• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ලා බම්බාස්

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

1964 වර්ෂයේ එක් දිනක මොරටුවේ බෞද්ධ ශාලාවේ “ලා සිලෝනියන්ස්” සංගීත කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක් නැරඹූ බ්‍රයන් ප්‍රනාන්දුගේ ඒකායන අරමුණ වූයේ එම ශෛලියේ නව සංගීත කණ්ඩායමක් බිහි කිරීමයි.ඔහු මේ වන විටත් “වැම්පයර්ස්” (Vampires) නම් සංගීත කණ්ඩායමක කොන්ගෝ ඩ්‍රම්ස් වාදකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

සංගීතය සඳහා නිපුණත්වයක් දැක්වූ ඔහුගේ බෑනා කෙනෙකු වූ ප්‍රියා සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ පාසල් මිතුරන් කිහිපදෙනෙකු හා එක්ව ඔහු නව සංගීත කණ්ඩායමක් ඇරඹීය. ඔවුන් එකතුව “ඔබ්සර්වර් ටැලන්ට් කන්ටෙස්ට්” (Observer Talent Contest) නම් වැඩසටහන සඳහා අයදුම් කළේය. එහි කුසළතා පරීක්ෂණය මිග්නෝන් රත්නම් සහ “ජෙට්ලයිනර්ස්” විසින් කොළඹ ලුවිස් බ්‍රවුන් ශබ්දාගාරයේ පැවැත්වුණ අතර බ්‍රයන් (ඩ්‍රම්ස්), ප්‍රියා (රිදම් ගිටාරය), රොලින්සන් (ලීඩ් ගිටාරය) සහ ලස්ලා (බොක්ස් ගිටාරය) යන සාමාජිකයන්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම එම පරීක්ෂණයෙන් සමත් විය.

මෙම කණ්ඩායමට “ලා බම්බාස්” ලෙස නම් තබන ලද්දේ 60 දශකයේ එම නමින් ස්පාඤ්ඤ ගීතයක් අතිශය ප්‍රසිද්ධව තිබූ බැවිනි.

ඔවුන් ප්‍රථම වරට වේදිකාවට ගොඩවන්නේ ගාලු මුවදොර හෝටලයේ “කොකනට් ගෲව්” (Coconut Grove) රත්‍රී සමාජ ශාලාවේදීය. එහිදී ඔවුහු “පෝය දා”, “මැණිකා” වැනි ස්ව නිර්මාණ ගීත ගායනා කළහ.එහෙත් මෙලෙස ඔවුන් ලබා ගත් ආරම්භය එතරම් ශුභ දායී නොවිණි. බතික් සරම ඇඳ පන් තොප්පි දමා දේශීය පන්නයට සැරසුනු ඔවුන්ගේ ගායන ශෛලිය එහි සිටි බටහිර ගීත වලට ප්‍රිය කළ විදශිකයන්ගෙන් ප්‍රතික්ෂේප විය. නමුදු මෙම මාවත කෙසේ හෝ ජය ගැනීමේ දැඩි අදිටනක් ඔවුන් සතු විය.

සංගීත ගමනේ ආරම්භය

“ලා බම්බාස්” කණ්ඩායමේ කුළුඳුල් ගී තැටිය නිකුත් වන්නේ “ඔරියෙන්ටල් මියුසිකල් ස්ටෝර්ස්” (Oriental Musical Stores) හි පැරඩයිස් ලේබලය යටතේය.”සමන්මලී”, “අත සරසන්න”, “හඳ පානේ” සහ ” නෙළුම් විලේ” යන ගීත ඊට එතුළත් විය. “නෙළුම් විලේ” ගීතය යුග ගායනක් වූ අතර ක්‍රිස්ටීන් ගුණවර්ධන ගායිකාව ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ එම ගීතයෙනි.

පසුව සංගීත කණ්ඩායමට නව සාමාජිකයන් එක්විය. එරිංටන් මන්ද්‍ර ස්වර වාද්‍ය භාණ්ඩ  සහ රිද්ම-තාල වාද්‍ය භාණ්ඩ (Bass/rhythm instruments) (ගුයිරෝ සහ මරාකස්) වැයූ අතර අතිමන්ද්‍ර ස්වරයෙන් හෙවත් බැරිටෝනයෙන් (Vocal baritone) ගායනා කළේය. එමෙන්ම මල්සිරි සමාඝාත ප්‍රයෝග (percussive effects) ගීත වලට එක් කළේය.

සංගීත ගමන

“ලා බම්බාස්” ඊපී ඇල්බම (EP Albums) තුනක් තැටිගත කළේය. ඔවුන්ගේ දෙවන ගීත පටිගත කිරීම සිදුවූයේ 1970 දී ගෞරි සංස්ථාවේ ෆිලිප්ස් ලේබලය යටතේය. මෙය ගී සතරකින් සමන්විත වූවකි. එස්ටෙල් ගුණසේකර ක්ෂේත්‍රයට හඳුන්වා දීම සිදුවන්නේද මේ හරහාය.

1971 වසරේදී තුන්වන ඇල්බමය “කොක්-අ-ඩුඩ්ල්-ඩූ” (Cock-A-Doodle-Do) නමින් සූරිය ලේබලය යටතේ නිකුත් කරනු ලබයි. එය “ලා බම්බාස්” ජනප්‍රියත්වයේ අග්‍රස්ථානයටම කැඳවාගෙන යයි.

https://sooriya.lk/wp-content/uploads/2018/11/72-Cock-A-Doodle-do.mp3

ආරම්භයේදී මෙම “කොක්-අ-ඩුඩ්ල්-ඩූ” ගීතය දේශපාලනික බලපැම් මත එවකට රේඩියෝ සිලෝන් වූ  ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ප්‍රචාරය නොවූවත් අසීමිත රසික ඉල්ලීම මත එය ගුවන්ගත කිරීමට සිදුවිය.

මෙම ඇල්බම කවරයේ ඇති ඡායාරූපයේ සිටින කුකුළා ඡායාරූපය ගැනීම සඳහා ජෙරල්ඩ් වික්‍රමසූරියගේ නිවසින් හොර රහසින් ගෙනා බව ප්‍රසිද්ධ කතාවකි. කෙසේ වෙතත් ඇසින් දුටුවන් පවසන්නේ කුකුළා ආවේ ජෙරල්ඩ්ගේ අසල්වැසියෙකුගේ නිවසේ සිට බවය.

“Our Singers doing well” Observer Magazine, July 30, 1971
“Our Singers doing well” Observer Magazine, July 30, 1971

මැක්බර්ටන් ලේබලය යටතේ නිකුත් කළ “වෙල්කම් ටු  ශ්‍රී ලංකා” (Welcome to Sri Lanka) නම් වූ ඇල්බමය ඔවුන්ගේ අවසාන ඇල්බමයයි. එහි ප්‍රියා නිර්මාණය කළ “වෙල්කම් ටු සනී ශ්‍රී ලංකා” (Welcome to Sunny Sri Lanka) සහ “ආයුබෝවන්” යන ගීත, බ්‍රයන් නිර්මාණය කළ “නාලී” ගීතය සහ රොලින්සන් විසින් නිර්මිත “මොරටුව” ගීතය අන්තර්ගත විය.

70 සහ 80 දශක වල “ලා බම්බාස්” ඔබරෝයි හෝටලය සමඟ වසර දහහතරක ගිවිසුමක් අත්සන් කළේය. සතියට දින තුනක් එම හෝටලයේ ගී ගැයීම එම ගිවිසුමට අනුව සිදු විය. ඔවුන් මේ වනවිට කෙතරම් ජනප්‍රියත්වයක් ළඟා කරගෙන සිටියේද යත් ශ්‍රී ලංකාවේ රූපවාහිනී පළමු විකාශය සඳහා පෙනී සිටීමටද ඔවුන්ට අවස්ථාව ලැබුණි.

මෙම සංගීත කණ්ඩායමේ සුවිශේෂත්වය වන්නේ ඔවුන් ගැයූ සියලුම ගීත වල පද රචනය,තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය කණ්ඩායම් සාමාජිකයන් අතින්ම සිදු වීමයි.  “නුවරඑළියෙ යන්න”, “නිසල රැයේ”, “වැසිදා”, “ලක් නදී” සහ “පියකරු මාලා” යන ගීත රොලින්සන්ගේ නිර්මාණ වූ අතර “තොටියෝ”, “එක් සැඳැ යාමෙක” සහ “සෙබළ සොයුරා” යන ගීත බ්‍රයන්ගේ නිර්මාණ විය. “නිලුපුල් දෙනෙත”, “නුවර මැණිකෙලා”, “කොක්-අ-ඩුඩ්ල්-ඩූ” සහ “කුරුල්ලන් පියඹලා” යන ගීත නිමාණය වූයේ ප්‍රියා විසිනි.

La Bambas featured most of Sooriya’s live shows – paper advertisements on Weekend and Ceylon Daily News, 1971
La Bambas featured most of Sooriya’s live shows – paper advertisements on Weekend and Ceylon Daily News, 1971

ප්‍රියා විසින් ගැයෙන “අයිලන්ඩ් ඉන් ද සන්” (Island in the Sun) වැනි ඉංග්‍රීසි ගීත ද “ලා බම්බාස්” නිර්මාණය කළේය. “වේකප් ශ්‍රී ලංකා ටු අ නයිස් කප් ඔෆ් ටී” (Wake up Sri Lanka to a Nice Cup of Tea) නමින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වෙනුවෙන් ගැයෙන ගීතයද 1996 දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ  විට ගැයූ “ක්‍රිකට් ලොවේ ජය අපටයි” ගීතයද ඔවුන්ගේ නිර්මාණයන්ය.

ඔවුන්ගේම ගීත ඇරුණු කොට ඔවුහු ස්පාඤ්ඤ, ප්‍රංශ, ඉතාලි සහ හවායන් භාෂා වල ගීත ද ගායනා කළහ.

“ලා බම්බාස්” සංගීත කණ්ඩායමේ අනෙක් සුවිශේෂත්වය වන්නේ ඔවුන් කොටස් තුන හතරකින් සමන්විත සංගත ගායනා ඉදිරිපත් කිරීමයි. බ්‍රයන් ජෑස් ඩ්‍රම්ස් වාදකයෙකි.රොලින්සන් හවායන් සහ ස්පාඤ්ඤ ගිටාර වාදනයෙහිලා දක්ෂ වූ අතර මල්සිරි ෆ්ලෙමින්කෝ ගිටාරය වැයුවේය. මෙවන් කුසළතා පරිපූර්ණ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් “ලා බම්බාස්” සංගීත කණ්ඩායම බොක්ස් ගිටාරයද වයමින් ඉතා කන්කළු සංගත ගීත ගායනා කළහ.

කණ්ඩායම් සාමජිකයන් තවමත් විසිරී නොමැති මුත් 1993 වසරේදී බ්‍රයන් මෙලොවින් සමුගැනීමෙන් පසුව ඔවුන් වේදිකාවට ගොඩවන්නේ කලාතුරකිනි.  

70 දශකයේ ගී ගැයෙන ප්‍රසංග සඳහා ඔවුහු තවමත් සහභාගී වෙති. ඔවුන් අවසන් වරට 2011 වසරේදී සීඩී තැටියක් නිකුත් කළ අතර එය “ද ෆැබියුලස් ලා බම්බාස්” (The Fabulous La Bambas) නම් වෙයි. එම ගීත පටිගත කර ශ්‍රවණ පසු නිෂ්පාදනය (Mastering) කරන ලද්දේ එරන්ජන් සහ විරන්ජන් පෙරේරා යන එරිංටන්ගේ නිවුන් පුතණුවන් දෙදෙනා විසිනි.  

L to R Rollinson, Malsiri, Errinton, Priya, Brian
L to R Rollinson, Malsiri, Errinton, Priya, Brian

පරිවර්තනය :  යශිනි සේනානායක

ගී ඇල්බම

album-art

Cock-A-Doodle-Do

By La Bambas
Release date: 1971
album-art

Los Flamencos La Bambas Original Recordings 1967-75

By La Bambas, Los Flamencos
Release date: 1985
Available now on:
album-art

Kandayam Gee (Hits In Harmony)

By Annesley Malawana, The Dharmaratne Brothers, ධර්මරත්න සහෝදරයො, The Three Sisters, Priya Peiris, The Golden Chimes, La Bambas, The Super Golden Chimes, Los Flamencos
Release date: 1985
album-art

Los Flamencos, La Bambas Original Recordings 1967-75

By Los Flamencos, La Bambas
Release date: 1995
album-art

Kandayam Gee (Hits In Harmony)

By The Moonstones, The Golden Chimes, The Super Golden Chimes, The Three Sisters, The Dharmaratne Brothers, Los Flamencos, La Bambas
Release date: 1995
album-art

The Sooriya Show

By
Release date: 1971

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • No upcoming events scheduled yet. Stay tuned!

ලා බම්බාස්

ආරම්භක වර්ෂය – 1966

ආරම්භක සාමාජිකයන් –
බ්‍රයන් ප්‍රනාන්දු
ප්‍රියා පීරිස්
රොලින්සන් ප්‍රදිනාන්දු
ලස්ලා ප්‍රනාන්දු
එරිංටන් පෙරේරා
මල්සිරි විජේසූරිය

ප්‍රභේදය – කණ්ඩායම් සුසංගති සංගීතය

Previous Artist
ලංකිකා පෙරේරා
Next Artist
ලොස් කැබලරෝස්

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved