට අත්දෙක තබලා)

සකල බුජං කොට කලිසම්

රුවට රුවක්‌ නැත

හඳහාමි සුදු හඳහාමී

ජේසුබබා (උඳුවප් මාසේ සීතල දවසක)

බොරුවට අඩ අඩ (මෙල්රෝයි ධර්මරත්න සමග)

සීයා (කරුංකා ගෙඩියක්‌)

මං දුකින් තමයි ඉන්නේ කවුද

යන මේ ගීත යුග යුග ළමා මුවේ රැව් පිළිරැව් දෙනු ඇත

මීට අමතරව ඇය සිංහල සිනමා ගීතාවලියට දායක වුයේ එහි ගීත දෙකක්‌ ගායනා කරමිනි

ඒ

ආකාසේ රැස්‌විහිදා ඉරපායා එන්නේ (ආදරේ හිතෙනවා දැක්‌කම – 1972- නීල් රූපසිංහ) – පද රචනය  – කරුණාරත්න අබේසේකර

සංගීත නිර්මාණය – පී එල් ඒ සෝමපාල

හිම කන්දේ (සිකුරුලියා – 1975 – එඩ් ඩී ප්‍රේමරත්න)  – ධර්මසිරි ගමගේ – ක්‌ලැරන්ස්‌ විජේවර්ධන

ඇයගේ ඉහත කී මුල් ගීතපෙළින් පසු තරමක විරාමයකින් පසු 1978 වසරේදි පමණ (Silverline)ලේබලයේ නිකුත්වුණු වෙළඳ තැටියක අඩංගුවූ එයුගයේ ආන්දෝලනාත්මක එහෙත් අපූර්ව ගීතයක පසුබිම් කථාව මෙල්රෝයි ධර්මරත්නයන්ගේ හෙළිකළ අයුරුයි මේ

70 දශකයේ අග භාගයේ එක්‌තරා දවසක කෙනත් පෙරේරා (එවක එනම් 70 දශකයේ සිල්වර්ලයින් නම් ජනප්‍රිය තැටි ලේබලයේ අයිතිකරු)මහත්තයා මගෙන් ඉල්ලා සිටියා ඔහුගේ ආයතනයෙන් නිකුත් කරන්නට නියමිත තැටියකට නිර්මාණකරනයෙන් දායක වන ලෙසට

ඒ අනුව එකි තැටියට (45 වේග ඊ පී තැටියක පැත්තක 02 බැගින් මුඵ ගීත සංඛ්‍යාව 04 කි) අජන්තා රණසිංහයන්ගේ ගීත 02 ක්‌ මා විසින් තනු නිර්මාණය කර සංගීත අධ්‍යක්‍ෂණය කරන්නට නියමිතව සිටියා ඒවා ගැයුවේ මිල්ටන් මල්ලවාරච්චි

01 මේ මැයි ගහ යට

02 රන්මුදු රන්මුදු

ඒ ගීත යුගලයයි

මෙහි දෙවැනි පැත්තේ ගීත 02 ලියුවේ මා විසින් ඒ සඳහා මා ගීත ගායනයෙන් තරමක්‌ ඈත් වී සිටි ශිරෝමිව යොදාගන්නට සිතුවේ ඇයගේ හැකියාවන් මොට නොවී තබාගැනුමටයි ඒ අනුව

01 මං සමණළයෙක්‌ වෙලා

02 අඩන්නෙපා

යුගළය ලියා සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලැබ නිකුත් කරා

මෙහි අඩන්නෙපා ගීතය විශේෂයි ? එහි පදවැළ ?

ඔව් එහි කියෑවෙන්නේ පිළිකාවකින් මියයමින් සිටින කුඩා ළදැරියක්‌ තමාව ජීවත් කරවන්නට නොහැකි බව වටහගෙන ඇගේ ආදරණිය මැණියන් අමතා කරන ආයචනයක්‌

මෙය නිකුත් වූ විගස මහත් සේ ජනප්‍රිය වුනා ඒ වගේම විශාල කැළඹිමක්‌ හට ගත්තා කටකථා පැතිරුනා

ශිරෝමි ඇත්ත වශයෙන්ම රෝගි වීම නිසා එසේ ගීත ගායනයෙන් ඇත් වී සිට දැන් අසාධ්‍යව ඒ ගීතය ගැයුවා යෑයි කථාවක්‌ පැතරෙමින් තිබුනා

පසුව මේ කථාව නිවැරදි කරන්නට ඉදිරිපත් වුනේ ප්‍රවණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහත්තයා

එයා ඒ අවධියේ සේවය කලේ ලංකාදීප පුවත්පතට සම්බන්ධව මා විමසනු ලැබ ඡයාරූප ශිල්පියෙකු ද සමගින් ඔශු ශිරෝමිලාගේ නිවසට පැමිණ ඇය නිරෝගිව වෙසෙන බවත් එය හුදු නිර්මාණයක්‌ පමණක්‌ බවත් දන්වා පුවත්පතේ එකි ඡායාරූපය සමගින් ප්‍රවෘත්තියක්‌ මුල් පිටුවේම පළකරනු ලැබුවා එය රසවත් අත්දැකිමක්‌ ඇත්තෙන්ම

මෙය සත්‍ය සිදුවිමක්‌ පාදක කරගෙන ලියන ලද්දක්‌ වන්නට ඇති ?

නැහැ නැහැ මෙය මාගේ ප්‍රබන්ධයක්‌ පමණයි මේ කාලයේදි මා විසින් තොම්සන් වැන්දබෝනා නම් නවකථාකරුවාණන්ගේ කෘතියක්‌ කියවමින් සිටියා එහි නම

සදා සමරමු සුදු

පිළිකා රෝගයෙන් පිඩා විඳි කුඩා දැරියකගේ අවසන් කාලය පිළිබඳව ගෙතුණු සංවේදී නවකථාවක්‌ වූ එය මගේ සිත කැළඹවනු ලැබුවා

එය ඉහත කී නිර්මාණයේ පසුබිම් කථාවයි

ස්‌තුති පුර්වක ප්‍රණාමය – ප්‍රවිණ සංගීතඥ / ගායන ශිල්පී / ගත් කතුවර / ගී පද රචක මෙල්රෝයි ධර්මරත්න (නායක  – ධර්මරත්න සහෝදරයේ හාර්මනි සංගීත කණ්‌ඩායම)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved