එම් කේ රොක්සාමි තැනූ අම මී ගි බිඳු – 02
ගුවන් විදුලි සරළ ගීයෙන් ඔබ්බට සිය ප‍්‍රතිභාව මෙහෙයවන්නට අසමත් ව මිළිණව සැගව ගිය ගායන ශිල්පීන් අතර ’ජේ ඒ ධර්මරත්න’ නම් වූ නාමය ද සටහන් වේ. ඔහු එදවස 70 දශකයේ ගැයු ගී අතර අදද එදා ශ‍්‍රාවක දනන් සිත් පැහැර ගත් නාද රටාවක් පෙළගැස්වූයේ ’රොක්සාමි’ විසිනි.
කඩන්න බැරි මල් පිපුණට නැහැ ළතවෙන්නේ ………..
දිගු දෑතක පහස ලබා පෙති සැඵනාවේ …………..
(ඩබ්ලිව් විල්ෆ‍්‍රඩ් සිල්වා )
මිල්ටන් මල්ලවාරච්චි නමින් පිබිඳි විකසිත වෙමින් පැවති ගායන පෞරුෂය වෙනුවෙන් නොපැකිළිව අත හිත දුන් ඔහු මිල්ටන් නමින් එළිදුටු වෙළඳ ගී තැටියක් උදෙස මියැසි වෙණ නද මැව්වේය.
පායා ආ සඳ අඳුරු වළාවෙන් ………….
මා ඉදිරියෙදිම වැසුනා ……………..
සෝකය තාපය පාඵව අතරේ ………….
ඉකිබිඳ හැඩුවා ඇසුනා …………………..
(කරුණාරත්න අබේසේකර)
ගමනේ ගිම්නිවු එදා ………..
සැනසුම් පවන් සළා …………..
ඔබ මා දවයි දිවා ? ………….
හද සෝ සුසුම් හෙළා …………
(කරුණාරත්න අබේසේකර)
මිල්ටන් ගුවන් විදුලි සරළ ගීතාවලිය ශ‍්‍රාවක දෙසවන් පිනවනු වස් මතු වූයේ 70 දශකයේ මුල් යුගයේදීය. එහිදී ’රොක්සාමි සංගීතවේදියා’ මතුකළ රසොඝයයි මේ.
මධුමල ලෙස මුදු මගේ ප‍්‍රියාදර මිහිරාවිය වෙතටයි………….
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි………………..
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති හැම දේ……….
පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි……
(කරුණාරත්න අබේසේකර)
70 දශකයේ ඉතා තරගකාරීව පැවතී ගීත කලා ක්‍ෂේත‍්‍රයේ දී යම්කිසි අධුනික ගායන ශිල්පියෙකු හට මතුවි සිය නාමය ශ‍්‍රාවක හදවත් හී නිත්‍යව ලැගුම් ගන්වන්නට තරම් අවස්ථාවක් ලැබීම අසිරිමත් සිදුවිමකි. ’විජේසිරිවර්ධන පොළොන්නෝවිට’ නමින් වු ඔහු ලංකා ගුවන් විදුලිය තුලින් විකසිත වූ මුල්ම ගීතය, වෙනුවෙන් සංගීත සංයෝජනයෙන් සහය වූයේ ’රොක්සාමි සංගීතවේදියාණන්ය. ’කේ ඩි කේ ධර්මවර්ධන’ නම් ප‍්‍රවිණයාගේ නැවුම් අදහසක් රැගත් ගී පදවැලක් හිමිකරගන්නට එදා ඔහු වරම් ලද්දේය.
’උණ පඳුරක මල් පිපිලා……………’
’ඔබේ පෙමත් ඒ වාගේ…………….’
’මලක් පිපි පෙති හැළිලා …………’
’ඔබේ පෙමත් ඒ වාගේ ……………..’
(තනුව ගායකයා සතුබව කියැවේ)
එකී දශකයේ උදාව සමගින් ’ගුවන් විදුලිය’ ඔස්සේ මතුවෙමින් පැවති යොවුන් ගායක ගායිකාවන් අතර ප‍්‍රමුඛයා ’ප‍්‍රියා සූරියසේන’ ලෙස හඳුන්වාදීම අසාධාරණ නොවනු ඇත. මක් නිසාද යත් එදා ඔහු ගැයු ගීත අතගැලි ගණනකට අඩු සංඛ්‍යාවක් හැරුනුවිට අන් සියඵ ගී නොමද ශ‍්‍රාවක අවධානයටත් ඇගයීමටත් ලක් වු බැවිනි. ඒ අතරින් ’ප‍්‍රියා සුරියසේන’ නම් වු අති දක්‍ෂ තනු නිර්මාපකයා සංගීත සංයෝජකයා අතරින් ද ’රොක්සාමී’ නිර්මාණයක් හමු වෙි.
සරතැස නිවා ……….
දිවි කතරේ ……..
ඔබ හමුවුනා මට සොඳුරේ…………
දිය ගලනා උල්පත් මවා මවා…..
(පේ‍්‍රමකීර්ති ද අල්විස් පබැඳුම)
’වෙළඳ තැටි’ නිපැයුම්කරුවන්ගේ ඒකායන අරමුණ ’අලෙවි වාර්තා පිහිටුවා ඇල්බමය විකිණිමයි’ යන ආදර්ශ පාඨය මනාසේ දැන හැඳිනගත් ’රොක්සාමි’ ඒ අරමුණ නිසි ලෙස සපුරාගන්නට හැකි වන සේ සිය නිර්මාණ කෞෂල්‍යය මෙහෙයවීමට වග බලා ගත්තේය.
බටහිර තුර්ය නාද සහ වේගරිද්මය ඊට නිසි පමණින් නිසිකලට මුසුකලේය. ’ෆීලික්ස් ඇන්ටන්’ නම් ගුවන් විදුලි ශිල්පියා ගේ නමින් ඇසුණු ගි අතර පෙරමුණගත් මේ නිර්මාණය සළකනු වටී.
නෙත පිනන රුසිරු වත ඔබේ…………….
සිත එකගකරන සිත ඔබේ…………..
රන් දිමුතු මුතුද ලග තිබේ…………
මගේ සියඵ දෙයම මතු ඔබේ…………..
(පේ‍්‍රමකිර්ති ද අල්විස්)
මෙසේ 70 දශකයේ මධ්‍ය භාගයට එළඹෙද්දී ගී ශ‍්‍රාවක උන්මාදය ද උච්චස්ථානයට එළඹෙයේය. ගුවන් විදුලියේ අසීරූ මාවත මගහරිමින් ගීත ලොවට පිවිසෙන්නට වරම් පෑතූ නව ගායක ගායිකාවන් වෙළඳ තැටි ව්‍යාපාරිකයන්ගේ සරණ පැතුහ. ’මරියසෙල් ගුණතිලක’ නම් වූ යෞවනිය පැතුම් පිරූවේ ’වේගරිද්මයේ ශ‍්‍රාවකයන් මුසපත් කරන්නටය’. ’රොක්සාමි’ සංගීතවේදියා එය මනාව අවබෝධකරගත්තේය. ප‍්‍රබුද්ධ ගී රසය නොරිසි ශ‍්‍රාවක සමාජය පවා ’යුග යුග යළි යළි රස මිහිරෙන් මන්මත් වන’ තනු නාදරටා ඔහු සතුව නොමදව තිබිනි. අරුත්සුන් වදන් ඇතුළත් නියමාකාර ’ගී පදමාලාවක්’ නම් යම් කිසිවක් ඇතුළත් නොවු ගීයක් ගායනා කරමින් ඇය එකරැයින් රසිකයන් අතර නමරැන්දූවේ ’රොක්සාමී’ සංගීතවේදියාගේ අපුර්ව රිද්ම රටාවේ බලමහිමයෙනි.
මතු සම්බන්ධයි……..
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…