• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

සිංහල කණ්ඩායම් ගී කලාවේ රස මුසු තැන් – 04

June 5, 2021 by shamilka melroy dharmaratne, Prabath Rajasooriya

අපේ අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා – 04 කොටස

කොටහේනේ ශාන්ත බෙනඩික්‌ විද්‍යාලයේ සාපෙ සිසු දරුවෙකුව සිටියදීම තම වැඩිමහල් සොයුරියගේ උපකාරයෙන් පුවත්පත් කලාවේදයට පිවිසි මෙල්රෝයි ධර්මරත්නයන් 60 දශකයේ මැද භාගයේ එවකට පාඨකයන් අතර අතිශය ජනප්‍රසාදයක්‌ දිනාගත් පුවත් පත් ගණනාවකට ලිපි සැපයීම සිදු කලේය

සිමාසහිත සිනමාස්‌ සමගමේ අනුග්‍රහකත්වයෙන් ආරියරත්න කහවිට (ප්‍රවිණ ගායන ශිල්පිනී මල්ලිකා කහවිට ගේ සැමියාණන්) සංස්කරණය කරනු ලැබූ කලා සගරාව (60 දශකයේ ජනප්‍රිය සගරාමය පුවත්පතකි)
මෙන්ම ආතර් යු අමරසේනයන් විසින් කර්තෘත්වය දැරූ විසිතුර හා පුවත්පත් කලාවේදයේ මහගුරු ඩී බී ධනපාලයන් යටතේ වේ වී අබේගුණවර්ධනයන් සංස්‌කරණය කළ සවස (ජනප්‍රිය සැන්දෑ පුවත්පතකි) වැනි පුවත්පත් ඒ අතර විය

පුවත්පත් කලාවෙන් දිවිය ඇරඹ ගී පද රචනා කලාව ගායනය හරහා සංගීතවේදියෙකු ලෙස විවිධ පැතිකඩයන් ඔස්‌සේ තම ප්‍රතිභාව පළකළ එකම ශිල්පියා ඔහු වන්නට ඇතැයි සිතමි

යලිත් ඔහුට සවන් දෙමු

———————-xxxxxxxxxxxxx—————————–
මේ කාලවකවානුවේ එනම් 1965 දී සිදුවු දේශපාලන බල පෙරළිය ත් සමග රජය සතු එකම හා ප්‍රබලම විද්යුත් මාධ්‍යය වූ ගුවන් විදුලියේද මහ පුටුව ට පත්ව ආයේ කෘතහස්‌ත පරිපාලන නිලදරුවෙකු වූ නෙවිල් ජයවීර මහතාය

Neville Jayaweera

එකවට වෙළඳ සේවයේ බහුලව ඇසුනේ හින්දි ගීත හා ඒවයේ තනු උපුටා පටිගතකරන ලද සිංහල ගීතයන් බව මතකය

එහි ඉංග්‍රිසි සේවය අනුව යමින් තමන්ටද අදාළ හින්දී ගී සඳහා කර්තෘ භාගය ගෙවිමට කටයුතු පිළියෙල කරන ලෙස ඉල්ලීමක්‌ එහි බලධාරින් වෙත ලැබි තිබුනු අතර එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් පිළිතුරු යවන ලදැයි කියෑවේ

තවද ඊට හේතු ලෙස දක්‌වා ඇත්තේ අදාළ ගී ඇතුළත් සිනමා කෘතියට ඒ හරහා ලැබුනු ප්‍රචාරය නිසා ඒවා මෙහිදී වාර්තා පිහිටවමින් තිරගත වීම බව වැඩිදුරටත් සඳහන්ය

ඊට එරෙහි වූ ඉන්දීය බලධාරීන් ගුවන් විදුලි හින්දි සේවයට ලබාදෙන වෙළඳ අනුග්‍රහකත්වය අත්හිටුවන බවට දන්වන ලද අතර එසේවීනම් හින්දි සිනමා පට මෙහි ප්‍රදර්ශනය ද අත්හිටුවිම සිදුවන බව ලංකා බලධාරීන්ගේ පිළිතුර විය

අවසානයේ හින්දි ගී කර්තෘ භාග මතභේදය සමථයකට පත්වුනත් සිංහල සේවාවන් ඔස්‌සේ හින්දී ගී ප්‍රචාරය කිරීම දැඩි සේ සීමා කිරීමට ගුවන් විදුලිය ගත් තීරණය අප ඇතුඵ ක්‍ෂේත්‍රයේ නවකයන්ට මහත් ම ආශීර්වාදයක්‌ වූ අතර අප වැන්නන්ට එහි දොරටු වැඩි වැඩියෙන් විවර වන්නට විය

ඒ අවධියේ ජනප්‍රිය ගුවන් විදුලි නිවේදක විජය කොරයා මහතා ගේ මැදිහත්වීමෙන් ලොස්‌ කැබැයියරෝස්‌ , මූන්ස්‌ටෝන්ස්‌ හා සිලොනියන්ස්‌ ගායකයන්ගේ ගීත ගුවන් විදුලයේ ඉංග්‍රිසි සේවය ඔස්‌සේ ප්‍රචාරය වන්නට පටන් ගෙන කිසියම් කාලයක්‌ ගතවී තිබි ඇති නිසා ඔවූහු අසන්නන් අතර දැනටමත් ජනාදරයට පත් වි සිටියහ

Los Caballeros
Los Caballeros
The Moonstones, L to R Chanaka, Sunil, Wijith, Clarence, Mangala, Annesley
The Moonstones, L to R Chanaka, Sunil, Wijith, Clarence, Mangala, Annesley
La Ceyloniyans
La Ceyloniyans

මේ අතරවාරයේ එවකට ප්‍රසංග සංවිධාකයෙක්‌ ලෙස අතිශය ජනාදරයට පත් මැල්කම් ඇන්ඩ්රී මහතා අපේ ගීත ශ්‍රවණය කර තිබිනි

ඔහුගෙන් කරන ලද කාරුණික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඉලාස්‌ටෝ පාවහන් සමාගමේ අනුග්‍රහකත්වය යටතේ දියත් කළ ගුවන් විදුලි වෙළඳ වැඩසටහනකට අපව සහභාගි කරවන්නට ගිවිසිගෙන තිබුනේ ඊට නියමිත සම්මුඛ පරික්‍ෂණයෙන් අනතුරුවය

Malcolm Andree
Malcolm Andree

ඒ අනුව දැඩි පුහුණුවකින් හා කැපවීමකින් අපගේ කටයුතු සිදු කරමින් අදාළ වැඩසටහනට අපටද ගී ගැයීමට අවස්‌ථාව උදාකරගන්නට ලැබීම ජීවීතයේ අමතක නොවන සුන්දර අත්දැකීමකි

ඒ අනුව කලකට පෙර මේ බෙත්ලෙහෙමේ නත්තල් බැති ගීයද ඈත හෙමින් වලා රොදක්‌ පාවෙනවා (වැස්‌ස) ගී යුගලයට අමතරව වෙළඳ තැටියක්‌ උදෙසා යළි නොගැයූ ලන්තෑරුම එල්ලෙන්නේ නම් ගීය මා විසින් අඵතෙන් නිර්මාණය කරනු ලැබ පුහුණු වන ලදී

මේ අතරවාරයේදීම ශීරෝමි දියණියට අවස්‌ථාවක්‌ ලබාදෙන්නට එකග කරවා ගත් අප ඇය ව සුමනා ජයතිලකයන් විසින් අදද මෙහෙයවනු ලබන එකල අතිශය ජනාදරයට පත් හඳමාමා ළමා වැඩසටහනට යොමුකරවන්නට තීරණය කර තිබිණි
ඒ සඳහා ඇය වෙනුවෙන් ද නව ස්‌වත්‍රන්ත්‍ර ගීතයක්‌ අඵතෙන් නිර්මාණය කරවා පුහුණු කෙරුවෙමි

වැඩසටහන පටිගත කරන අතරවාරයේ දී ඇයගේ ගැයුමෙන් මහත් සේ ප්‍රමුදිත වූ හඳමමා කාර්ය මන්ඩලයේ නොමද කිත් පැසසුම් ලැබූ ඒ ගීතය ඇයට වසනාව උදා කර දී තිබිණි

මෙකී වැඩසටහන පටිගත කරනු ලැබු වකවානුවේ සුමනා ජයතිලකයන් පුහුණුවක්‌ සඳහා දිවයිනෙන් බැහැරව ගොස්‌ සිටි බවත් ඇගේ සහයක නිවේදක ලැම්බට්‌ පෙම්මාවඩු එය මෙහෙයවන ලද බවත් සඳහන් කරමි

Shiromie Fernando
Shiromie Fernando
Sumana Jayathilake
Lambert Pemmawadu
Lambert Pemmawadu

ඒ එවකට දිවයිනේ නමගිය දැවැන්ත ගායන ශිල්පීන් වූ සූජාතා අත්තනායක ජෝති ඇන්ජලීන් ලතා ගී ගැයු සිංහල වෙළඳ සේවයේ ගීතධාරා වැඩසටහන ඔස්‌සේ එය ද ප්‍රචාරය කරවීමට ඔවුන් විසින්ම තෝරාගැනීම නිසාවෙනි එය එකළ ප්‍රවිණ ශිල්පියෙකුට පවා ලැබෙන මහත් ආශිර්වාදයකි ආධුනික කුඩා දැරියක්‌ පිළිබඳව කියනුම කිම රෑ

පසු වසරක දී මා මතකය නිවැරදි නම් 1971 දී පමණ වෙළඳ තැටි ව්‍යාපාරයේ පතාක යෝධයෙකු ලෙස සැළකුණු ජෙරල්ඩ් වික්‍රමසූරිය (Jerald Wickramasooriya – The children’s Bookshop Fort, Colombo 01) මහතා විසින් සූරිය ලේබලයෙන් ඇයගේ තැටියක්‌ එළිදැක්‌වීමට කටයුතු කරනු ලැබිය ඒ සිංහල ගීත ලෝකයේ ප්‍රථම ඒකල ළමා පොප් ගායිකාවගේ උපත සිදුවු ආකරයයි

එසේ ඇයවෙත සිරිකත කැන්දුවේ ඇයව ළදරු වියේ සිට හදාවඩා බලාකියාගත් ඇගේ මිත්තණිය වන මා මව වෙනුවෙන් මා විසින්ම වදන් අමුණා ස්‌වර මාලා පැළැන්දූ කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ගීතය යි

යළිත් අපේ ධර්මරත්න සහෝදර කැළ වෙත යොමුවන්නට ඔබට ආරාධනා කරමි

මේ අතර අප කන්ඩායමටද නැවතත් වාසනාවේ රන් දොරටු විවර වුයේ ඉංග්‍රිසි සේවයේ සේලර්ස්‌ සන්ඩවුන් (Zellers’ Sun dawn) නම් ගුවන් විදුලි වැඩසටහනේ ගී ගයන්නට ලැබුනු ඇරයුමෙනි

එවකට එහි ඉහළ තනතුරක්‌ හෙබවු ලිවී විජේමාන්න හා ඉංග්‍රිසි සේවයේ නිවේදක විජය කොරයා යන මහත්වරුන් විසින් අප කන්ඩායම් ගී සාමාජිකයන් වෙත දෙන ලද සහයෝගය ප්‍රණාම පූර්වකව මෙහිදී සිහිපත් නොකළොත් එය මාගේ යුතුකමක්‌ පැහැර හැරීමක්‌ වනු ඇත

Livy Wijemanne
Livy Wijemanne
Vijaya Corea
Vijaya Corea

එහි හින්දි ගීත වාරණයෙන් ඇතිවු ආශීර්වාදාත්මක රික්‌තයේ දී වැයෙන්නට පටන් ගත්තේ අප ඇතුඵ සෙස්‌සන්ගේ ඉහත කී නව කණ්‌ඩායම් ගීතයන්ය

ක්‍රම ක්‍රමයෙන් ධර්මරත්න සහෝදරයෝ නාමය එසේ රසික දන තුඩ තුඩ රැව් පිළිරැව් දෙන්නට වූ අතර දිවයින පුරා ප්‍රසංග වේදිකා සංදර්ශන ආරාධනා ගලා එන්නට වූ බව මහත් සතුටින් සිහි කරමි

1965 වසර එළඹ තිබිනි

ගුවන් විදුලියෙන් අපගේ ගීත ඇසෙන්නට පටන් ගත් පසුව කන්ඩායම් ගී රැල්ල මහා ප්‍රවාහයක්‌ බවට පත්වෙමින් තිබුනු අතර මේ නවමු හර්මනි ගී රටාව අනුගමනය කළ කන්ඩායම් ගණනාවක්‌ අප දිවයිනේ බටහිර මුහුදුකරය ඇසුරේ හැදී වැඩී පෝෂණය වෙමින් පැවතිනි

මේ අතර මෙතෝදිස්‌ත දේවස්‌ථානයේ සංගීත උළෙලේදී පැවති හමුවෙන් ගිවිසගත් පරිදි අප සියල්ල එකමුතුව අගනගරය ඇසුරේ මහා සංගීත ප්‍රසංගයකට සුදානම් වෙමින් සිටියහදි

ඒ අනුව කොළඹ 07 ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමය හාත්පස පරිසරය ගිගුම් දෙවමින් අතුරු සිතුරු නැතිව පිරිගිය මහා ජනකායක ප්‍රිතිඝෝෂා මධ්‍යය සෝංග්ස්‌ ඔෆ් ලංකා නාමයෙන් එය වෙsදිකා ගත කෙරිනි

ධර්මරත්න සහෝදරයෝ සංවිධානයෙන් එහි ගැයුවෝ වැයුවෝ අතර
මූන්ස්‌ටෝන්ස්‌ (මංගො නැන්දා) Moonstones

ලා සිලනියන්ස්‌  (හෝයියා හෝයියා) La ceyloneanse
ලා බම්බාස්‌ (කලේ උකුලේ තියාලා) La bambas
ලොස්‌ මුචාචෝස්‌ (යකඩ තලන්නා) Los muchachoes

ලොස්‌ ෆ්ලෙමින්කෝස්‌  (කඵ කෙල්ලේ ඔබ හරිම හැඩයි) Los flemincos
බඹරාස්‌ ළමා ගායකයෝ The Bambaras
ලොස්‌ සෙරනාඩෝස්‌ 
Rio Los Serenaders.
හමිංබර්ඩ්ස්‌ (මධු අඹරැල්ලේ) Humming Birds

ග්‍රෙන් ලෙනාර්ඩෝස්‌  (යාල යාල යාල යන්න) Gren Lenardos
ලා ලැවිනියන්ස්‌ La lavinians
ලොස්‌ කොම්පඤ්ඤගරෝස්‌ Los compannagaros

ග්‍රෙන් ලෙනාර්ඩෝස්‌ යාල යාල තැටිගත කිරීම සඳහා එවක නව යොවුන් ආධුනික ගායිකා මාලනී බුලත්සිංහලද කන්තා හඩ දෙමින් සහභාගී වූ අතර  කන්ඩායම් වූ අතර එවකට ජනප්‍රියතාවයේ හිනිපෙත්තේ විසු ලොස්‌ කැබැයියරෝස්‌ ද සමනළයෝ ද සහභාගි නොවීය

Malini Bulathsinghe
Malini Bulathsinghe

————————-^^^^^^^^^^^^^^^^^———————

ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා – ලස්‌සන ඇස්‌ ඇති ප්‍රියංගිකා
යන්න ගියා ඈ යන්න ගියා – ඈතට නොපෙනී යන්න ගියා
නිල්මිණි පරයන ලස්‌සන උතුරණ – දිලිසෙන දෑසට හිමිකාරී
මුතුකැට දත්පෙළ පිම්බුණු කම්මුල – සුරලොව සිට ආ ලියක්‌ වගේ
මා දෙස බල බල සිනහව පෑ කල රත්තරනින් තැනු රුවක්‌ වගේ
ගමන පියකරුයි – පෙනුම මනහරයි – දණහිස තෙක්‌ ඇගේ නෙත් කළඹ
කොමල අත් දෙකයි සිනිදු පා දෙකයි – ළිඳට යද්දි සෙළවෙයි නිතඹ

පද රචනය සංගීත අධ්‍යක්‍ෂණය  මෙල්රෝයි ධර්මරත්න

තනුව – රොනල්ඩ් ධර්මරත්න

ගායක කණ්‌ඩායම – ධර්මරත්න සහෝදරයෝ

නිෂ්පාදනය – ජෙරල්ඩ් වික්‍රමසූරිය – සූරිය තැටි ලේබලය (The Sooriya Label 45 r.p.m.)

වසර – 1969

පුහුණුවිම් – ශ්‍රි ලංකා නාවුක හමුදා කඳවුර – වැලිසර රාගම

වාදක මන්ඩලය – ශ්‍රි ලංකා නාවුක හමුදා සංගීත කණ්‌ඩායම – (Sri Lanka Navy beat group)

පටිගතකිරීම – සරසවි ශබ්දාගාරය – නුවර පාර දඵගම – කැළණිය

(ශ්‍රී ලංකා නාවුක හමුදා බටහිර සංගීත කන්ඩායම වූ කලි එහි නිල තුර්ය වාදක කණ්‌ඩායමේ තෝරාගත් සමාජිකයන් පිරිසකගෙන් සමන්විත වූ වාදක කන්ඩායමක්‌ බවත් වෙළඳ පටිගතකිරීම් හා වෙනත් බාහිර උත්සව ප්‍රිය සම්භාෂණ සිනමා ගී සඳහා වාදනයෙන් සහය වූ පිරිසක්‌ බවත් සඳහන් කළ යුතුය)

තැටියේ සෙසු ගී 03
1 මෙන්න අපේ සුහද පැතුම් (උපන්දින ආසරි ගීය)
2 වාසිටි කොල්ලෝ
3 අව්ව පායලා

පසුබිම් සටහන –


සංගීතඥ මෙල්රෝයි ධර්මරත්නයන් විසින් මේ ගීතයට පාදක වූ සිදුවිම් පෙළ විස්‌තර කරමින් හෙළිදරවු කරණු ලැබුවේ මේ ගීතය ට පසුබිම් වූ නමට ඔහු ඉතා ඇඵම් කළ බවයි ඔහුගේ වැඩිමහල් සහෝදර ක්‍රිස්‌ටි ධර්මරත්නගේ බිරිඳ ගේ සොයුරියගේ දියණියගේ නම ප්‍රියංගිකා ඊට මුල්වූ බවත් කියා සිටියේය 1964 දී හදිසි අනතුරකින් මියගිය තම වැඩිමහල් සොයුරියක්‌ වෙනුවෙන් මේ ගීතය පබැඳුනු බවට කටකථාවක්‌ පැතිර තිබුනත් එය දුර්මතයක්‌ බවත් යව්වන වියේ සිටි තම කන්ඩායමේ සාමාජිකයන් විසින් හා පුරා කියා ගැයූ පෙම් ගීතය ලෙස මෙය හැඳින්විය හැකි බවත් එවකට රැල්ලක්‌ සේ ජනප්‍රිය ව තිබූ කාන්තා රුව වර්ණනාකිරීමේ ගී නිර්මාණයන් අනුව යමින් තමන්ද මෙය රචනා කළ බවත් වැඩිදුරටත් කියා සිටියේය

යළි හමුවෙන තෙක්‌ විරාමයකට යොමුවෙමු

—————–( to be continued )——————————

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved