• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

කාංචනා ගේ අන්දරය – (02 කොටස)

March 20, 2021 by shamilka Prabath Rajasooriya

කාංචනා ගේ අන්දරය – (02 කොටස) – භවතු සබ්බ මංගලම්

ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා මාලා වජිරා පෙරේරා පබැඳූ ගී අතර හමුවෙන සුවිශේෂී නිර්මාණයකි

තම දිවියේ එක්‌වරක්‌ පමණක්‌ අත්විඳිය හැකි අසිරිමත් මොහොතේ එනම් හෙළ කුල සිරිත ලෙස පතිකුලයට යන යුවතිය පෝරුමස්‌තක වු නිමේශයේ ගැයෙන මංගල අෂ්ඨක අතර එන ඉහත පාඨය රැගත් එකම ගී නිර්මාණය එය යැයි අනුමාන කෙරේ

එවක 70 දශකයේ ගුවන් විදුලියේ දේශිය ගී සම්ප්‍රාදයට ප්‍රමුඛත්වයක්‌ ලැබී තිබිණි ඒ අනුව නිපැයුණු වැඩසටහන් අතරින් සිංහල විරිදු ගීත කලාවේ උන්නතිය උදෙසා එයින් සිදුවූ කාර්යභාරය ද සුඵකොට තැකිය නොහේ

ඒ අනුව ශ්‍රාවකයා අතරට සපැමිණි ශිල්පීන් වූ දයා නෙල්ලම්පිටිය සේන ෆොන්සේකා ට පසුව කියෑවුනේ ශිලා පරණමානගේ නාමයයි

Daya Nellampitiya
Daya Nellampitiya
Sena Fonseka
Sena Fonseka
Sheela Paranamanage
Sheela Paranamanage

ඇයගේ ශිල්පීය දක්‍ෂතාව ඉන් ඔබ්බට විහිදවාලන්නට අතහිත දුන් ඒ ගීතය සම්බන්ධයෙන් මාලා වජිරා පෙරේරා දොඩමඵ වුයේ මෙසේය

ඕකේ මෙලඩි එක හැදුවේ අපේ ආයතනයේ සේවය කරපු බොහෝම දක්‍ෂයෙක්‌ එයා තමයි සරත් බාලසූරිය

Sarath Balasooriya

එතකොට අපි පදිංචිවෙල හිටපු මහරගම ගෙදරට ඇවිත් පදමාලාව මගෙන් ඉල්ලාගත්තා

ආලින්දයේ පුටු සෙට්‌ එකේ වාඩිවෙලා එයා අතින් මේසයට තට්‌ටු කර කර කොල කෑල්ලක ඒවා සටහන් කරනවා මං බලාගෙන

ඒ වගේ පුදුම හැකියාවක්‌ තිබුණු කෙනෙක්‌ මට මුණගැසුනාමයි

එයා හදපු මියුසික්‌ නිසා ඒකත් බොහොම ඉක්‌මනට ජනප්‍රිය වුනා කියලයි මම හිතන්නේ

සරත් බාලසූරිය අපේ සංගීතවේදියා ත් මේ වෙලාවේ මා ගෞරවයෙන් සිහිපත් කරනවා

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • සංගීත් නිපුන් මහචාර්ය සනත් නන්දසිරි ගුවන් විදුලි නිර්මාණ යුගය – 70 දශක‍යේ අතීතාවර්ජනා………..

    සංගීත් නිපුන් මහචාර්ය සනත් නන්දසිරි ගුවන් විදුලි නිර්මාණ යුගය – 70 දශක‍යේ අතීතාවර්ජනා………..

    August 14, 2022
  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved