• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ඇයයි සදාතනික පොප් ගී රැජිනිය හෙල ගී විජිතයේ – 1969 – 1989 තැටි -කැසට් – ගුවන් විදුලි ගී – 03

April 26, 2020 by shamilka Indrani Perera, Prabath Rajasooriya

එසේ අහසේ සැරිසරනා සියොතුන් මෙන්ම මියෑසි ශීල්ප කලාවේ තමන්ද රාමුගතව කොටුව හිඳින්නට නොරිසි බව යළිත් පසක්‌ කරන්නට ඇය පසුබට නොවිය ගීත කලාවේ තිරයෙන් පිටුපස හිඳිමින් දැවැන්ත කාර්ය භාරයක යෙදී ඒවා රසික සවන් පත් අතරට සුපැහැදිලිව ගෙන යනු පිණිස කැපවන ශිල්පීන් ගෙන් ප්‍රමුඛමතයා ශබ්ධාගාරයේ මුලාසනය දරා සිටින ඉංජිනේරු තැනය ඒ අතරින් නිතර කියෑවෙන නාමය වු ඩොනල්ඩ් අයිවන් නම් ඔහු සිය සාම්ප්‍රදායික කාර්ය භාරයෙන් මිදී තමන්ද සහෘද රසිකයෙකු ගී පද සාහිත කලාවේ දැනුමැත්තෙකු බව තහවුරු කලේ මෙලෙසිනි

රතුමල් ගවුමට  – ලස්‌සන වැටුනා…….

පොඩි සමණළියට  – අත්තටු ලැබුනා……

ඔබේ මුව පොඩියට – සිනා පුරෝගෙන…….

මා වෙත ඉගිලී එන්න දුවේ…………

—————————-

පද- නාද මැවිසුරු ඩොනල්ඩ් අයිවන්

නද – සරත් දසනායක

——————————-

සිංහල ගීතය ඇතුඵ සකල සාහිත කලාවේ ස්‌වර්ණවර්ණ යුගය වු 70 දශකයේ අටවැනි වසර ගෙවීයමින් තිබියදී ඉන්ද්‍රාණි ගී සැරසර චාරිකා සටහන් පෙළේ නව පරිච්ජේදයක්‌ ඇරඹෙන්නට කටයුතු සම්පාදනය වෙමින් තිබිණි

සිනමාලෝලීන් ගීතලෝලීන් උන්මාදනයට පත්කල කැළැහඳ සිනමා සිත්තම දොරට වැඩීමේ 25 වන සංවත්සරය යෙදී තිබුනේ මේ වසරටය හෙළ සිනමා ගී රැජිනිය වු රුක්‌මණි දේවි  – මොහිදීන් බෙග් සිනමා යුග ගී සරණියේ නොමැකෙන සැමරුම් සනිටුහන් කල කැළෑහඳ ඒ නමින් පළවු නවකථාව ඇසුරෙන් නිර්මාණය කෙරිණී මහගත්කතුවර ඩබ්ලිව් ඒ සිල්වා නවකථාවේදීද බී ඒ ඩබ්ලිව් ජයමාන්න සිනමා පටයේදීද කර්තෘත්වය හෙබවුහ

වෙළඳ තැටි ගී කලාවේ ප්‍රකට සන්නාමයක්‌ වු ආර්ටෙක්‌ ලේබලයේ නිර්මාතෘ අජන්තා විජේසේනගේ නව සංකල්පයක්‌ අනුව රුක්‌මණි දේවිය ගේ අතිශය ජනප්‍රිය ගී තෝරා ඒවා ඉන්ද්‍රාණි – ක්‌ලැරන්ස්‌ ගේ හඞින් ද ඊට සමගාමිව ඉන්ද්‍රාණි  ගේ ගීත ගීත කෝකිලාවි රුක්‌මණි ලවා ද ගයනා කරවිමට කටයුතු පිළියෙළ කරමින් පැවතියේය

එහි මුල් අදියර සාර්ථක වී කැළැහඳේ රජත ජයන්තිය ගෙවෙද්දී එහි ගීත පෙළ යෞවනයේ ගී ලොවේ සිහින කුමරු ක්‌ලැරන්ස්‌ සහ ඉන්ද්‍රාණි ගේ හඩින් ගැයිනි දෙවැනි අදියර දියත් වන්නට පෙරාතුවම රුක්‌මණි දේවිය අනපේක්‍ෂිතව සිය මෙළොව දිවිය හමාර කළාය

දෙවා ගිනි මවා ලු  – මගේ හෘදයේ…….

ගියාදෝ අනේ මා – දමාලා ප්‍රියේ…..

රජානෙනි ඔබේ මා – පෙම් රාජා මාගේ…….

ගියාදෝ අනේ මා  – දමාලා ප්‍රියේ………

———————–
පද – නැසිගිය හර්බට්‌ එම් සෙනවිරත්න

ගැයුම – රුක්‌මණී දේවි (කැළෑහඳ වෙනුවෙන්)

නාද මුසුව – එස්‌ එස්‌ වේදා (කැළෑහඳ සිනමා පටයේදී)

නව ගැයුම – ඉන්ද්‍රාණි පෙරේරා (ආර්ටෙක්‌ ලේබලය)

නව නාද මුසුව – ක්‌ලැරන්ස්‌ විජේවර්ධන
———————————–

50 දශකයේ රසිකයන් මන්මත් කල ගීත වෙනත් ශීල්පීන් ගේ නමින් ප්‍රතිනිර්මාණය වීමේ ප්‍රවණතාවය දියත් වුයේ 70 දශකයේදීය එය ඉන්පසු දශකයේ වඩා ප්‍රකට ව  1990 දශකයට පිවිසෙද්දී ඇතිවු සංස්‌කෘතික  – දේශපාලනික – ආර්ථික යුග පෙරළිය විසින් වඩ වඩාත් පැතිර ගියේ  මුල් ගී විසල් ගණනක අනන්‍යතාවය බිඳහෙලමිනි

ඇය

අන්න  සුදෝ අර පාට වළා  – සන්ධ්‍යා මේ විනෝදේ ප්‍රිති කෙරේ””””’

ඔහු

නැළවේවි ආදර සුවඳ වැදී  – යස ඕලූ පිපිලා නීල ජලේ ”””””

———————–
පද – නැසිගිය හර්බට්‌ එම් සෙනවිරත්න

ගැයුම – රුක්‌මණී දේවි සහ මොහිදීන් බෙග් (කැළෑහඳ වෙනුවෙන්)

නාද මුසුව – එස්‌ එස්‌ වේදා (කැළෑහඳ සිනමා පටයේදී)

නව ගැයුම – ඉන්ද්‍රාණි පෙරේරා සහ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන (ආර්ටෙක්‌ ලේබලය)

නව නාද මුසුව – ක්‌ලැරන්ස්‌ විජේවර්ධන

වසර – 1978

———————————–

ලාංකීය ගීත කලාව 80 දශකය පිවිසුනේ තැටි තාක්‍ෂණය ක්‍රමයෙන් වියෑකී එය ඊට වඩා හුරුබුහුටි අතේ ගෙනයා හැකි කුඩා ප්‍රමාණයේ කැසටයක එතුනු  චුම්බක පටි කර්මාන්තය හිස ඔසවද්දීය යොවුන් මදයෙන් කුල්මත් වී එකට එක්‌වි ගීත ගැයු එකම පවුලේ සහෝදර සහෝදරියන් හා මිතුරන් ගෙන් සැදුම් ලත්  කන්ඩායම් ගී ශිල්පීන් සිය යොවුන් වියට සමුදෙමින් විවහ දිවියට එළඹෙද්දී එකිනෙකා විසිරි ගියහ ත්‍රී සිස්‌ටර්ස්‌ සාමාජිකාවන්ද ක්‍රියාශීලි බවින් දුරස්‌වෙද්දී ඉන්ද්‍රාණි පෙරේරා කැසට්‌ ගී නිර්මාණ ද එළිදුටුවේය

සංගීතඥ ස්‌ටැන්ලි පීරිස්‌ ද නවක ශිල්පී සංගීතඥ රෝහණ වීරසිංහ ද ඇගේ පසුකාලීන නිර්මාණයන් සඳහා සත්සර රටා මැවිය

ඉර මුදුනේ  – ගිරවුන්නේ කළබලේ……..

සඳ මුදුනේ  – සාවුන්නේ කළබලේ……..

මනමාලියන් – මනමාලයන්………

සුභ මේ නැකතේ හරි කලබලේ……….
———————–
පද – මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව – ආචාර්ය රෝහණ වීරසිංහ

වසර – 1980 පමණ
———————————–

විසිඑක්‌වැනි සියවසේ හෙළ ගී සාහිත්‍යයේ – මියෑසියේ අවරගිර එළඹීදෝ ගොම්මන් අඳුරින් වැසි යද්දී  ඇය ද ඇගේ සමකාලිනයන් බොහෙමයක්‌ ගත් මග පියනගමින් එයින් දුරස්‌ වුවාය

පාසල් සිසුවියක්‌ වු ඇයගේ ගී රස චාරිකාව ඇරඹෙද්දී දෙටු සොයුරිය මල්ලිකා එහි දසවස පසුකරමින් සිටියාය ඒ වනවිට ඇය ජී ඩී එල් පෙරේරා ගේ කලාපෙළ සාමාජිකාවක්‌ව ඔහුගේ සාමා සිනමා සිත්තම රසගන්වා සයවසක්‌ පමණ ගතවි තිබිණි

වනන්තරේ ගල් අරණේ විමානේට………

නිරන්තරේ යන ගමනේ විඩාවට………

—————————
පද – ප්‍රවිණ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා

තනු – සංගීවේදී ජයතිස්‌ස අලහකෝන්

සිනමා පටය – සාමා

———————————

දිවිගමනේ මැදිවිය ගෙවීයද්දී අදින් පන්තිස්‌වසකට ද පෙර ඈත යුගයකදී සිය මනුලොව චාරිකාව නිමවා නික්‌ම ගියාය

ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා සිය සොයුරි අයිරාංගනී හා ලග රැඳෙමින් සිය  අතීත රස මියුරු ගීතාවලියේ මෙවන් රසමුසු තැන් සිහිකරමින් දොඩමඵ වන්නීය

රසික අප හදවත් සත්සර රසයෙන් මුසපත් කල පින් මහිමයෙන් ඔවුන් දෙදෙන වෙත අයුරාරෝග සම්පත් පතමු

—————–          සමාප්තයි   ———————-

ප්‍රණාම පුර්වක ස්‌තුතිය -ප්‍රවිණ ගායන ශීල්පිණි ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය වෙත)

එදා ඇසුණු ගී – 2018 නොවැම්බර්

~සටහන් පෙළගැස්ම‍~
Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • Punya Heendeniya and the cinema of femininity

    Punya Heendeniya and the cinema of femininity

    August 7, 2022
  • සරත් දසනායක ගී මධු කුසලානය – 02

    සරත් දසනායක ගී මධු කුසලානය – 02

    July 24, 2022
  • Tribute to Wally Bastiansz

    Tribute to Wally Bastiansz

    July 10, 2022
  • පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    පී එල් ඒ සෝමපාල සිනමා ගී ඔවිල්ල

    July 3, 2022
  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved