• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

සරත් දසනායක ගී එකතුව

June 5, 2022 by shamilka Prabath Rajasooriya, Sarath Dasanayake

භාරත සලරූ ගී උන්මාදයෙන් ලක් රසිකයන් මුදවා ගැනීමේ පෙළහර පෑ මියැසි වෙදදුරාණෝ – සංගීතවේදී නැසිගිය සරත් දසනායක – (1942-1999)

සිංහල සිනමා – ගුවන් විදුලි – තැටි – කැසට් ගී කලාවේ මල්බර වසන්ත සමයක අතීතාවලෝකනය.

 

සිනමාවේදී සේන සමරසිංහයන් ගේ අමරණිය සිනමා නිර්මාණ පෙල හේතුවෙන් සිංහල සිනමා ගී කර්මාන්තය ලැබූ අමිල සම්පත නැසිගිය සංගීතවේදී සරත් දසනායකයි.

පිළීවෙළීන් සුනිල් සාන්ත – බී ඇස් පෙරේරා – එඩ්වින් සමරදිවාකර – ෂෙල්ටන් පේ‍්‍රමරත්න –  පන්ඩිත් අමරදේව – පේ‍්‍රමසිරි කේමදාස – සෝමදාස ඇල්විටිගල යන ජ්‍යෙෂ්ඨයන්ගෙන්  පසුව ’70’ දශකයේදී පළමුවරට සිනමා පසුබිම් සංගීත නිර්මාණය, ගී තනු සහ සංගීත සංයෝජනයන් වෙත නැඹුරු ව, වහා ප‍්‍රවිණත්වය ලද ඔහු දිවයිනේ පහළ වු අති දක්‍ෂ, සුරුවිරු සිතාර් වාදන ශීල්පියෙකු බව දැන හැඳිනගත්තෝ සිමිතය.

Sunil Shantha
Sunil Shantha
B.S.Perera
B.S.Perera
W.D.Amaradeva
W.D.Amaradeva

ඉහත ලැයිස්තුව නියෝජනය කල සියඵ සංගීතවේදීන් අනුකාරක උත්තර භාරතීය සිනමා සංගීත තනු පිළිකෙව් කළෝ වෙති. ඉඳහිට, ආයෝජකයාගේ බලවත් පෙරැුත්තය නිසා උපුටාගත් තනු එකක් දෙකක් භාවිතා කළද ඔවුන්ගේ නිර්මාණ සියල්ලම පාහේ පූර්ණ ස්වත‍්‍රන්ත‍්‍රය.

එම් කේ රොක්සාමි – ආර් මුත්තුසාමි යුගළයද මියුරු රසපූර්ණ ස්වාධීන නිර්මාණපෙළකින් සිංහල සිනමා ගීතය සැරසූහ. එහෙත් ඔවුන් ද අන්සතු තනු නිර්මාණයන් එක්තරා සංඛ්‍යාවක් සිරු මාරුවෙන් සපයා ගත්හ.

M.K.Rocksamy
M.K.Rocksamy
R.Muththusami
R.Muththusami

පෙර කී ශීල්පි ලැයිස්තුව වෙත, නොපැකිළිව ඇතුළත් කල හැකි ’සරත් දසනායක’, මධූරතර ගී පෙළක් සිංහල සිනමා ගීතාවලියට දායාද කොට දුන්නේය.

සදහටම ඔබ මගේ – 1973

පෙම්රස වෑහෙන මංගල ගීතේ – අමර පෙම් ලතාවේ – දෑසේ මාගේ සැතපෙනා  – වාසනාව දොර ඇරලා බලනවා

නිල්ල සොයා – 1976

නිල්ල නගන ස්වර්ණ කිකිණී – දෑසේ මාගේ සැතපෙනා – සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ 

කස්තුරි සුවඳ – 1975

පාට පොදක් තිලකලා – මල් වයසේ මධු සිහිනේ – පෙම්වතියන්ගේ මහ සාගරේ – ලස්සන ලෝකෙක ඉපදීලා  – ගිගිරි ජගරි

ආශා දෑසින් – 1978

විකසිත පැතුමන් ඔබෙ ළයේ – අනංග රංගී එමල් සැරය වැදීලා – මුව මදහාසේ සීපද රාවේ- ආරාධනා ඉවසා

මල් කැකුඵ – 1980

සාගර ඉවුරේ – බිඳු බිඳු කදුඵ ගලා – හසරැල් සුසුමන්

චංචල රේඛා – 1982

කීන දං මිටක් කඩං ආවා – හස කැඵම් උදා වේවා එදා සේ – මී අඹ අත්තේ කොහෝ කොහෝ 

ඈතින් ඈතට – 1983

බෝධියේ විහාරයේ පිදු පියුම් වැනිවූ – රන්මාල රන්තෝඩු හංගා තියා – කැන්දන් යන්නං රන්මල් මාලා දාලා – සීතයි හරියට හිම ගානයි.

සදාකල් රැඳේවා – 1985

මෙය මා පැතූ ජවිතේ බඳු  – මා පුතුනේ ….

සිංහ පැටවු – 1988

ලංකා හෝ ලංකා එතෙර පවා ලංකා – මින්පෙරත් ඔබ මගෙදෝ

නම් වු ’සේන සමරසිංහ සිනමා නිර්මාණ’  ලැයිස්තුවේ ගී ගැයු ගායක ගායිකාවන් සඳහන් කරනු අනවශ්‍ය වන්නේ ඒවා එතරම්ම සිනමා ලෝලි ශ‍්‍රාවක රසික ප‍්‍රසාදයට ලක් වී පවතින නිසාත්,ඒවා පිළීබදව ඔවුන් හොඳින් දැනුවත් වී ඇති නිසාත්ය. ඒවායේ ගී පබැඳුම් අති බහුතරය සේන සමරසිංහ – සරත් දසනායක සුසංයෝගයේ නොබිඳුනු රන්දාමය වු ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී ’සෝමපාල ලිලානන්ද’ ගෙනි.

ඉන් පරිබාහිරව, ඔහුගේ ගී රසඋල්පතින් වෑහුනු නොසිඳෙන නොබිඳෙන රස ගී පැන් වරුසා අතර
 

ලෙනින් මොරායස් හැදූ ආවා සොයා ආදරේ  – 1974

රන්මසු රන්කිරි ගරුඬ තලාවක  – ජෝති  – ඇන්ජලීන් (කරුණාරත්න අබේසේකර)

මා සැඩ සුළගක මැදිවි පැටලීලා – ලතා වල්පොළ  – එම

රොන් සොයා පියඹන සමණලියක සේ – ලතා වල්පොළ – එම

සොයා සොයා එමි දැකුමට ඇත්තේ – ලතා වල්පොළ ඇතුඵ පිරිස  – එම

රංජිත් පෙරේරා තැනූ දිනුම් කණුව – 1974

මියුරු කල්පනා නෙතක දැල්වුනා – වික්ටර් රත්නායක, (පේ‍්‍රමකිර්ති  ද අල්විස්)

ඉරට අකීකරු සඳට අකීකරු – ඉන්ද‍්‍රානි පෙරේරා – (සුනිල් ආරියරත්න)
 

තිමති වීරරත්න ගේ ’සංගීතා’ – 1975

ඔබේ සැම මගේ සතුටයි –  ජෝති (කරු අබේසේකර)

ලෝකයේ වෙනස් වුනේ  – ජෝති (කරු අබේසේකර)

සල් සපු නා නිල් මානෙල් – ජෝති (කරු අබේසේකර)

මී පිරුණු සුවඳ මල් වනේ  – ජෝති – ඇන්ජලීන් (එම)

ඉර හඳ වැඳලා – ජෝති  – ඇන්ජලීන් (එම)
 

චන්ඩි පුතා – 1975

අම්මලා දුක් ගන්නේ  – ලතා වල්පොළ (සෝමපාල ලීලානන්ද)

බඹරා වගේ ඇත තවම විසේ – ජෝති (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

තනියේ ආවාරේ – ඇන්ජලීන් (සෝමපාල ලීලානන්ද)
 

විජය ධර්ම ශ‍්‍රී නිර්මාණ – දුහුඵ මලක් – 1976

බොඳ මිදුම් කදුරැල්ලේ – අබේවර්ධන බාලසූරිය  – සුජාතා අත්තනායක (අජන්තා රණසිංහ)

රෝමය ලෙසේ  – මිල්ටන් මල්ලවාරච්චි (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

රන් කෙන්දෙන් බැඳ අතැගිලි එක්කල – නන්දා මාලිනී (අජන්තා රණසිංහ)

සීතලේ වෙලී තාරුකා දිලී – ඉන්ද‍්‍රානි පෙරේරා (පේ‍්‍රමකීර්ති ද අල්විස්)
 

යළිත් ලෙනින් මොරායස් වෙතින්  – උන්නත් දාහයි මලත් දාහයි – 1976

නිල්මිනි සැංගි පාවෙි – ලතා වල්පොළ (කරුණාරත්න අබේසේකර)

යළි යළිත් ලෙනින් මොරායස් ගෙන් – හිතුවොත් හිතුවාමයි  – 1977

චුක්කි චුක්කි චුක්කි කියලා මාව රවටලා  – ලතා වල්පොළ – වික්ටර් රත්නායක (ඔගස්ටස් විනයාගරත්නම්)

ආදර කිතියෙන් හද සැඵනා දැනුනා දැනුනා රස දැනුනා – ලතා වල්පොළ (ඔගස්ටස් විනයාගරත්නම්)

මා එදා දෑතින් සනහා ඔබ දුන්  – ඇන්ජලීන් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
 

ජේ කේ චාල්ස් පෙරේරා ගේ  – විස්මය – 1978

ලස්සන නම් නෑ පෙනෙන්නේ  – සනත් නන්දසිරි (කරුණාරත්න අබේසේකර)

අමුතු අමුතු අරුණඵ මල් – සනත් නන්දසිරි (ඩෝල්ටන් අල්විස්)
 

මිල්ටන් ජයවර්ධන හැදූ  – මධුවන්තී – 1978

පැතුම් නිනව්වේ ආශා සුන්වි – මිල්ටන් මල්ලවාරච්චි (ඔගස්ටස් විනයාගරත්නම්)

ගිගිරි කිඳුරු රාවේ සවන් පුරා යාවේ – ජෝති – ඇන්ජලීන් (ඔගස්ටස්)
 

දයානන්ද ජයවර්ධන නිර්මාණ – සමන්මලී – 1979

ආශා මල් පවන් දල්වලා  – ලතා – ධර්මදාස වල්පොළ (සිරිල් ඒ සීලවිමල)

හදවත මාගේ තටුසලා – ජෝති – ඇන්ජලීන් (කරුණාරත්න අබේසේකර)

මන්දහාසි මන්දහාසිනි – ත‍්‍රී සිස්ටර්ස් (ධර්මසිරි ගමගේ)
 

මිල්ටන් ජයවර්ධන හැදූ – නුවන් රේණු – 1979

සැන්දෑවේ මා හා කිදේ රහසේ – මිල්ටන් මල්ලවාරච්චි (ඔගස්ටස් විනයාගරත්නම්)

මේ සීත නිල්ල මියුරු සමීරේ – වික්ටර් රත්නායක සහ ලතා වල්පොළ (අජන්තා රණසිංහ)
 

දයා විමලවීර ගේ  – ජීවන කදුඵ – 1979

සුරංගනා ලොවින් බසින් කුමරියේ – ජෝති – ඇන්ජලීන් (උපාලි ධනවලවිතාන)

සිඳු පතුලේ මුතු  – ඇන්ජලීන් (ධර්මසිරි ගමගේ)

සිතිවිලි සයුරේ රළරැලි අතරේ  – චන්ද‍්‍රිකා සිරිවර්ධන (ඇන්ටන් අල්විස්)

යසපාලිත නානායක්කාර නිර්මාණ – ටක් ටික් ටුක් – 1980

යන එන හැමතැන සොයන්නේමි – ජෝති (ඔගස්ටස් විනයාගරත්නම්)

නිසංසලේ සැලේ කැඵම් පෑහේ – ජෝති – ඇන්ජලීන් (ඔගස්ටස් විනයාගරත්නම්)
 

යසපාලිත නානායක්කාර නිර්මාණ – මුවන් පැළැස්ස – 02 – 1980

පැණි මොර මල් පැණී මොර මල් – ටී එම් ජයරත්න (ජෝරජ් ලෙස්ලි රණසිංහ)

නිල්වන ලන්දේ මල් මකරන්දේ – වික්ටර් රත්නායක – නන්දා මාලිනී (අජන්තා රණසිංහ)

 

හර්බට් රංජිත් පීරිස් ගේ ’එක්ටැම්ගේ’  – 1980

උන්මාද සිතුවම් මැවේ බිඳේ – ගුණදාස කපුගේ (සුනිල් ආරියරත්න)
 

යසපාලිත නානායක්කාර හැදූ නැවත හමුවෙමු – 1982

සිහින අහසේ වසන්තේ  – ජෝති – ගේ‍්‍රෂන්  (උපාලි ධනවල විතාන)

සෙනෙහස පෑවා යළි හමුවූවා – ජෝති  – ඇන්ජලීන් (බන්ඩාර කේ විජේතුංග)
 

දයා විමලවීර – මිහිදුම් සිහින – 1982

සරා සඳේ සිනහා සේලේ – ජෝති (කුලරත්න ආරියවංශ)

කදුළැලි නෑනේ අප රැුහේ – මිල්ටන් මල්ලවාරච්චි – චන්ද‍්‍රිකා සිරිවර්ධන ඇතුඵ පිරිස 

මල් තලාවේ රෑ වලාවේ – ලතා වල්පොළ – (අජන්තා රණසිංහ)

සාස්තරේ සාස්තරේ කාටදෝ – ඇන්ජලීන් 
 

මාලිනී ෆොන්සේකා නිර්මාණ – සසර චේතනා – 1984

බුදුනේ බුදු පියාණෙනි  – ටී ෂෙල්ටන් පෙරේරා (සුනිල් ආරියරත්න)

හිම කඳු යහනේ  – ගේ‍්‍රෂන් ආනන්ද – නිරංජලා සරෝජිනී (කුලරත්න ආරියවංශ)
 

යසපාලිත නානායක්කාර ගේ ජය සිකුරුයි – 1984

පායා දිනිඳු පායා – ඇන්ජලීන් (දයාසේන ගුණසිංහ)

නන්දන උයනේ මියුරස තවරා ගේනා  – ජෝති ඇන්ජලීන් (සුනිල් ගුණවර්ධන)

මල් සිනහා පෑවේ නිල් ගගුලේ – ගේ‍්‍රෂන් ආනන්ද (බන්ඩාර කේ විජේතුංග)
 

සුනිල් සෝම පීරිස් ගේ දිනුම – 1986

හිතුමතේ ජිවිතේ කඩුතුඩු මත – ගේ‍්‍රෂන් ආනන්ද (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

ඩිං ඩොං ඔ් බේබි සිංග් අ ‍සොන්ග් – ගේ‍්‍රෂන් ආනන්ද  (බන්ඩාර කේ විජේතුංග)

මල් රොන් වයසේ පෙම් කවි ලෝකේ – ගේ‍්‍රෂන් ආනන්ද සමග ඇන්ජලීන් (බන්ඩාර කේ විජේතුංග)
 

රෝයි ද සිල්වා ගේ ගෙදර බුදුන් අම්මා – 1988

සක්වල එතෙරට ඇසෙනා  – නන්දා මාලිනී  – එඩ්වර්ඩ් ජයකොඩි
 

(පෙරකී ලැයිස්තුවට ඇතුලත් කරනු ලැබුවේ ඔහු ගේ අතිශය ජනප‍්‍රියත්වයට පත්වූ ගී නිර්මාණ සංක්‍ෂිප්තවය.)

 

1983 – බෝධීයේ විහාරයේ, (ඈතින් ඈතට – නීලා වික‍්‍රමසිංහ)  1984 – බුදුනේ බුදු පියාණෙනි (සසර චේතනා  – ටී ෂෙල්ටන් පෙරේරා)   ජනපති සම්මාන, සරසවි සම්මානිත ගී නිර්මාන බිහිකල ඔහු තමා උපයා සපයා ගත් බරපැන යොදා දයා විමලවීරයන් ගේ අදියුරු භූමිකාවෙන් නිර්මාණය කරල ලද ’මිහිදුම් සිහින’ – 1982 වෙනුවෙන් ජෝති ගැයු ’සරා සඳේ සිනාහ සේලේ’ නිර්මාණය අරභයා ජනාධිපති සම්මාන දිනා ගත්තේය. මෙළෙසින් ඔහුගේ නොසිඳෙන ගී උල්පතින් මතුවුයේ සිනමා ගී පමණකුදු නොවේ. සංඛ්‍යාත්මකව  ඒවා ඉක්මවා රසපුර්ණ වේගරිද්ම වෙළඳ ගී තැටි නිර්මාණ රැසක් ද ඊට ඇතුළත්ය. ඒවා අතර වැඩිමනත්ව ඇත්තේ ඉන්ද‍්‍රානි පෙරේරා සිය සොයුරියන් දෙපොළ හා එක්ව ගැයු ත‍්‍රී සිස්ටර්ස් ගී තැටි නිර්මාණයන්ය. ඒවාද එදාමෙදා තුර නොමද රසික සම්භාවනාවට පාත‍්‍ර වෙමින් අඩසියවසකට පසු අදද ජනප‍්‍රියතම ගීත ලෙස කිරුඵ පැළඳ සිටී.

සාගරය පරදා උතුරා (පේ‍්‍රමකීර්ති ද අල්විස්), අපි මිතුරෝ මුහුදු ගියෝ (කරුණාරත්න අබේසේකර), . වාසනාව දෝතට ගෙන (කරුණාරත්න අබේසේකර),නෙල්ලි කැලේ වැල්ල දිගේ (පේ‍්‍රමකීර්ති ද අල්විස්), මගේ හිත වෙනතක යා වි ඇතිබව (කේ ඩි කේ ධර්මවර්ධන), සතුටු සුළං රැලි හමා ගියා (කරුණාරත්න අබේසේකර), කවුදෝ කවුදෝ මා සෙව්වේ (කේ ඩි කේ ධර්මවර්ධන), තැල්ල ගෙලේ ලා ඉහේ මල් ගවසාලා (කරුණාරත්න අබේසේකර),රුහුණු බිමේ කතරගමේ කඳ සුරිඳේ (කරුණාරත්න අබේසේකර),පෑහි එක ලෙස බැඳි බොමු අපි ජය පානේ (හේම ශ‍්‍රී ද අල්විස්), පවුරු වළල්ලක් බැඳලා (කරුණාරත්න අබේසේකර), එක කූඩුවක හැදි (පේ‍්‍රමකීර්ති ද අල්විස්)

එහෙත්, ඔහු ගේ සිනමාගමනයට පුර්ණ ලෙස දොරටු විවර වූ, දෛවෝපගත වෙළඳ තැටිය උදෙසා හඬ දායකත්වය පිරිනැමුවේ ද එවකට සිංහල සිනමා ගී ලෝකයේ අගරජු ලෙස කිරුඵ දරා සිටි ’ජෝති’ ය. ඒ 1972 වසරේදී පමන සංගීතඥ ’ෂන්මුගම්’ ගේ තනු නිර්මාණ රැගත් ඔහු විසින්ම තම නමින් ’ෂාන්ස්’ නම් වු ලේබලයෙන් නිකුත් කල වෙළඳ තැටියක් උදෙසාය. එහි අනුක‍්‍රමික අංකය – ෂාන්ස් 1001 වේ. විවිධ මුලාශ‍්‍ර වල මෙම තැටියේ ඇතුළත් ගීත 04 පිළිබඳව විවිධාකාරයෙන් සඳහන් කෙරී තිබිණ. එහෙත් අදාළ තැටිය පිරික්සීමේදී එහි සත්‍ය ලෙසම ඇතුළත් වි තිබුනේ ගීත 03 කි.

01 නීල දෑස පුරා …සිහින් ලෙවෙන් පෙරා (කරුණාරත්න අබේසේකර)

02 අද අමුතුම රැයකි ..හොඳ සීතල පැයකි….(කරුණාරත්න අබේසේකර)

03 මල්සර මල් දුන්නේ…(කරුණාරත්න අබේසේකර)

04 බයිලා අනුවාදයක් 

————————–

දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට…

නුගරුකක් වෙමින් උතුරා යන විඩාවට…

පිපි මලක් වුනා මල් නොපිපුණු තටාකෙට ….

ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩාමට….

 

අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමඵ ..

හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුඵ සුඵ ….

තිගැස්සි වෙමින් ඔබ විය යුතුද බියසුඵ …

දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුනඵ ….

——————

නිෂ්පාදනය – ලංකා ගුවන් විදුලිය.
වසර – 1972 පමන

———————–

ඊට අමතරව එවකට ’තිලකසිරි රත්නායක’ වැනි ආධුනික ශීල්පීන් එකරැයින් ජනප‍්‍රසාදය හිනිපෙත්ත වෙත ඔසවා තැබූ

තුංමංසල ලග බලා සිටින්නෙමි (උපාලි ධනවල විතාන)

සුමුදු රටා එපා ළඳේ (උපාලි ධනවල විතාන)
 

ගුවන් විදුලි සහ සිනමා ගීයෙන් රසික හදවත් මෝහණය කල ඉන්ද‍්‍රානි විජයබන්ඩාර වෙළඳ තැටි ගී කලාවෙන් මතුවු

පුරා හඳේ සිනා වගේ (ධර්මසිරි ගමගේ)

ආවේ ආවේ බයෙන් වගේ (ධර්මසිරි ගමගේ)

හිරෝෂිමා පුරවරයේ මල් යායේ (කේ ඩි කේ ධර්මවර්ධන)

මේ දෑස මාගේ (ධර්මසිරි ගමගේ)
 

’දයාරත්න රණතුංග – නිලා වික‍්‍රමසිංහ’ නම් වු ප‍්‍රවිණයන් වෙළඳ ගී තැටියෙන් පුනරාගමනය කල

පෙම් සිළිලාරේ තුන්සිත විහිදී (කරුණාරත්න අබේසේකර)

හිමිදිරියේ හිරු එළියට (උපාලි ධනවල විතාන)

උදුම්බරා මනාලියේ රුවින් උතුම් (උපාලි ධනවලවිතාන)

50 දශකයේ රිදිතිරයේ  මතු වු නැවුම්  පෙම්ගීහඬ ලතා වල්පොළ ගී තැටි කලාවෙන් හැඩකල

සංසාරේ පතා ආවේ පෙම්බරා ගේ ලෝකේ (චිත‍්‍රානන්ද අබේසේකර)

මල්සර හිනැහෙන්නේ සත්සර නදදෙන්නේ (කරුණාරත්න අබේසේකර)
 

පන්ඩිත් අමරදේවයන් ද රසයෙන් මත්කල


පාවෙලා නිල් වළාවේ නදී තලාවේ (කුලරත්න ආරියවංශ)
රෑ දුරැ රට හිම වරැසා (අජන්තා රණසිංහ)

ඔහුගේ සත්සරයෙන් හැඩවෙද්දී, යෞවනයන්ගේ සිහින ගී කිරුඵ දැරූ පේ‍්‍රමණීය හඬ ’මිල්ටන් මල්ලවාරච්චි’ ද විය.

සිනාරැල්ල සිසි කිරණේ (චිත‍්‍රානන්ද අබේසේකර)

පෙර එක දවසක සඳ නැති සවසක (උපාලි ධනවල විතාන)

ඔබ දැන් කීවත් කදුඵ සලා (චිත‍්‍රානන්ද අබේසේකර)

දෙනෝ දහස් ගැවසෙන සරසවියේ (විජය රාමණායක)

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල් (බන්ඩාර කේ විජේතුංග)

නීල දෑස දෑසේ සතපාලා (උපාලි ධනවල විතාන)

අප එක පදෙසක නිවසන්නේ (කේ ඩි කේ ධර්මවර්ධන)

මා නුවන් හඬවා (කේ ඩි කේ ධර්මවර්ධන)

ඔබේ සිනාවේ සිනා ඉනාවේ (කේ ඩි කේ ධර්මවර්ධන)

——————————-

ඔබේ සිනාවේ …සිනා ඉනාවේ…

හැගුම් රැඳි ආවේ මත් විහගුන් වාගේ …

ලැගුම් සොයාවි සොයාවි……………..

————————

ලේබලය – ජෙම්ටෝන්

ගී පද – නැසිගිය කේ ඩි කේ ධර්මවර්ධන

වසර – 1974 පමණ

සරත් දසනායකයන් පෙරදිග සංගීතයේ මෙන්ම බටහිර සංගීත ශීල්පියෝපක‍්‍රම ඉතා හොඳින් හදාරා ඒවා මනාව ග‍්‍රහනය කරගනු ලැබුවා පමණක් නොව ඉතා හුරුබුහුටි ලෙසත්, චමත්කාර ජනක ලෙසත් ඒවා සිය නිර්මාණ හරහා ජනගත කරනන්ට යෙදුනු බවට ඉහත ශ‍්‍රවණය කරන්නට ඉදිරිපත් කොට ඇති ගීත රසවින්දනයෙන්, මනා ලෙස වටහගත හැක්කේය.

ඔහුගේ සංගීත නිර්මාණ ඉතා හොඳින් දෙසවන,හිස,ගෙල, බාහු, පාද, වටොර කාන්තිමත් ආභරනයන්ගෙන් සරසා ගත් උඩරට මනාලියක් වැන්න, ඒ කෙසේද යත්, ඒවා රසයෙන් අනූනය, මිහිරි වන්නේ තනුවෙන් පමණක් නොව, මුසුකොට ඇති අන්තර් – ආමුඛ සංගීත ඛන්ඩයන්ගේද රසපූර්ණත්වයෙනි. කිසිවෙකුට හෝ කිසිම අයුරකින් ඔහු තම, එක්තරා සංගීත ආරකට පමණක් ඇබ්බැහි වූ, නිපුනතාවයක් දැක්වූ, නිර්මාණකරුවෙකු ලෙස ලඝුකොට තබන්නට ඔහු ඉඩ තැබුවේ නැති බවට නිදසුන් එමටය. මෙම ලිපිමාලාවේ මතු දැක්වෙන විවිධාකාර වු ගීත ශ‍්‍රවණයේදී ඒය පසක් කොට ගත හැකි වනවා ඇත.

 

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා ……………

රන් වළල්ල අතේ දමාලා …………….

ඉගක් නළෝලා හදක් නළෝලා ….

ආවේ රන් මැණීකා ………….

 

මල් වැටිච්ච පාට රෙද්ද හරිම ලස්සනයි…..

දකින දකින අයගේ ඇස් පිනයි…..

පරෙවි කිරිල්ලි..වගේ ඉගිල්ලී ….

ඈ යයි මුකුඵ පෙන්වලා …

————–

ගී පද  – අජන්තා රණසිංහ

ලේබලය – සිල්වර්ලයින්

ගැයුම – ඩැල්රීන් ආනෝල්ඩා සූබි

වසර – 1977 පමන

70 දශකයේ ගී පුෂ්පකරණියේ සුපිපි අරවින්දයක් වු ඔහු එසැණීන් යුහුසුඵව නොපමාව සිය කාර්ය භාරය පුඵල්කරගන්නට නොපැකිළිය. සිනමාවෙන් – වෙළඳ තැටියෙන් නතර නොවු ඔහු ගුවන් විදුලි සරළ ගීත නිර්මාණ කලාව වෙත පිවිසිමෙන් එහිද සිය නිසග ප‍්‍රතිභාවය විදහා දැක්විය. ඔහු ගේ ස්වර සංකලනයෙන්ගෙන් එසේ හැඩවැඩ ගැන්වු එකදු ගීතයක් හෝ ශ‍්‍රාවක හද පැහැර නොගත්තේ නම් එය ඉතා විරළ සිදුවිමක් විය. පහත නිදසුන් විමසනු වටී

උදෑසනම පොඩි අපි දිව එනවා  (ලලිත් සිරිවර්ධන ඇතුඵ පිරිස ගැයු ළමා ගීයකි), ගී පද  – ගාමිණි විජේතුංග

කුරුම්බැට්ටි මැසිමේ මගේ (එල්සි රොද‍්‍රිගෝ ළමා ගීය) – අජන්තා රණසිංහ

උක්දඬු දුන්නෙන් උපන්නෙමි (චන්ද‍්‍රිකා සිරිවර්ධන සරළ ගීයකි) – ගී පද – සමන් චන්ද‍්‍රනාත් විරසිංහ

දැයේ නමින් පෙර දිවිදී මගේ දෝතට (චන්ද‍්‍රිකා) – සමන් චන්ද‍්‍රනාත්

සූරිය කුමරුන් වඩින උදෑසන තුන් සිංහලයට (සුජාතා අත්තනායක)  – උපාලි ධනවල විතාන

කුරුල්ලනේ නුඹලගේ සංතෝසය මදකට අපට දියෝ (ඉන්ද‍්‍රානි පෙරේරා  – මල්ලිකා සහ අයිරාංගනී* – කරුණාරත්න අබේසේකර

සඳ කිඳුරි මා සඳ කිඳුරි – (ඉන්ද‍්‍රානී පෙරේරා) – සුනිල් ආරියරත්න

වසර ගනන් ඇසුරේ සිටියත්  – (ඉන්ද‍්‍රානී පෙරේරා) – ධර්ම ශ‍්‍රී වික‍්‍රමසිංහ

රැ පැල් රකින කුරහන් පැහෙනා හේනේ – (අබේවර්ධන බාලසූරිය සමග ත්‍යාගා එන් එඩ්වර්ඩ්) – අජන්තා රණසිංහ

ආදරයෙන් මා හද වට එතෙන ලතා  – (අබේවර්ධන බාලසූරිය)- කුලරත්න ආරියවංශ මංගල ගී පද රචනය. 

දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට   (ජෝති – ගුවන් විදුලි ගී) ගී පද කරුණාරත්න අබේසේකර

අනන්ත සුදුරළ රැුලි විසිරෙයි (ජෝති  – ගුවන් විදුලි) – කරුණාරත්න අබේසේකර

රතු මල් ගවුමට ලස්සන වැටුනා (ඉන්ද්රානී  – ගුවන් විදුලි ගී) – ඩොනල්ඩ් අයිවන්

නිවන් පුරට යන ගමනේ සහන් එළිය දෙන ගමනේ (සුජාතා අත්තනායක* – අජන්තා රණසිංහ

රන්ඩු වෙවි යාඵ වෙවි දුවපැන වතු මිදුලේ (චන්ද‍්‍රිකා සිරිවර්ධන සහ සුනිල් සිරිවර්ධන) – සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ

නවමිනි රන්මුතු ඇත පිරිලා (ජෝති – ගුවන් විදුලි) – කරුණාරත්න අබේසේකර

——————————-

උක්දඬ දුන්නෙන් උපන්නෙමි…..

මල් මල් උයනක වෙසෙන්නෙමි…

රැ සඳ ලෙස හිනැහෙන්නෙමි…

මමයි අප්සරාවි……


සුමධුර ගීත ගායාලා…

ඔබටයි අමතන්නේ …

මා හද මල් බඳුනේ….

පෙම්මල හිනැහෙන්නේ …

එදා ඔහු විසින් රසගන්වන්නට යෙදුනු නිර්මාණ එදා ලෙසම එහි නැවුම් නොඉඳුල් ස්වරූපයෙන් ඇතැම් අවස්ථාවන්හිදී සම්පුර්ණවද, ඇතැම් විට ලුහුඬින්ද ශ‍්‍රවණය කරන්නට යෙදුනු සංගීත කලාව පිළීබඳව අවබෝධයක් ලද නොලද සියඵ රසිකයන්හට ’සරත් දසනායක සංගීත භාවිතය’ පිළිබදව යම් නිශ්චිත නිගමනයන්ට එළෙඹෙන්නට අවස්ථාවක් ලබන්නට ඇත. ඔහු පිළිබඳව අත්නොහැර, කිවයුතු දෑ බොහෝය එබැවින්……………………

———————————(සරත් දසනායක ගී මියැසි රාවයේ මහිමය මෙතැන් සිට ඉදිරියට මතු දිනයකදී……)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • සංගීත් නිපුන් මහචාර්ය සනත් නන්දසිරි ගුවන් විදුලි නිර්මාණ යුගය – 70 දශක‍යේ අතීතාවර්ජනා………..

    සංගීත් නිපුන් මහචාර්ය සනත් නන්දසිරි ගුවන් විදුලි නිර්මාණ යුගය – 70 දශක‍යේ අතීතාවර්ජනා………..

    August 14, 2022
  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved